Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: අත්සන් කරන්න දීපු පෑන, බැසිල් රාජපක්ෂා මහතා සාක්කුවේ දා රැගෙන ගියා ද?

    2021-07-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නව මුදල් ආමාත්‍ය ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිව්රුම් දීම අද( ජුලි 08) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිල්ලට අත්සන් කිරීම සඳහා උපයෝගී කර ගත් පෑන එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනයේ ත

    නව මුදල් ආමාත්‍ය ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිව්රුම් දීම අද( ජුලි 08) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිල්ලට අත්සන් කිරීම සඳහා උපයෝගී කර ගත් පෑන එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනයේ තිබූ පෑන බවත් එය අමාත්‍යවරයා කමිස සාක්කුවට දමා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වුණා. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    The Savage Lankan ෆේස්බුක් පිටුවේ Old habits never die යනුවෙන් දක්වා තිබුණේ RanDil HeenkenDa යන අයෙක් ෆේස්බුක් පළ ගිණුමක පළ කළ “අත්සන් කරන්න දීපු පෑනත් සාක්කුවේ දා ගත්තා නේද” යනුවෙන් සඳහන් කළ ඡායාරුප සටහනක්. එම සටහනට ඡායරුපයේ දැක්වුණේ, අද දින (08) බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ලෙස දිව්රුම් දුන් අවස්ථාවේ ඡායාරූප දෙකක්.

    Facebook | Archived Link Facebook 

    මෙම ෆේස්බුක් සටහන කෙටි කාලයක් තුළ පරිශීලකයින් 4000 දහසකටත් වැඩි සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණා. 

    සමාජ මාධ්‍ය ඔස්සේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාව ගැන පළවූ සටහන් සඳහා ද මේ සම්බන්ධයෙන් උපහාසාත්මක ප්‍රතිචාර සමඟ බොහෝ සටහන් හුවමාරු වී තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පසුගිය දා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා තෝරා පත්කර ගත් අතර ඒ මහතාගේ නම පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබුණා.

    මැතිවරණ කොමිසම ඊයේ (07), බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තෝරා පත්කරගත් බව ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා.

    ඒ අනුව, බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

    එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනය තුළ තිබූ පෑන අදාළ ලියවිල්ල අත්සන් කිරීමෙන් අනතුරුව තම කමිසයේ වූ සාක්කුවට දමා ගත් බවට උපහාසාත්මකව හුවමාරු වූ සටහන් වල මුල් දර්ශන අප පරීක්ෂා කර බැලුවා.

    එලෙස කමිස සාක්කුවට දැමූ පෑන ‍මේසය මත රඳවනයේ තිබූ පෑනක් නොවන බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා. එම අවස්ථාව පහතින් දක්වා ඇති Live at 8 YouTube වීඩියෝවේ 2.22 විනාඩියේ සිට. එම අවස්ථාවේ තවත් වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්.

    YouTube | Archived Image Link

    ජනපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර තිබූ ඡායාරුප වල දී ද මේ ආකාරයෙන් බැසිල් රාජපක්ෂ මහතා රැගෙන ආ පෑනට අමතරව ඔහුට අත්සන් කිරීමට අවශ්‍ය වුවහොත් භාවිතා කළ හැකිව තිබු පෑනක් සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ද භාවිතා කිරීම සඳහා පෑනක් මේසයේ සකස් කර තිබෙනු දැක ගන්නට ලැබුණා. එම ඡායරූපය මෙතනින්. තවත් ඡායාරුපයක් පහතින්.

    D:\AAA -Fact Checking\Completed\AAA-Publish\Sinhala\2021\293 Basil Pen\WhatsApp Image 2021-07-08 at 18.23.03.jpeg

    එමෙන්ම මුදල් ඇමති ලෙස දිවුරුම් දීමට බැසිල් රාජපක්ෂ මහාතා ජනාධිපති කාර්යාලයට ඇතුලත් වන අවස්ථාවේදීත් ඔහුගේ කමිස සාක්කුවේ සිය පෑන රඳවා ඇති ආකාරයක් දැකගන්නට ලැබුණේ මෙලෙසින්. (0.06 සිට)

    YouTube  | Archived image Link

    මෙම අවස්ථාවේ දී අමාත්‍යාංශ විෂය පථ සංශෝධනයත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබීය. මේ අවස්ථාව පිළිබඳ විස්තර මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය):

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්සන් කිරීම සඳහා උපයොගී කර ගත් එම අවස්ථාවේ පෑන් රඳවනයේ තිබූ පෑන අත්සන් කිරීමෙන් පසුව සාක්කුවේ දමාගෙන රැගෙන ගිය බවට හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය කළ ව්‍යාජ සටහන් පෙළකි. 

    බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ අත්සන් කිරීම සඳහා යොදාගන්නේ ඔහු ජනාධිපති කාර්යාලය වෙත ඇතුල් වන අවස්ථාවේ දී ද සාක්කුවේ තිබු පෑන බව මේ අවස්ථාව හා සම්බන්ධ වීඩියෝ දර්ශන සහ ඡායාරුප පරීක්ෂා කිරීමේදී තහවුරු විය.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.