Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමු දුන්න ද?

    2021-06-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නවක ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී රට අතහැර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වීමත් සමග ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබුණා. මෙම පුවත සත්‍යයක් ද යන්න අප කරුණු විමසීමක් සිදු ක

    නවක ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී රට අතහැර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වීමත් සමග ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබුණා. මෙම පුවත සත්‍යයක් ද යන්න අප කරුණු විමසීමක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    Sri Lankan Cricket Fans නම් ෆේස්බුක් පිටුවක පළ වූ සටහනක දක්වා තිබුණේ, ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී ඇමරිකාවට යෑමට සූදානමක්..” යනුවෙනි.

    Facebook | Archived Link

    මෙවැනි සටහන් ක්‍රීඩා ලෝලී සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනයේදී තහවුරු වුණේ සමාජ මාධ්‍යයේ සංසරණය වන සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී විදෙස් ගත වන බවට දක්වා තිබූ සටහන් අසත්‍ය බවයි.

    ඒ සම්බන්ධයෙන් සඳුන් වීරක්කොඩිගේ සිය නිල ෆේස් බුක් පිටුවේද දක්වා තිබුණේ මෙලෙසිනි.

    “මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ  මා ක්‍රීඩා දිවියට සමු දී විදෙස්ගතවීමට සූදානම් බව පැවසෙන අසත්‍ය පුවතක් සංසරණය වෙමින් පවතී.මෙම පුවතෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමි.  එමෙන්ම මා තවදුරටත් මව්බිම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කැපවෙන බවත් මාගේ හැකියාවෙන් හා දක්ෂතාවලින් මව්බිමට තවදුරටත් මාගේ සේවය සැපයීමට අපේක්ෂා කරන බවත් මෙයින් දන්වා සිටිමි.

    ස්තූතියි !”

    Facebook | Archived Link

    දර්ශනප්‍රිය සඳුන් වීරක්කොඩි, මහනුවරින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පෑයූ යොවුන් තරුවකි. ඉනිම තුනකින් යුත් තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළදී එක් අර්ධ ශතකයක්ද වාර්තා කොට ඇති සඳුන්, කඩුලු රකින අතරම පන්දුවට පහර දිය හැකි පිතිකරුවෙකි.

    ශ‍්‍රී ලංකා පිතිකරුවකු ඉතිහාසයේ ලැබු වේගවත්ම ශතකය පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියකදී වාර්තා කිරීමට සඳුන් වීරක්කොඩි සමත් වූ බව ද වාර්තා වී තිබුණා. එස්.එස්.සී. කණ්ඩායම නියෝජනය කරන වීරක්කොඩි බී.ආර්.සී. කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 39 කදී ශතකයක් ලබා ගනිමින් අදාළ වාර්තාව පිිහිටුවීමට සමත් වීමත් සමගයි.

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍යයේ සංසරණය වන සඳුන් වීරක්කොඩි ක්‍රිකට් දිවියට සමුදී විදෙස් ගත වන බවට දක්වා තිබූ සටහන් අසත්‍ය බවයි. ඒ බව ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේ ද දක්වා තිබුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.