Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඇමෙරිකානු නායකයින් කංසා ශාකයක් රෝපණය කරද්දී ලංකවේ එම ශාකයට නීතිය ක්‍රියාත්මක වෙන අයුරු?

    2021-09-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඖෂධීය කංසා සඳහා පවතින විදෙස් ඉල්ලීම පිලිබඳ පසුගිය කාලයේ දී කතාබහට ලක්වුණද නීත්‍යානුකුල ලෙස මෙම වගාව සුළු මට්ටමක පවතින අතර ලංකාවේ ප්‍රදේශ රැසක නීති විරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලෙස ගංජා වගා කර තිබීම හේතුවෙන් එම වගාවන් පොලීසිය මඟින් වටලන අවස්ථා පිළිබඳව මාධ්‍

    ඖෂධීය කංසා සඳහා පවතින විදෙස් ඉල්ලීම පිලිබඳ පසුගිය කාලයේ දී කතාබහට ලක්වුණද නීත්‍යානුකුල ලෙස මෙම වගාව සුළු මට්ටමක පවතින අතර ලංකාවේ ප්‍රදේශ රැසක නීති විරෝධී ආකාරයෙන් මත්ද්‍රව්‍ය ලෙස ගංජා වගා කර තිබීම හේතුවෙන් එම වගාවන් පොලීසිය මඟින් වටලන අවස්ථා පිළිබඳව මාධ්‍ය වාර්තා නිරතුරුව දකින්නට පුලුවන්.

    මෙවන් පසුබිමක අත්අඩංගුවට ගත් කංසා ශාකයක් සම්බන්ධයෙන් ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආකාරයත් එම පැළෑටි සඳහා ඇමරිකාවේ නායකයින් ක්‍රියා කරන ආකාරයත් පෙන්වීමට උපහාසාත්මක කෝණයකින් සිදුකර තිබු ඡායාරුප සංසන්දනයක් පිලිබඳ අප සිදුකළ කෙටි කරුණු විමසුමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “රටවල් දෙකක්…. නිති දෙකක්…… එක ශාකයක්.” ලෙස සඳහන් කරමින් ඇමරිකාවේ හිටපු ජනපති බරක් ඔබාමා සහ මිචෙල් ඔබාමා ගසකට සාත්තු කරන ආකාරය දක්වන ඡායාරුපයක් සමඟ ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන්, ඒ ආකාරයේම ගසක් අසළ සිටින ඡායාරූපයක් උපහාසාත්මක කෝණයකින් ට්විටර් පණිවුඩයක් ඔස්සේ පළකර තිබුනේ මෙලෙසින්.

    Twitter | Archived

    මෙම ශාක දෙක එකම ශාකයක් බවත් එනම් ගංජා පැලයක් බවත් ලංකාවේ සහ අමරිකාවේ මෙම ශාකය සඳහා නීතිය ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකට බවත් හැඟවෙන ආකාරයට එම තොරතුර පළ කර තිබුනා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප මෙම සටහනේ වම් පස දැක්වෙන දැක්වෙන ඡායාරූපය ගූගල්හි ඉමේජ් සෙවුමක් වෙත යොමු කරමින් මෙහි මුල් ඡායාරුපය සොයා ගැනීමට උත්සුක වුණා. එහිදී අපට දැකගන්නට ලැබුනේ 2009 වසරේ ජනවාරි මස අමරිකානු ජනාධිපතිදූරයට පත්වූ බැරක් ඔබාමා මහතා ඊට මාස කිහිපයකට පසු එනම් 2009 අප්‍රේල් මස, ඇමරිකාවේ වොශින්ටන්හි පිහිටි Kenilworth Aquatic Gardensහිදී පාරිසරික කණ්ඩායමක් විසින් පෘථිවි දිනයට(earth day) සමගාමීව සංවිධානය කරන ලද පැල රෝපනය කිරීමේ අවස්ථාවක දී ලබගාත්  ඡායාරුපයක් සංස්කරණය කරමින් මෙම නිර්මාණය සිදුකර තිබු බවයි. එම මුල් ඡායාරුපය පහතින්.

    Alamy | Getty Images

    Photoshop battles යටතේ මෙම ඡායාරුපය විවිධාකාරයෙන් වෙනස් කිරීමට අභියෝගයක් ඉදිරිපත්ව තිබු අතර ඒ සඳහා ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර ඒ අතරින් එක් නිර්මාණයක දක්වා තිබු Kwazulu නම් දකුණු අප්‍රිකානු ශාකයක් ඇමරිකානු ජනපති සහ ආර්යාව පැළකරමින් සිටින බව පෙන්වීමට සංස්කරණය කර තිබු බව ද පෙනී ගියා. ඒසේ සිදුකල වෙනත් නිර්මාණ ද ඇතුළත් වාර්තා කිහිපයක් පහතින්.

    mashable.com | Archived  indianexpress.com | huffpost

    ඡායාරුප සංසන්දනය පහතින්.

