Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    එක්ස් කිරණ ඡායාරූපයක කැරපොත්තෙකු දැක්වෙන ඡායාරූපයේ ඇත්තේ එක්ස්කිරණ උපකරණය තුළ වූ කැරපොත්තෙක්ද?

    2022-02-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙරට මෙන්ම ඡාත්‍යන්තරයේද කතා බහට ලක් වුණ උපහාසාත්මක ස්වරූපයෙන් පළ වූ X-ray වාර්තාවක කැරපොත්තෙකු සිටින බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙම රෝගියාගේ X-ray වාර්තාව දැකීමෙන් පසු බංග්ලාදේශයේ

    මෙරට මෙන්ම ඡාත්‍යන්තරයේද කතා බහට ලක් වුණ උපහාසාත්මක ස්වරූපයෙන් පළ වූ X-ray වාර්තාවක කැරපොත්තෙකු සිටින බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ පැහැදිලි කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මෙම රෝගියාගේ X-ray වාර්තාව දැකීමෙන් පසු බංග්ලාදේශයේ වෛද්‍යවරයකු පවසා ඇත්තේ ඔහුගේ පපුව තුළ පණ තියෙන කැරපොත්තෙකු සිරවී සිටින බවය. ඒය ඉවත් කිරීමට ඔපරේෂන් එකක් සඳහා විදේශගත විය යුතු බවත්ය.

    රෝගියා ඉන්පසු සැත්කමට සිංගප්පූරුවට ගොස් ඇත. වඩා අපූරු සිදුවීම වන්නේ එහි ඩොක්ටර් කියාඇත්තේ ඔහුගේ පපුව ඇතුලේ කැරපොත්තෙක් නැති බවය. ඒ උනාට ඔයාලගේ රටේ X-ray machine එක ඇතුලේ නම් කැරපොත්තෙක් ඉදලාතියෙනව කියලයි .”

    Facebook | Archived Link

    මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අයුරු

    පපු ප්‍රදේශයේ ලබා ගත් x-ray ඡායාරූපයක කැරපොත්තෙකු සිටි බවට සඳහන් කරමින් පළ වූ පුවත සම්බන්ධයෙන් අප කළ මූලික විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, එම තොරතුරු රැගත් වෙනත් ඡායාරූපයක් දක්වමින් විදේශිකයන් අතර ද එවැනි සටහන් සංසරණය වී ඇති අයුරුයි.

    මීට පෙර අවස්ථාවකදී 2017 වර්ෂයේදී සිම්බාබ්වේ හි රෝගියෙකුට දරුණු පපුවේ වේදනාවක් ඇති වූ අතර x-ray ඡායාරූපයක් ලබා ගත් බවත් ඔහුගේ පපුවේ කැරපොත්තෙකු චලනය වූ බවත්, වෛද්‍යවරු නිර්දේශ කළේ ඔහු වඩාත් සුදුසු ඉන්දියාවට ගොස් ඊට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම බවත් එහි සඳහන් කර තිබුණා. ඒ අනුව, එම රෝගියාට ඉන්දියාවට යෑම සඳහා ඔහුගේ නිවස විකිණීමට සිදුවූ බවත් ඉන්දියාවට පැමිණි පසු රෝහලකින් තවත් එක්ස්රේ ඡායාරූපයක් ලබා ගත් අතර ඔහුගේ පපු ප්‍රදේශයේ කැරපොත්තෙකු නොමැති බව තහවුරු වූ අතර කැරපොත්ත සිටියේ ඔවුන් සිම්බාබ්වේ භාවිතා කළ එක්ස් කිරණ යන්ත්‍රයේ බවටත් දක්වා තිබුණේ මෙලෙසින්.

    Archived Link

    එමෙන්ම 2012 වර්ෂයේ පළ වූ මෙම තොරතුරු රැගත් සටහනක දැක්වුණේ, ගානාවේ පිහිටි රෝහලක මෙලෙස රෝගියෙකුගේ පපු ප්‍රදේශයේ ලබා ගත් එක්ස් කිරණ ඡායාරූපයක කැරපොත්තෙකු  දැක්වුණ බවත් ඒ අනුව වෙනත් රටකට ගොස් පරීක්ෂා කිරීමේදී තහවුරු වුණේ, ගානාවේ පිහිටි රෝහලේ එක්ස් කිරණ උපකරණය තුළ වූ කැරපොත්තෙුකු බවට එම සටහනින් දක්වා තිබුණු අයුරු.

    Archived Link

    එමෙන්ම එම ඡායාරූපයේ දැක්වෙන කැරපොත්තා ඉතා විශාල වන අතර එය හුදෙක් සංස්කරණයට භාජනය කළ මනංකල්පිත කතාවක් බවට පැවසිය හැක.

    එමෙන්ම මෙරට මෙම ඡායාරූපය සංස්කරණය කිරීම සඳහා අන්තර්ජාලයේ ඇති පපු ප්‍රදේශය එක්ස් කිරණ භාවිතයෙන් ලබා ගන්නා ඡායාරූප ගොනුවල දැක්වෙන ඡායාරූපයක් භාවිතා කර ඇති බව දක්නට ලැබේ.

    සිම්බාබ්වේ සහ ගානා රාජ්‍යයන්හි සංස්කරණය කිරීමට භාවිතා කරන ලද ඡායාරූපය 1954 දී, ශල්‍යකර්මයක් සඳහා ලෙබනනයේ සීඩර්ස් රෝහලට ඇතුළත් කරන ලද අවස්ථාවේ ලබා ගත් එක්ස්කිරණ ඡායාරූපය මෙලෙස අවභාවිත කොට සංස්කරණය කර තිබුණා. 

    මෙම ඡායාරූප සම්බන්ධයෙන් ජාත්‍යන්තර කරුණු පරීක්ෂණ කණ්ඩායම් විසින් සිදු කළ කරුණු විමර්ශනයන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.