Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මෙම වසරේ ජූලි මාසයේ සිට අදියර හතරකින් පාසල් විවෘත කරනවාද?

    2021-06-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රට පුරා කොරෝනා තත්ත්වය වර්ධනය වීමත් සමග සියලු පාසල් කටයුතු  නවතාදැමීමට රජය විසින් කටයුතු සිදු කරනු ලැබුවා. අවසන් වරට සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට කටයුතු කළ අතර කෝවිඩ් නව ව්‍යාප්තිය හේතුකොට ගෙන නැවත වරක් පාසල් අප්‍රේල්

    රට පුරා කොරෝනා තත්ත්වය වර්ධනය වීමත් සමග සියලු පාසල් කටයුතු  නවතාදැමීමට රජය විසින් කටයුතු සිදු කරනු ලැබුවා.

    අවසන් වරට සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ආරම්භ කිරීමට කටයුතු කළ අතර කෝවිඩ් නව ව්‍යාප්තිය හේතුකොට ගෙන නැවත වරක් පාසල් අප්‍රේල් අග භාගයේ දී ක්‍රම ක්‍රමයෙන් වසා දැමීමට තීරණය කළා.

    මෙවන් පසුබිමක් තුල නැවතත් පාසල් ආරම්භ කිරීම අදියර 4ක් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    මෙවන් පසුබිමක් තුළ නැවතත් පාසැල් විවෘත කිරීම අදියර 4ක් යටතේ නැවත ආරම්භ කිරීමට යන බවට ෆේස්බුක් සටහනක් Saman Bandara නමැත්තෙකු විසින් ෆේස්බුක් වෙත එකතු කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    මෙම සටහනම තවත් බොහෝ පිරිසක් හුවමාරු කරගෙන තිබුනේ පහත පරිදියි.

    Facebook | Archived  Facebook | Archived

    පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන බලධාරීන් මේ ආකාරයට තීරණය කර ඇති බවට පැවසෙන මෙම පුවත නිරවද්‍යද යන්න පිළිබඳව අප වැඩි දුරටත් කරුණු සොයා බැලීමට තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම පළ කර ඇති සටහන mytutor.lk නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පළ කරන ලද සටහනක් බව උපුටා දක්වා තිබූ බැවින් අප ඔවුන්ගේ  ෆේස්බුක් පි‍ටුව නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ පසුගිය වසරේ කෝවිඩ් සඳහා පැනවූ සීමාවන් අවසන් වූ පසු පාසල් ඇරඹෙන බවට ඔවුන් විසින් 2020 වසරේ ජූනි 09 දින පළ කරන ලද ෆේස්බුක් සටහන නැවත වරක් හුවමාරු වන බවයි. 

    එය 2021 වසරට අදාළ තොරතුරක් නොවන බවත් එම ෆේස්බුක් පි‍ටුව විසින් දැන්වීමක් ලෙස දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived

    ඒ අනුව අදියර 4ක් යටතේ නැවත පාසල් විවෘත කිරීමට යන පුවත පැරණි සටහනක් බවත් එය මේ වසර සඳහා අදාල නොවන බවත් පැහැදිලි වනවා.

    Mytutor.lk ෆේස්බුක් පි‍ටුව විසින් 2020 ජූනි මස 9 වෙනි දින ඔවුන් පළ කල දැන්වීම නැවතත් සංසරණය වීම හේතුවෙන් ඔවුන් 2020 වසරේ දැමූ සටහනේ ඇති තොරතුරු නැවත වරක් සංස්කරණය කිරීමක් ද සිදු කර තිබෙනවා. 

    ඔවුන් එහි දක්වා ඇත්තේ 2020 වසරේ කොවිඩ් සීමාවන් අවසන් වූ පසු පාසල් ඇරඹෙන බවයි. ඔවුන් විසින් 2020 ජූනි 09 දින පල කල මෙම දැන්වීම මේ වන විට සමාජ ජාල ඔස්සේ ඉතා සීග්‍රයෙන් සංසරණය වන බවත් මෙම තොරතුර 2020 වසරට අදාළ වූ දැන්වීමක් වන අතර 2021 වසරට අදාළ තොරතුරක් නොවන බවට වැඩි දුරටත් සඳහන්.

    Facebook | Archived

    2020 වසරේදී කෝවිඩ් වසංගතය හේතුවෙන් මාස ගණනාවක් පාසල් වසා දැමිනි. ඉන්පසුව අදියර 4ක් යටතේ එවකට පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී .එම පුවත එම කාලයේදී මෙරට මාධ්‍ය වාර්තා කර තිබුනේ පහත ආකාරයෙනි.

    Dinamina.lk |  Archived  divaina | Archived

    තව ද මේ ආකාරයට අදියර 4ක් යටතේ පාසල් ආරම්භ කිරීමට යන බවට පැවසෙන පුවත අසත්‍ය බවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් ද තහවුරු කර තිබෙනවා. එවැනි පුවත් පහතින්

    Aruna.lk | Ada

    මේ පිළිබඳ නිල නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ද පසුගිය මාසයේ මැයි මස 07 වැනිදා අවසන් වරට පළකර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

    රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්ව විද්‍යාල සහ උපකාරක පන්තිනැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරේ යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසූ එම නිවේදනය පහතින්.

    https://www.facebook.com/moe.gov.lk/posts/2899066467080156?__cft__[0]=AZXDbHYS0yp_Hey_HRza6eouAmoEk49p-u64inU_lGHm9r65dHw1i6ElR7QNPfO_imJOiOeKUGjB6veYYQ3SpYCyz5iiH6X5qJrGAZeWZl0G0HlcJCMxohua7GjVbaXc4SR6myCoL9TwxqZfxXGnt_d1&__tn__=%2CO%2CP-R

    Conclusion (අවසාන නිගමනය) :

    ඉහත කරුණු අනුව සලකා බැලීමේදී තහවුරු වන්නේ නැවතත් 2021 වසරට අදාළව අදියර 4ක් යටතේ පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් තුළ හුවමාරු වන පුවත අසත්‍ය හා ජනතාව නොමග යවන සුළු සටහන් පෙළක් බවයි. 

    පසුගිය වර්ෂයේ එනම් 2020 වර්ශයට අදාළව පළවූ ෆේස්බුක් සටහනක් වැරදි ලෙස මෙම වර්ෂයට ආදේශ කරගනිමින් මෙසේ පාසල් විවෘත කරන බවට ෆේස්බුක් සටහන් හුවමාරු වන බව අපට තහවුරු කළ හැකියි.

    රටේ පවතින කොවිඩ් 19 අවදානම නිසා පාසල්, පෙරපාසල්, පිරිවෙන්, විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා දැනුම් දෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.