    මෙසේ උපහාසාත්මක සංස්කරණය සඳහා යොදාගෙන තිබු ඡායාරූපයේ  දක්වා ඇති ශාකයේ විස්තර අප තවදුරටත් සොයා බැලුවා. moldresistantstrains.com නම් වෙබ් අඩවියක මෙහි මුල් ඡායාරූපය විස්තරයක් සහිතව පල කර තිබුනා. එම සඳහනට අනුව මෙම ශාකය කංසා වලට සමාන දකුණු අප්‍රිකානු Kwazulu නම් ශාකයක් බව එහි පැහදිලිව දක්වා තිබුනා.

    moldresistantstrains.com | Archived

    දකුණු අප්‍රිකාවේ Shaka Zulus  යන ගෝත්‍රිකයින් ගොවින් විසින් පරම්පරා ගණනාවක් තිස්සේ වගා කර තිබු මෙම Kwazulu ශාකයේ ශක්තිජනක බලපෑම නිසා සටන් වලදී ද යොදා ගත් බවත් සඳහන්. කෙසේනමුත් පසුකාලීනව වෙනත් රටවල ද ගෘහස්තව ද මෙම ශාකය වගා කෙරුණ ද ලංකාවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබු දකුණු පස ඡායරුපයේ දැක්වෙන්නේ මෙම ශාකය නොවේ.

    ලංකාවේ වැවෙන කංසා ශාකය පිලිබඳ නොයෙකුත් පාර්ශව විවිධ අදහස් පළකර තිබෙනවා. ඖෂධයක් ලෙසත් ශක්ති ජනකයක් ලෙසත් කංසා යොදාගත හැකි බවට මෙවැනි ලිපි පළවී තිබුණ ද ඒ සඳහා ඇබ්බැහි වීම මඟීන ඇතිවන සමාජීය ගැටළු පිලිබඳ පළකර තිබු ලිපියක් මෙලෙසින්.

    එසේම ඉහත දකුණු පස ඡායාරුපය මෑතක දී සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා අතර මෙලෙසින් හුවමාරු වී තිබු බැවින් එහි දක්වා ඇති ආකාරයට වැලිවේරිය ප්‍රදේශයේදී ගෘහස්ත වගාවකින් පොලීසිය විසින් විශාල ගංජා සොයා ගෙන තිබුනේ ද යන්න අප පරීක්ෂා කළා. Archived

    මේ පිළිබඳව අප වැලිවේරිය පොලිස් ස්තානධිපතිතුමාගෙන් ද විමසීමක් සිදුකල අතර එතුමා ද තහවුරු කලේ මෙය මැතක සිදුවීමක් නොවන බවයි. ඒ ඔස්සේ අපට තවදුරටත් අනාවරණය වුයේ මෙය සත්‍ය සිදුවීමක් නමුදු මීට වසර හතරකට පෙර සිදුවීමක් බවයි. 2017 සැප්තැම්බර් මස 23 වැනිදා දිනමිණ පුවත්පතේ මෙම පුවත “කරවිල කොටුවේ කංසා පැළයක්” යනුවෙන් වාර්තා කර තිබුනේ මෙලෙසින්.

    Dinmaina Epaper | Article

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ “රටවල් දෙකක්…. නිති දෙකක්…… එක ශාකයක්.” යන තේමාවෙන් පළවූ ඡායාරුප සංසන්දන සටහනේ හිටපු ඇමරිකානු ජනපති බැරක් ඔබාමා සහ ඔහුගේ ආර්යාව කංසා පැළයක් රෝපණය කළ අවස්තාවක් බව දැක්වීමට යොදාගෙන තිබුනේ 2009 වසරේ ඡායාරුපයක් සංස්කරණය කරමින් සිදුකල නිර්මාණයක් බවයි. එසේම එම සංස්කරණය සඳහා යොදාගෙන තිබුනේ ලංකාවේ දක්නට ලැබෙන කංසා පැළයක් ද නොව කංසා වලට සමාන දකුණු අප්‍රිකානු Kwazulu නම් ශාකයක්.

    එසේම එහි දකුණු පසින් දැක්වුණු, වැලිවේරිය ප්‍රදේශයේ ගෘහස්ත වගාවකින් කංසා පැළයක් සොයා ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ  කටයුත්ත ද මෑතක දී සිදුවීමක් නොව, මීට වසර හතරකට පෙර, එනම් 2017 සැප්තැම්බර් මස සිදුවීමකි.

    Also Read: 

    Fact Check : කංසා භාවිතයෙන් කොරොනා වෛරසය මර්දනය කල හැකිද?

    WHO Has NOT Removed Cannabis From “Drugs” Category!

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-09-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.