Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සමන්තුරේ රෝහලට ආපු අලියෙක් ද? (PHOTO)

    2022-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමන්තුරේ රෝහල ඇතුළට පැමිණි අලියෙකුගේ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පෙළ සත්‍ය වශයෙන්ම දැක්වෙන්නේ එම රෝහලේ සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ මේ ඡායාරූප සමන්තුරේ රෝහලට ආපු අලියෙක් කියලා සමාජ මා

    සමන්තුරේ රෝහල ඇතුළට පැමිණි අලියෙකුගේ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පෙළ සත්‍ය වශයෙන්ම දැක්වෙන්නේ එම රෝහලේ සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ මේ ඡායාරූප සමන්තුරේ රෝහලට ආපු අලියෙක් කියලා සමාජ මාධ්‍ය වල දාලා තිබුණා… මුල් අයිතිකරුට ස්තූතියි…”

    Facebook | Archived Link

    මේ පිළිබඳව පළ වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

    මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම අලියෙකු සමන්තුරේ රෝහලට පැමිණි අවස්ථාව සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය හරහා වාර්තා වී තිබුණා ද, යන්න පිළිබඳ නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් හෝ වීඩියෝවක් මෙරට ප්‍රධාන මාධ්‍ය හරහා මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළ ද, දැක ගන්නට නොලැබුණි.

    අප ඉන් අනතුරුව මෙම සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    පසුගිය සැප්තැම්බර් 06 වන දා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ ජලපයිගුරි හමුදා රෝහල (Jalpaiguri Cantonment)ට අලීන් දෙදෙනෙකු  පැමිණීමේ අවස්ථාවක දී  දැක්වූ ඡායාරූප මෙරට සමන්තුරේ රෝහලේ බවට දක්වමින් හුවමාරු වී ඇති බවයි.

    ඉන්දීය වන සේවා (IFS) නිලධාරි සුසන්ත නන්ද විසින් බින්නගුරි හමුදා කඳවුරු රෝහල තුළ වන අලි දෙදෙනකු වික්‍රමාන්විතව හැසිරෙන අයුරු සමීප රූප Twitter හරහා පළ කර තිබුණේ මෙලෙසින්. 

    අලි දෙදෙනා රෝහලේ කොරිඩෝවේ නිදහසේ ඇවිදින අයුරු දැක්වෙන වීඩියෝවක් ද Twitter හරහා නිකුත් වී තිබුණේ මෙලෙසින්.

    India Today විසින් මෙම අවස්ථාවේ වීඩියෝවක් පළකර තිබුනේ මෙලෙසින්

    මෙම ඡායාරූප සහ වීඩියෝවල පසුබිම සහ මෙරට සමන්තුරේ රෝහල ලෙස හුවමාරු වූ සටහන්හි දැක්වූ ඡායරූපයන්හි පසුබිම සමාන බවද, අපට දැක ගැනීමට පුළුවන්.

    මේ පිළිබඳ වෙනත් ජාත්‍යන්තර මාධ්‍ය ද, වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    මෙම සටහන් විශේෂයන්ම ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර පසුගිය දා බොහෝ ලෙස හුවමාරු වූ අතර ඒ පිළිබඳව අප Factcrescendo දමිළ කණ්ඩායම විසින් සිදුකළ කරුණු අනාවරණය මෙතනින්

    ඒ අනුව පෙනී යන්නේ මෙය මෙරට සමන්තුරේ රෝහලේ වූ සිදුවීමක් නොවන බවයි. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමන්තුරේ රෝහලට අලියෙකු පැමිණි අවස්ථාවක් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් නොමග යවන සුළු බවයි.

    මෙම ඡායාරුප මඟින් පෙන්නුම් කරන්නේ මීට දින කිහිපයකට පෙර, එනම් සැප්තැම්බර් 6 වැනිදා, ඉන්දියාවේ, බටහිර බෙංගාලයේ ජලපයිගුරි හමුදා රෝහලට (Jalpaiguri Cantonment) අලි දෙදෙනෙකු පැමිණීමේ අවස්ථාවක දර්ශන පෙළකි

    Also Read : FACT CHECK: ලංකාවේ සිදුවූ වන අලියෙකු පළවා හැරීමක්ද?

    FACT CHECK: ලංකාවේ කඳුකරයේ තේ වත්තක් ආශ්‍රිතව අලි රංචුවක් ගැවසෙන අවස්ථාවක් ද?

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.