Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    <strong>උපහාසාත්මක සහ අපහාසාත්මක කෝණවලින් හුවමාරු වන ව්‍යාජ සංස්කරණ පෙළක්</strong> !

    2022-12-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොමග යවන සුළු සටහන් හා ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙසැම්බර් 1 ගාල්ල තල්පේ මුහුදු තීරය නිරු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොමග යවන සුළු සටහන් හා ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “දෙසැම්බර් 1 ගාල්ල තල්පේ මුහුදු තීරය නිරුවත් කෙරේ. නිරුවතින් පැමිණීමට ඔබට අවසර ඇත” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    තවත් ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණේ, ගායන ශිල්පී සමිතා මුදුන්කොටුවගේ දෙවන කසාදයේ සැමියා විසින් ඇයගේ දියණිය වන යොවුන් ගායන ශිල්පී කාවින්ද්‍යා අධිකාරීගේ පපු ප්‍රදේශය මත අත තබා සිටින බවට හැඟවෙන ඡායාරූපයකි. 

    Facebook | Archived Link

    ඉහත සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

    කරුණු විමර්ශනය කිරීම:

    දකුණු වෙරළ තීරයේ තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක ස්වභාවිකව නිර්මාණය වී ඇති තටාක කිහිපයක් නිසා තල්පේ වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයින් අතර ඉහළ ජනප්‍රියතාවක් උසුලයි.

    මෙම වෙරළ තීරයට හෙට(01)දිනයේ පැමිණෙන්නට නිරුවතින් පැමිණීමට අවසර ලැබෙයි යනුවෙන් පළ වූ සමාජ මාධ්‍ය සටහන අසත්‍ය වන අතර එය හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ පළ වූ බවට හඟවා තිබුණා.

    එම ඡායාරූපය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, හිරු පුවත් ෆේස්බුක් පිටුවේ, මීට දින කිහිපයකට පෙර (නොවැම්බර් 27), සත්‍ය වශයෙන් පළ වූ ඡායාරූපයක් යොදාගෙන එහි සඳහන් කරුණු පමණක් සංස්කරණය කර ඇති බවයි.

    එහි සත්‍ය සටහනේ සඳහන් කර තිබුණේ ‘වැසි තත්ත්වයේ වෙනසක්’ යනුවෙනි.

    Facebook | Archived Link

    එමෙන්ම සමිතා මුදුන්කොටුව මහත්මියගේ දෙවන කසාදයේ සැමියා වන චිරන්නත ගුණවර්ධන සහ සමිතා මහත්මියගේ දියණිය සම්බන්ධයෙන් පළ කර තිබූ ඡායාරූපය ද, සංස්කරණය කරන ලද ඡායාරූපයකි. 

    එහි සත්‍ය ඡායාරූපය, 2022 මාර්තු මාසයේ දී, සමිතා මුදුන්කොටුව සිය නිල ෆේස්බුක් ගිණුමේ පළකර තිබු ආකාරය පහතින්.

    Facebook | gossip.hirufm

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූප අතර සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ගාල්ල තල්පේ මුහුදු තීරයේ හෙට(01) දින නිරුවතින් පැමිණීමට අවසර දෙන බවට හිරු පුවත් මඟින් පළ වූ සටහනක් ලෙස සහ ගායන ශිල්පී සමිතා මුදුන්කොටුවගේ දෙවන කසාදයේ සැමියා සහ ඇයගේ දියණිය වන යොවුන් ගායන ශිල්පී කාවින්ද්‍යා අධිකාරීගේ ඡායාරූපයක් ලෙස දක්වමින් පළ වූ ඡායාරූප සංස්කරණය කරන ලද අසත්‍ය සටහන් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-12-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.