Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ඇෆ්ඝන් පුද්ගලයෙක් ගුවන් යානයක එල්ලී යන අවස්ථාවක් ද?

    2021-08-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දශක දෙකකට පසුව, ඇෆ්ඝනිස්තානයේ පාලනය නැවතත් දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානයක් වන තලෙයිබාන් සංවිධානයේ අතට පත්වූයේ දැනට දින කිහිපයකට පෙරයි. ඒ හා සමඟම තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් නිදහස් වීම සඳහා ඇෆ්ඝන් වැසියන් රැසක් කාබූල් ගුවන්තොටුපලට පැමිණ, ඇමරිකානු ගුවන් යාන

    දශක දෙකකට පසුව, ඇෆ්ඝනිස්තානයේ පාලනය නැවතත් දැඩි මතධාරී ඉස්ලාම් සංවිධානයක් වන තලෙයිබාන් සංවිධානයේ අතට පත්වූයේ දැනට දින කිහිපයකට පෙරයි. ඒ හා සමඟම තලෙයිබාන් සංවිධානයේ පාලනයෙන් නිදහස් වීම සඳහා ඇෆ්ඝන් වැසියන් රැසක් කාබූල් ගුවන්තොටුපලට පැමිණ, ඇමරිකානු ගුවන් යානයකින් රටෙන් පලායාමට උත්සාහ කළ අවස්ථාවේ දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා. 

    මේ සිදුවීම පදනම් කර ගනිමින් බොහෝ අසත්‍ය සහ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණා. මේ එවන් එක් වීඩියෝව සටහනක් පිළිබඳව අප සිදු කළ ගවේෂණයයි. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඊතලය නිව්ස් “ නම් ෆේස්බුක් පිටුවක් මගින් කෙටි වීඩියෝවක් ෆේස්බුක් හි පළකර තිබුනේ “මරණය පෙනි පෙනී නිදහස සොයා  යන මිනිසුන්” යන තේමාවෙන්

    Facebook | Archived

    එම තේමාවෙන් ම හුවමාරු වූ තවත් වීඩියෝවක් පහතින්.

    ඇෆ්ගන් රට වැසියන් කාබුල්හි ගුවන් තොටුපොළට එක් රැස් වී ගුවන් යානායක පිටත තටු මත හෝ එල්ලී පළා යෑමට උත්සහ කළ අවස්ථාවේ දී මගීන් කිහිපදෙනෙක් ඇද වැටී බිමට පතිත වන අයුරු දැක්වෙන දර්ශනය මුළු මහත් ලෝකයේම සිත් සසළ කළ දර්ශනයක් වුණා. ඒ හේතුවෙන් එසේ පලායන ඇෆ්ගන් වැසියෙකු බව මෙම වීඩියෝව මගින් ගම්‍ය කිරීමට උත්සහ ගෙන තිබුණා.

    බොහෝ දෙනා මෙය සත්‍ය සිද්ධියක් විය නොහැකි බවටත්, උපහාසාත්මක කෝණයකින් පලකරන ලද ව්‍යාජ වීඩියෝවක් බවත් අනුමාන කර තිබුණ ද 22,000 කට අධික පිරිසක් නරබා තිබූ මෙම වීඩියෝව පිටුපස ඇති සිදුවීම කුමක්ද යන්න සම්බන්ධයෙන් කිහිප දෙනෙක්ම විමසා තිබු බවින් ද මේ පිළිබඳව කෙටි කරුණු සොයා සිදුකිරීමට තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මෙම වීඩියෝවේ ආරම්භය පිළිබදව සොයා බැලීම සඳහා Reverse Image සෙවුමක් සිදු කළා. එහිදී අපට දැකගැනීමට ලැබුනේ මෙම වීඩියෝව සහ ඊට සමාන පසුබිමක් ඇති වීඩියෝ සයිබර් අවකාශය තුළ බොහොමයක් පැතිරී ඇති ආකාරයයි .

    අප ඉන් වැඩි දෙනෙකුගේ අවධානය යොමුව තිබු වීඩියෝ දර්ශන කිහිපයක් වෙත පමණක් අවධානය යොමු කිරීමට තීරණය කළා.

    2020 දෙසැම්බර් යූටියුබ් හි පළකර තිබු වීඩියෝවක වියට්නාම භාෂාවෙන් සඳහන් කර තිබුණේ, General Huy Quan Hoa flies on a plane යනුවෙනි.  එනම් ජනරාල් Huy Quan Hoa ගුවන් යානයේ ගමන් කරයි යනුවෙනි. එහි ලංකාවේ සමාජ ජාල තුල මේ දිනවල පැතිර යන වීඩියෝවේ පසුබිම විවිධාකාරයේ ක්‍රියාකාරකම්වල යෙදෙන පුදගලයකුගේ වීඩියෝ දර්ශන යොදා උපහාසාත්මකව සංස්කරණ කර ඇති බව පෙනෙනවා. එම වීඩියෝව පහතින්.

    මෙම වීඩියෝව මුදාහැර තිබූ යූ ටියුබ් නාලිකාවේ සඳහන්ව තිබුනේ එය දෛනික ජීවිතය හා සම්බන්ධ සංස්කරණය කරන ලද ඡායාරූප මුදා හරින යූ ටියුබ් නාලිකාවක් බවයි. එහි Huy Xuan Mai නම් පුද්ගලයාගේ ගේ සමාජ මාධ්‍ය ගිණුම සඳහා සම්බන්ධ විය හැකි ආකාරය දක්වා තිබුණා.Facebook 

    එසේම ඔහුගේ TikTok ගිණුමේ මෙම වීඩියෝව 2020 අගෝස්තු මස පළ කර තිබුණා. එසේම ඉහත පරිදි වෙනත් ඉරියව්වලින් සංස්කරණය කරන ලද වීඩියෝ ද එහි දැක ගන්නට පුළුවන්.

    @huyquanhoaofficial

    Lần đầu trải nghiệm ghế nằm của VN E Lai #huyquanhoa #maybay

    ♬ nhạc nền – Huy Xuân Mai – Huy Quần Hoa

    මේ අනුව උඩු ගුවනේ ගමන් කරන ගුවන් යානයක තටුව මත නිදා සිටින බව දැක්වීමට  හුදෙක් විනෝදාස්වාදය සඳහා සිදුකර තිබු සංස්කරණය කරන ලද වීඩියෝවක් බව පැහැදිලිය.

    අපගේ කරුණු විමසීම් පිළිබද තොරතුරු දැනගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion( අවසාන නිගමනය) : 

    අපගේ විමසා බැලීම් අනුව පැහැදිලි වන්නේ තලෙයිබානුවන් කාබුල් නගර අත්පත් කරගැනීමත් සමඟම ගුවන් යානයක නැගී පළාගිය ඇෆ්ගන් වැසියෙකු බව පෙන්වමින් හුවමාරු වන්නේ උපහාසත්මක කෝණයකින් සංස්කරණය කරන ලද මීට වසරකට පමණ පෙර පළවූ වීඩියෝවක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.