Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පෙට්‍රල් යැයි පවසා මුත්‍රා බෝතලයක් රුපියල් දහසකට අලෙවි කිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට?

    2022-06-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : 06/28/22ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි පුද්ගලයෙකු වෙත ඉන්ධන කියා මුත්‍රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා වී ඇති බවට අද දෙරණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ම

    Update : 06/28/22
    ඉන්ධන නොමැතිව මහමඟ පීඩාවට පත්වී සිටි පුද්ගලයෙකු වෙත ඉන්ධන කියා මුත්‍රා අලෙවි කළ පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු මීගමුවෙන් වාර්තා වී ඇති බවට අද දෙරණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    කෙසේ වෙතත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මීගමුව පොලිස් ස්ථානයෙන් විමසා මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් අතුරින් බොහෝ සටහන් උපහාසාත්මක ස්වරූපයෙන් පළ කළත්, ඒවා ඔස්සේ ෆේස්බුක් පරිශීලකයින් නොමග යන කරුණු හෝ ඡායාරූප ඇතුළත් නම් සහ ඒවා විශ්වාස කළ හැකි තොරතුරු ලෙස සංස්කරණය කර ඇත්නම්, එමගින් ඇතැම් පිරිස් නොමඟ යාමේ අවකාශයක් පවතියි. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු සොයා බැලීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පෙට්‍රල් යැයි පවසා මුත්‍රා බෝතලයක් රුපියල් දහසකට අලෙවි කළ පුද්ගලයෙකු මීගලෑවේචී අත්අඩංගුවට” යනුවෙන් සඳහන් කළ පුවතක් හිරු News නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති බවට ඡායාරූප සටහනක් පළ වී තිබුණා. 

    Facebook | Archived Link

    මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණවලින් බහුලව සංසරණය වී තිබුණේ, එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් ලෙස විවිධ පුද්ගලයින්ගේ ඡායාරූප ද යොදා ගනිමින් සහ අත්අඩංගුවට ගත් ප්‍රදේශ ලෙස දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ ද දක්වමින්.

    WhatsApp ඔස්සේ ද මෙම සටහන් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

    කෙසේවෙතත් පෙට්‍රල් යැයි පවසා මුත්‍රා බෝතලයක් රුපියල් දහසකට අලෙවි කිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවතක වාර්තා වූ බවක් අපට දැක ගන්නට නොලැබුණි.

    ඉහත ඡායාරූප වල සඳහන් ලෙස News.lk වෙබ් අඩවියේ හෝ එහි නිල ෆේස්බුක් ගිණුමේද, මෙවැනි පුවතක් පළ වී නොතිබුණි.

    එමෙන්ම අප මේ පිළිබඳව හිරු News වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එවැනි ඡායාරූපයක් හෝ පුවතක් හිරු News නිල ෆේස්බුක් ගිණුමේ පළ නොකළ බවත්, මෙය අසත්‍ය පුවතක් බවත්ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එවැනි තොරතුරක්  හෝ අත්අඩංගුවට ගැනීමක් පිළිබඳ වාර්තා නොවූ බවයි.

    මෙම සටහනක් හුදෙක් විනෝදාස්වාදය සඳහා හිරු News පෝස්ටු සඳහා යොදා ගන්නා ඡායාරූප සංස්කරණය කරමින් සහ නොයෙක් පුද්ගලයින්ගේ ඡායාරූප යොදා ගනිමින් සංස්කරණය කර ඇති බවට පෙනී යයි.

    නමුත් බොහෝ පිරිසක් මෙම සටහන් සංසරණය කර ගෙන තිබුණේ මෙම සටහන් සත්‍ය බවට උපකල්පනය කරමිනි.

    ඉන්ධන වැඩි මුදලට විකිණීම් සහ වංචනික ක්‍රියා:

    ලංකාවේ පවතින ඉන්ධන අර්බුදය හමුවේ පසුගිය කාලය පුරාවටම, විවිධාකරයේ වංචනික ක්‍රියා සහ ජාවාරම් පිලිබඳ පුවත් වාර්තා වී තිබුණා. ජලය මිශ්‍ර ඉන්ධන ලබාදීම සහ භූමිතෙල් කලවම් කර විකිණීම යානා දී ජාවාරම් මෙහි දී දැක ගන්නට ලැබුණා. මතුපිටින් පමණක් ඩීසල් සුළු ප්‍රමාණයක් යොදා වතුර බුලි විකුණමින් සිදුකළ වංචනික කටයුත්තක් පිළිබඳ වාර්තාවක් මෙතනින් 

    එසේම පෙට්‍රල් සහ ඩීසල් අනවසරයෙන් ගබඩා කර සිටි පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගැනීම් පිළිබඳව ද පසුගිය දින කිහිපයේ දී වාර්තා වී තිබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-06-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.