Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙරට දේශපානඥයින්ගේ නම් සඳහන් වූ වැසිකිළියක ඡායාරූපයක්?

    2022-02-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    උපාහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් බොහෝ අවස්ථාවන් වලදී දේශපානඥයින් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංස්කරණය කරමින් පළ වනවා අපට දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වැසිකිළියක් සාදවා ජනතා අයිතිය

    උපාහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් බොහෝ අවස්ථාවන් වලදී දේශපානඥයින් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංස්කරණය කරමින් පළ වනවා අපට දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමසුම පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    වැසිකිළියක් සාදවා ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් සිදුවූ බවට උපහාසාත්මක ස්වරූපයෙන් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා.

    Facebook | Archived Link

    එමෙන්ම එම ඡායාරූපය යොදාගෙන මීට පෙර 2018 වර්ෂයේ සිට මේ දක්වා ම පළ වූ ෆේස්බුක් සටහනක දැක්වූයේ හිටපු අමාත්‍යවරයෙකු වන අජිත් පී. පෙරේරා මහතා විසින් එම වැසිකිළිය ජනතා අයිතියට පත් කළ බවයි.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මහාමාර්ග අමාත්‍ය ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදු කළ ප්‍රජා සත්කාරයක් යනුවෙන් සංසරණය වන ඡායාරූපය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය සම්බන්ධීකාරක සඳහන් කළේ, එලෙස සිදුවීමක් නොවූ බවත් හුදෙක් අමාත්‍යවරයාට අපහාස කිරීමට මෙලෙස සංස්කරණය කළ ඡායාරූපයක් පළ කර ඇති බවයි.

    2018 වර්ෂයේදී ද ඉහත ඡායාරූපය සහිතව යහපාලනය සමයේ විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අධිනීතිඥ අජිත් පී. පෙරේරා මහතා විසින් ජන රජයේ අරමුදල් යොදා සංවර්ධනය කළ බව දක්වා තිබූ අතර නැවතත් එම සටහන සංසරණය වීම හේතුවෙන් ඒ පිළිබඳව එම සටහනට ප්‍රතිචාර දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ අසත්‍ය සටහනක් නැවතත් හුවමාරු කර ඇති බවයි. එසේ නම් 2018 ට පෙර සිටම එම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබේ. 

    කෙසේ වෙතත් ඉහත ඡායාරූපයේ සංස්කරණය නොකරන ලද සත්‍ය ඡායාරූපය සොයා ගැනීමට නොහැකි වූවත් මෙම ඡායාරූප සංස්කරණය කර ඇති බවට ප්‍රකාශිත ඡායාරූපය දෝෂ මට්ටම් විශ්ලේෂණයකට (Error Level Analysis) මගින් තහවුරු වෙයි.

    මෙම ඡායාරූපය සංස්කරණය නොකරන ලද ඡායාරූපයක් නම් සම්පූර්ණ ඡායාරූපම  එකම දෝෂ මට්ටමක (same error level) පැවතිය යුතුය. යම්කිසි රූපයක කොටසක් සැලකිය යුතු ලෙස වෙනස් දෝෂ මට්ටමක පවතී නම්, එය බොහෝදුරට ඩිජිටල් සංස්කරණය කිරීමක් පෙන්නුම් කරයි. අප විසින් සිදුකළ තාක්ෂණික විමර්ශනයේ දී එම ඡායාරුපය දෙකෙහිම එසේ වෙනස් දෝෂ මට්ටම් දැක ගන්නට ලැබුණා.

    එසේම 2019 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම හේතුවෙන් ජල මූලාශ්‍ර අපවිත්‍ර වීමේ අවදානමක්ද පවතින හෙයින් එම තත්ත්වයටද විසඳුමක් ලබා දෙමින් ජල සම්පාදන සහ සනීපාරක්ෂ කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ එම දිස්ත්‍රික්කයේ වැසිකිළි පහසුකම් ලබා දෙන ලෙසට ලැබුණු ඉල්ලීම් 20,000ක ප්‍රමාණයක් අතරින් වැසිකිළි 3000ක් පමණ ප්‍රමාණයක් ඉදිකර ලබා දී ඇති බවට පුවත් පළ වී තිබුණේ මෙලෙසින්.

    එසේම පසුගිය යහපාලන රජය සමයේ මේ වැනි වැසිකිළි සනීපාරක්ෂක කටයුතු සඳහා අරමුදල් වෙන් කිරීම පිළිබඳ තවත් පුවතක් මෙතනින්. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.