Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    වැලිමඩ, ඩයරබා වත්තේ ඡායාරූපයක් ද ?

    2022-08-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන ඡායාරූප පිළිබඳ බොහෝ දෙනා දැඩි උනන්දුවකින් පසු වනවා. ඒ හේතුවෙන් එවන් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් බහුලව සංසරණය කර ගැනීම තුළින් එවැනි ඡායාරූප අයත් රට, ප්‍රදේශ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය මෙන්ම නොමග යවන සුළු තොරතුරු ද සමා

    ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන ඡායාරූප පිළිබඳ බොහෝ දෙනා දැඩි උනන්දුවකින් පසු වනවා. ඒ හේතුවෙන් එවන් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් බහුලව සංසරණය කර ගැනීම තුළින් එවැනි ඡායාරූප අයත් රට, ප්‍රදේශ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය මෙන්ම නොමග යවන සුළු තොරතුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. 

    එලෙස මෙරට ඡායාරූපයක් බවට සඳහන් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    මෙරට ‘ඩයරාබ වත්ත’ යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම ඡායාරූපය දක්වමින් තවත් සටහන් පළ වී තිබුණේ, මෙම ස්ථානය වැලිමඩ ඩයරබා වත්ත බවත්, මෙම ඡායාරූපය, ඡායාරූප ගත කර තිබෙන්නේ, කැටකෑල්ල තන්නිමල ප්‍රදේශයෙන් බවයි.

    එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    වැලිමඩ, ‘ඩයරබා වත්ත’ ලෙස පවසමින් සංසරණය වූ ඉහත ඡායාරූපය අප  Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මෙරට දසුනක් නොව ඉන්දුනීසියාවේ, Cukul Pangalenga ප්‍රදේශයේ ඡායාරූපයක් බවයි. 

    Pinterest| Archived Link

    Twiiter ඔස්සේ ද, මෙම ඡායාරූපයේ පළ වී තිබුණේ මෙලෙසින්.

    මෙම ඡායාරූපය ඉන්දුනීසියාවේ බවට දක්වා තිබූ තවත්, සටහන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    මෙය ඡායාරූප ගත කර තිබුණේ, rdie_photography විසින්.

    ඉහත සඳහන් වැලිමඩ, ‘ඩයරබා වත්ත’ ප්‍රදේශයේ ඡායාරූප මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, මෙරට වැලිමඩ, ‘ඩයරබා වත්ත’ ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපය නොමග යවන සුළු සටහනක් බවයි. එම ඡායාරූපයේ දැක්වෙන්නේ, මෙරට යම්කිසි ස්ථානායක ලබා ගත් ඡායාරූපයක් නොව ඉන්දුනීසියාවේ, Cukul Pangalenga ප්‍රදේශයේ ස්වභාව සෞන්දර්ය දැක්වෙන ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.