Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැට්ටා ට නැමී වැඳ නමස්කාර කරන අයුරු ද? (VIDEO)

    2022-07-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු, නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අපේක්ෂයකයින් කිහිප දෙනෙකු තරඟ කරන බව මේ වන විට දැනුම් වී තිබෙන අතර, වෙනත් ම

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු, නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

    මේ සඳහා අපේක්ෂයකයින් කිහිප දෙනෙකු තරඟ කරන බව මේ වන විට දැනුම් වී තිබෙන අතර, වෙනත් මැතිවරණයක දී මෙන්ම, මෙසේ ජනපති සටහනට ඉදිරිපත්වන පුද්ගලයින් සම්බන්ධයෙන් ද විවිධාකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වන අයුරු දැක ගන්නට ලැබෙනවා.

    අප මෙහි දී කරුණු විමසා සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් මේ ආකාරයට නොමඟ යවන සුළු කෝණයෙන් නිර්මාණය කර තිබු වීඩියෝ සටහන් පෙළක් පිළිබඳවයි

    සමාජ මාධ්‍ය සටහන්:

    “අසරණ පුතාණෝ රැට්ටට වන්දනාවේ” යනුවෙන් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැට්ටා නොහොත් රතිඳු සේනාරත්න ට නැමී වැඳ නමස්කාර කරන බව දක්වමින් වීඩියෝ දර්ශන පෙළක් සහිතව සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    Facebook | Archived    

    බොහෝ දෙනෙක් අතර මෙම වීඩියෝ දර්ශන පෙළ හුවමාරු වූ තවත් අවස්ථා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්

    “රටේ ජනපතිකම භාරගන්න ඉල්ලන මිනිහා ඇයි මේ අරගලකරුවො කියාගන්නා අයට මෙහෙම වදින්නෙ මෙහෙම අයද මේ නායකයො පාලකයො කරන්න පස්සෙන් යන්නෙ” යන තේමාවෙන් ද එම දර්ශන පෙළ හුවමාරු වී තිබුනේ මෙලෙසින් | Archived

    තවත් අවස්ථා කිහිපයක් පහතින්

    වට්සැප් ඔස්සේ ද එම වීඩියෝව බොහෝ දෙනා අතර කෙටි කලක දී හුවමාරු වී තිබු අයුරු මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

    මෙසේ හුවමාරු වන වීඩියෝ දර්ශන පෙළ පරික්ෂා කිරීමේ දී එය, තිරයේ වෙබ්කැම් කැමරාවක් ද සවිකර ඇති පරිඝණකයක වාදනය වන වීඩියෝවක් වෙනත් උපාංගයකින්  නැවත පටිගත කර ලබාගත්තක් බව අනුමාන කරන්නට පුළුවන්. එම අවස්ථාවේ පසුබිමින් වෙනත් දුරකතනයක් ද වීඩියෝව අවසානයේ දැක ගන්නට ලැබෙනවා

    මෙම සිදුවීමට මුල් වූ සිද්ධිය පරීක්ෂා කිරීමේ දී දැක ගන්නට ලැබුණේ, පුරවැසි අරගලය නියෝජනය කරන කණ්ඩායම් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (ජුලි 18 ) පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුව තිබූ බවයි. තමන් හෝ තම පක්ෂය හෝ තම සන්ධානය හෝ කිසිම අවස්ථාවක අරගලයේ ඉල්ලීම් පාවා නොදුන් බවත් ඉදිරියේ දී ත් එලෙස සිදු නොවන බවත් විපක්ෂ නායකතුමා එහි දී පවසා තිබුණා.

    එම අවස්ථාවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන පෙළෙහි දැක්වෙන රැට්ටා (රතිඳු සේනාරත්න) ද සහභාගී වී ඇති අයුරු ඒමේ අවස්ථාවේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප පරීක්ෂාවේ දී පෙනී යනවා.

    කෙසේනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබෙන දර්ශන පිළිබඳ විස්තර ලබා ගැනීමට අප විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් සම්බන්ධ කර ගත්තා.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්

    විපක්ෂ නායක මාධ්‍ය ලේකම් රන්ජිත් කුමාර මහතා කියා සිටියේ පුරවැසි අරගලකරුවන් හමුවීමේ රැස්වීමට භික්ෂූන් වහන්සේලා කිහිප නමක් වැඩම කර සිටි බවත්, අදාළ රැස්වීම අවසන් වූ පසු අවස්ථාවක දී ලබාගත් වීඩියෝ දර්ශන පෙළක්, ඉතාම අශිෂ්ට ලෙස සංස්කරණය කරමින් විපක්ෂ නායක තුමාට එරෙහිව, අමූලික බොරුවක් ජනගත කිරීමට ගත අසාර්ථක, බියගුළු උත්සාහයක් බවත්ය.

    මෙම අවස්ථාවේ විපක්ෂ නායකතුමා සමඟ රැට්ටට දකුණු පැත්තෙන් ස්වාමීන් වහන්සේ නමක් ද සිටින බවත් සජිත් ප්‍රේමදාස වැඳ නමස්කාර කළේ උන්වහන්සේට බවත් පවසමින් අපට එම සිදුවීමට අදාළ මුල් වීඩියෝ දර්ශන ලබාදුන්නා.

    කෝණ දෙකකින් ලබාදුන් එම වීඩියෝ දර්ශන ද පරීක්ෂා කිරීමේ දී ඒවා එකිනෙකට සැසඳෙන බවත් ඉන් එක් වීඩියෝවක්, ඉහත දැක්වූ ආකාරයට යම්කිසි තිරයක වාදනය වීමේ දී , ස්වාමීන් වහන්සේ සිටින පසුබිම් කොටස අතහැර, කොටසක් පමණක් පටිගත කිරීම මඟින් නොමඟ යවන සුළු වීඩියෝ පටය සකසා ඇති බවත් පෙනී යනවා.

    මුල් වීඩියෝවේ කෝණ දෙකකින් ලබාගත් දර්ශන සහ නොමඟ යවන සුළු ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද වීඩියෝ දර්ශන සංසන්දනයක් පහතින්.

    @factcrescendosl

    Did Sajith really worship Ratta? Find out the facts #ratta #sajithpremadasa #sajith

    ♬ original sound – Factcrescendo Sri Lanka – Factcrescendo Sri Lanka

    මෙහි පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහතා නැමී වැඳ නමස්කාර කරන්නේ රැට්ටා ට නොව එහි සිටින ස්වාමීන් වහන්සේ ට බවත් පසුව රැට්ටා ට ද සාමාන්‍ය ලෙස ආචාර කරන බවත් පෙනෙනවා.

    රැට්ටා සහ මෙම අවස්ථාවේ පෙනී සිටින ස්වාමීන් වහන්සේ ද, විපක්ෂ නායක සමඟ පවැති රැස්වීමේ දී ලබාගත් ඡායාරුපයක් පහතින්.

    මෙහිදී ද රැට්ටා පැළඳ සිටින ආකාරය ද (ටි ෂර්ට් සහ කැප් තොප්පිය) සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන වීඩියෝවට බොහෝ සෙයින් සමාන බව ද දැක ගන්නට පුළුවන්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැට්ටා නොහොත් රතිඳු සේනාරත්න ට නැමී වැඳ නමස්කාර කරන බව දක්වමින් හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ලෙස ප්‍රතිනිර්මාණය කර තිබු වීඩියෝවක් බවයි.

    එම අවස්ථාවේ වෙනස් කෝණ දෙකකින් ලබාගත් මුල් දර්ශන පරීක්ෂාවේ දී පැහැදිලි වුනේ එක් මුල් වීඩියෝවක් යම්කිසි තිරයක වාදනය වීමේ දී , ස්වාමීන් වහන්සේ සිටින පසුබිම් කොටස අතහැර, රැට්ටා සහ සජිත් ප්‍රේමදාස මහතා පමණක් පෙනෙන කොටස පමණක් පටිගත කිරීම මඟින් මෙකී ව්‍යාජ වීඩියෝ පටය නිර්මාණය කර ඇති බවත් පෙනී යනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-07-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.