
පසුගිය දින කිහිපය තුළ දී අමෙරිකානු ඩොලරය හමුවේ ශ්රී ලංකා රුපියල අඛණ්ඩව අවප්රමාණය වන තත්ත්වයක් නිරීක්ෂණය වුණා.
මේ සම්බන්ධයෙන් නොයෙකුත් උපහසාත්මක සටහන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වුන අතර ඇතැම් සටහන් නිසා ජනතාව නොමග ගිය අයුරු ද අපට දැකගන්නට ලැබුණා. මේ එවන් සටහනක් ගැන අප කළ විමර්ශනයයි.
සමාජ මාධ්ය සටහන්:
නිව්ස් කරි නම් ෆේස්බුක් පිටුවක පළ වූයේ “Govt Says Rupee Depreciating To 200 To The Dollar Will Make It Easier For Everyone Making Exchange Rate Calculations. ”
එහි සිංහල පරිවර්තනය නම්, ඩොලරය රුපියල් 200 කින් අවප්රමාණය වීම හේතුවෙන් විනිමය අනුපාත ගණනය කිරීම් සිදුකරන සැමදෙනාටම එය පහසු කාර්යයක් වන බව රජය පැවසූ බවයි. තවද, එම සටහන සඳහා මුදල් හා ප්රාග්ධන වෙළෙඳපළ සහ රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණ රාජ්ය අමාත්යත අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඡායාරූපයක් යොදා ගෙන තිබුණේ එම ප්රකාශය පැවසූවේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා බවට ද හඟවමින්. එම සටහන පහතින් දක්වා තිබේ.

මෙම සටහන සත්යක් ලෙස සලකා ෆේස්බුක් සමාජ මාධ්ය ඔස්සේ මේ වන විට පරිශීලකයින් හත්සියයකටත් අධික පිරිසක් අතර හුවමාරු කර ගෙන තිබුණා.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
මේ ඔස්සේ අප කළ විමර්ශනයේදී පැහැදිලි වූයේ ඉහත සඳහන් කළ නිව්ස් කරි නම් ෆේස්බුක් පිටුව හුදෙක් උපහාසාත්මක සටහන් ඉදිරිපත් කෙරෙන බවයි. කෙසේවෙතත් මෙම පිටුවේ ස්වභාවය ගැන නොදැනුවත්ව මෙම සටහන සත්යයක් ලෙස සිතීම හේතුවෙන් ඇතැම් පිරිස් නොමග ගිය බවට අපට දැකගනන්ට ලැබුණා.

මේ වසරේ ප්රථම වරට පසුගිය මාර්තු 16 වන දා ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවූ බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා වල දැක්වුණා. එය පහතින් දක්වා තිබේ.

Central Bank of Sri Lanka | Archived Link
මෙහි දැක්වෙන පරිදි ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවා තිබූ බව සත්ය වුවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා හෝ රජය මෙලෙස ප්රකාශයක් සිදු කොට නොමැති බව ප්රධාන මාධ්ය ධාරා හා අන්තර්ජාලය ඇසුරින් කළ නිරීක්ෂණයේදී අනාවරණය වුණා.
මේ පිළිබඳව අජිත් නිවාඩ් කබ්රාල් අමාත්යවරයාගෙන් සිදුකළ විමසීමේදී පවසා සිටියේ ඩොලරය හමුවේ රුපියලේ අවප්රමාණය පසුගිය මාස තුනක කාලයක දී 2.7% ක් වූ බවත් එය මෙසේ අවප්රමාණය වීමේ ප්රවණතාවය ඉදිරි දින කිහිපයේදී මඟ හැරී යනු ඇතැයි අපේක්ෂා කරන බවත් තමා පැවසු බවයි.
ඔහු මේ සම්බන්ධයෙන් පලකරන ලද ට්විටර් පණිවුඩයක් පහතින්
The right #policies are now in place for non-debt #forex inflows. It's only a matter of time before the #Rupee appreciation process starts. #Businesses and #industries must prepare for that transformation. @CBSL #SriLanka #debt #GoSL #economicrecoveryplan
— Ajith Nivard Cabraal (@an_cabraal) March 18, 2021
Conclusion (අවසාන නිගමනය)
ඒ, අනුව අපගේ විමර්ශනයෙන් පෙනී යන්නේ ඉහත සඳහන් කළ සටහන, උපහාසාත්මක සටහන් පලකරන ෆේස්බුක් පිටුවක පළවී තිබුණ ද ඒ පිළිබඳව නොදන්නා පරිශීලකයින් කිහිපදෙනෙක් මෙය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඡායාරූපය යොදාගෙන තිබීම ද හේතුවෙන් ඔහු විසින් එවන් ප්රකාශයක් සිදු කළ බවට වරදවා වටහා ගෙන තිබු බවයි.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:රුපියල අවප්රමාණය ගැන රජය පැවසු බවට හුවමාරු වූ උපහාසාත්මක සටහනක්!
Fact Check By: Sara GunaratneResult: Satire



