Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය වූ උපහාසාත්මක සටහන් පෙළක්!

    2021-03-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙරට සිදුවන පරිසර විනාශයන් පිළිබඳ සමාජය තුළ මේ දිනවල උණුසුම් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම සතිකයට ආසන්න කාලයක් සූවස් ඇළ අවරහිර කරමින් තිබුණු Ever Given නෞකාව සම්බන්ධයෙන් ද මේ දිනවල ජාත්‍යන්තරයේ අවධානය යොමු කරමින් කතිකාවතක් නිර්මාණය වුණා. මෙම කාරණා

    මෙරට සිදුවන පරිසර විනාශයන් පිළිබඳ සමාජය තුළ මේ දිනවල උණුසුම් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම සතිකයට ආසන්න කාලයක් සූවස් ඇළ අවරහිර කරමින් තිබුණු Ever Given නෞකාව සම්බන්ධයෙන් ද මේ දිනවල ජාත්‍යන්තරයේ අවධානය යොමු කරමින් කතිකාවතක් නිර්මාණය වුණා.

    මෙම කාරණා දෙකම සමාජය විසින් නොයෙකුත් කෝණ වලින් අදහස් දක්වමින් මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුණා. මේ අතර මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය වූ උපහාසාත්මක සටහන් දෙකක් පිළිබඳව අපගේ අවධානය යොමු වුණා.  මීට පෙරද ජාතික ජන බලවේගය අළලා මේ ආකාරයෙන් සිදුකරන ලද ව්‍යාජ හා උපහාසාත්මක සංස්කරණ පිලිබඳ අපගේ විමර්ෂණ මෙතනින්. 

    සමාජ මාධ්‍ය සටහන්:

    “පසිදු ලෝචන” නම් අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් පරිසර විනාශයට එරෙහිව මෙහෙයවූ විරෝධතා රැලියකට යොදාගන්නා ලද සටන් පාඨයක් බව පෙන්වා තිබුනේ පහත අයුරිනි.

    එහි දක්වා තිබුනේ කර තිබුනේ මීට කලකට ඉහත පාර්ලිමේන්තු විවාදයකදී වාසුදේව නානායක්කාර මහතා යොදා ගත් අසැබි වචනයකි. සමාජ මාධ්‍ය ඔස්සේ එය උපහාසාත්මකව විවේචනය කර තිබුණ අතර එම වචනය ඉතාමත් ජනප්‍රිය වුණා.

    Facebook | Archived Link

    එමෙන්ම සූවස් ඇළ මාර්ගයේ සිර වී තිබූ දැවැන්ත බහාලුම් නැව මුදවා ගැනීමේ මෙහෙයුමට රතු තරුව සංවිධානය සහභාගී වී ඇති බවට හැඟවෙන උපහාසාත්මක සටහන් පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණු අයුරියි මේ.

    Facebook | Archived Link  Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනතා විමුක්ති පෙරමුණ පසුගියදා “ඩෝසරයට එරෙහිව අපි කොළඹට” යන මෙයින් පැවැත්වූ විරෝධතා රැලියේදී “පාලකයිනි, පරිසර විනාශය වහ නවතනු!” යනුවෙන් පළවූ ඡායාරුප රැසක් ජනතා විමුක්ති පෙරමුණ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසිනි.

    මෙලෙස එක් කර තිබු ඡායාරූප අතරින් එක් ඡායාරූපයක් සංස්කරණය කරන කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. සංස්කරණය නොකරන ලද සත්‍ය ඡායාරූපය පහතින් දක්වා තිබේ.

    Facebook 

    සංස්කරණය කරන ලද සහ සත්‍ය ඡායරුපයේ සංසන්දනයක් පහතින්.

    දෙවන ඡායාරූපයද සංස්කරණය කර තිබුණේ සත්‍ය ඡායාරූප සංස්කරණ කරමින් බව බැලූ බැල්මට පෙනෙන කරුණකි. සූවස් ඇළ අවරහිර කරමින් තිබුණු Ever Given නෞකාව මුදවා ගැනීම හා සම්බන්ධ ඉහත සංස්කරණය සඳහා යොදාගෙන තිබු මුල් ඡායාරුප මෙතනින්

    ඊජිප්තුවේ පළ වන DAILY NEWS EGYPT පුවත්පතේ පළවූ වාර්තාවන් ලෙස උපහාසාත්මක ආකාරයෙන් ද එම සංස්කරණය පෙන්වා දී තිබුණි.

    මේ සඳහා යොදාගෙන තිබුනේ 2016 වසරේ ගංවතුර තත්වයන් හි දී රතු තරුව විසින් සංවිධානය කර තිබු සහන වැඩපිළිවෙල තුළ දී ලබාගෙන තිබු ඡායරූප කිහිපයක්.

    Facebook 1 | Facebook 2

    “රතු තරුව කණ්ඩායම” ලෙස සඳහන් කරමින් මෙම බෝට්ටු සහිත ඡායාරුප පෙළක් ම මීට මාස කිහිපයකට පෙර සිදුවූ තෙල් නැවක ගිනි ගැනීම හා සම්බන්ධයෙන් ද පළකර තිබු අතර ඒ පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ෂණය මෙලෙසින්

    Conclusion (අවසාන නිගමනය) : 

    මෙම ඡායාරූප සටහන්, ජනතා විමුක්ති පෙරමුණ අපහාසයට ලක් කිරීමට උපහාසාත්මක කෝණයකින් යොදා ගත් සංස්කරණ ලෙස දැක්විය හැක.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය වූ උපහාසාත්මක සටහන් පෙළක්!

    Fact Check By: Sara Gunaratne 

    Result: Altered

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.