Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: බටන් එකක් ඔබා ආසදිතයෝ හොයන්න තිබ්බා යනුවෙන් සජිත් පැවසුවා ද?

    2021-05-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොරෝනා රෝගය ආසාදනය වී ඇති අය පිලිබඳව තොරතුරු සෞඛ්‍ය අංශ වෙතින් මහ ජනතාව වෙත දැනුම්දීම සඳහා යොදාගෙන ඇති වැඩ පිලිවෙල සම්බන්ධව ඇතැම් පාර්ශව ප්‍රශ්න කරමින් සිටිනවා. විශේෂයෙන්ම කොරෝනා ආසාදනය වන ප්‍රමාණය පිලිබඳව නිවැරදි දත්ත ජනතාවට ලබා දෙන්නේ නැති බවට විපක්ශය ම

    කොරෝනා රෝගය ආසාදනය වී ඇති අය පිලිබඳව තොරතුරු සෞඛ්‍ය අංශ වෙතින් මහ ජනතාව වෙත දැනුම්දීම සඳහා යොදාගෙන ඇති වැඩ පිලිවෙල සම්බන්ධව ඇතැම් පාර්ශව ප්‍රශ්න කරමින් සිටිනවා. විශේෂයෙන්ම කොරෝනා ආසාදනය වන ප්‍රමාණය පිලිබඳව නිවැරදි දත්ත ජනතාවට ලබා දෙන්නේ නැති බවට විපක්ශය මෙන්ම මෙරට විවිධ සංවිධාන ද ප්‍රශ්න කරන අවස්ථා අපට දැකගන්න පුලුවන්.

    ආසාදනය වූ අය පිලිබඳව තොරතුරු දැනගැනීම සඳහා සුවපෙත නමින් මොබයිල් යෙදවුමක්ද හඳුන්වාදී ඇති නමුත් එය පිළිබඳව ද බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණා. 

    මෙවන් පසුබිමක් තිබියදී විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආසාදිතයන් සොයා ගැනීම සම්බන්ධයෙන් සිදුකළා යයි දක්වමින් උපහාසාත්මක කෝණයකින් පළකර තිබු ව්‍යාජ සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “මාව ජනාධිපති කරලා තිබුනා නම් බටන් එක එබුව ගමන් ආසාධිතයෝ හොයාගන්න තිබ්බා” ලෙස ප්‍රකාශයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කල බවට Vililajjai – විලිලැජ්ජයි නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පල කරන ලද සටහනකින් දක්වා තිබුනා.

    Facebook | Archived

    බොහෝ දෙනෙක් මෙම සටහන හුවමාරු කරගෙන තිබුන අතර ඒ සඳහා අදහස් ද දක්වා තිබුනා.

    අප මේ පිලිබඳව වැඩි දුරටත් කරුනු සොයා බැලීමට තීරනය කලා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    සජිත් ප්‍රේමදාස මහතා මැතකදී කොරොනා රෝග ව්‍යාප්තිය සහ පාලනය කිරිම සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ කරන ලද කතා අප පරීක්ශා කර බැලුවා.

    මේ මස මුලදී සජිත් ප්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේ මේ පිලිබඳව කතාවක් කර ඇති අතර එහිදී ඔහු එනන්ත්කරණ ක්‍රියාවලිය සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් වැඩි දියුනු කිරීමේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේද වැනි කරුනු මත පදනම් ව අදහස් දක්වා තිබුනා. එම කතාවේදී ඔහු ආසාධිතයන් සොයා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නේ නෑ.

    පහතින් දැක්වෙන්නේ තවත් මේ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේදී විපක්ශ නායක වරයා කොරෝන තත්වය සම්බන්ධව අදහස් දක්වා සිටි අවස්තවකි. එහිදීද ආසාධිතයන් හඳුනා ගැනිමට බටනයක් එබූ සැනින් දැනගැනීමට ක්‍රමවේදයක් පිලිබඳව කිසිවක් ඔහු ප්‍රකාශ කරන්නේ නෑ.

    මේ ආකාරයට ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහතා සිදු කලේද යන්න පිලිබඳව තවදුරටත් කරුනු තහවුරු කර ගැනීමට අප සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය එකකය සම්බන්ධ කර ගත්තා. සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් අපට ප්‍රකාශ කලේ මේ ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කර නොමැති බවයි.

    පසුගිය මැතිවරණ සමයේ නවීන තාක්ෂණය යොදා ගනිමින් බොත්තමක් ඔබා තොරතුරු ලබා ගත හැකි වැඩපිළිවෙල් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි ප්‍රකාශ කිහිපයක් ම සිදුකර තිබු අතර ඒවා අළලා උපහාසාත්මක සටහන් රැසක් ද නිර්මාණය වී තිබුණි. මෙම තේමාවෙන් ම ඉහත සටහන් ද නිර්මාණය වී තිබු බවක් පෙනී යනවා.

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව සලකා බැලීමේදී  අපට පෙනී යන්නේ සාමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පළවී ඇති පරිදි “මාව ජනාධිපති කරලා තිබුනා නම් බටන් එක එබුව ගමන් ආසාධිතයෝ හොයාගන්න තිබ්බා” ලෙස ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහතා සිදු කර නොමැති බවයි. ඒ අනුව මෙම ෆේස්බුක් සටහන උපහාසාත්මක කෝණයකින් පලවූ ව්‍යාජ සටහනක් බව පෙනී යනවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.