Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තිලිනි ෂැල්වින් සිදු කළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු හා ව්‍යාජ සටහන් පෙළක් !

    2022-11-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගුරුවරියන් පහසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වුණා. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ ගුරුව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ගුරුවරියන් පහසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වුණා. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ ගුරුවරියක් වන තිලිනි ෂැල්වින් නමැති ගුරුවරිය ඇතුළු පිරිසක් සමාජ මාධ්‍යට එක් කළ ඡායාරූපයි.

    මේ සමඟ තිලිණි වෙත ප්‍රශංසා මෙන්ම ඇයව ඉලක්ක කරගනිමින් සටහන් රැසක් ද හුවමාරු වෙනවා. තිලිනි ෂැල්වින් විසින් සිදු කළ ප්‍රකාශයක් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් කිහිපයක නිරවද්‍යතාවය සොයා අප විමර්ෂණයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අපි කොච්චර උත්සාහ කළත් තාමත් ගුරුවරියො බහුතරයක් ඉස්කෝලේ එන්නේ සාරිය ඇඳන්. මේ ලිං මැඩි සංස්කෘතික ගෝත්‍රිකයන් ඉස්සරහට සැහැල්ලු ඇඳුමකින් ආවේ නැත්නම් රටේ තරුණ තරුණිය පාසල් ලගට ගෙන්වලා ඔය සාරිය ගලවන අරගල කරන හැටි අපි දන්නවා. ඊට කලින් මේ වැඩේට එකතු වෙන්න කියලා මම ඔවුන්ට අවවාද කරනවා” යනුවෙන් තිළිණි ෂැල්වින් මහත්මිය පැවසූ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link

    ඇය විසින් සිදු කළ තවත් ප්‍රකාශයක් ලෙස පහත සටහන ද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.

    Facebook | Archived Link

    ඇය විසින් එවන් ප්‍රකාශ සිදු කළේ ද, යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් විකල්ප ඇඳුම් භාවිතය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස මේ දිනවල කතාබහට ලක් වන කරුණක්. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන ගුරුවරියක් වූ තිලිනි ෂැල්වින් විසින් පසුගිය 21 වන දා සිය ඡායාරූපයක් සමගින් සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණා.

    ඇය එහි සඳහන් කර තිබුණේ, වර්තමාන සමාජ, ආර්ථික, සංස්කෘතික ගැටලු රැසකට විකල්පයක් ලෙස ගුරුවරියන් වන ඔවුන්  සාරිය වෙනුවට පහසු ඇඳුමකින් පාසලට පැමිණෙන බවයි. 

    Facebook | Archived Link

    කෙසේනමුත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි සඳහනක් ඇය විසින් සිදුකරාද, යන්න පිළිබඳ ඇයගේ මුහුණු පොත හරහා ද අප විමර්ශනය කළා. නමුත් “මේ ලිං මැඩි සංස්කෘතික ගෝත්‍රිකයන් ඉස්සරහට සැහැල්ලු ඇඳුමකින් ආවේ නැත්නම් රටේ තරුණ තරුණිය පාසල් ලගට ගෙන්වලා ඔය සාරිය ගලවන අරගල කරන හැටි අපි දන්නවා.” වැනි ප්‍රකාශයක් ඇය විසින් සිදු නොකළ බවක් අපට දැක ගන්නට ලැබුණි.

    එමෙන්ම ඇය මෑතකදී මාධ්‍ය වෙත මේ පිළිබඳව අදහස් දැක්වීමේදී හෝ එවැනි ප්‍රකාශයක් සිදු කළ තිබුණා ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට ද, අපගේ අවධානය යොමු වූ අතර එවැනි ප්‍රකාශයක් ඇය විසින් සිදු නොකර ඇති බවට ප්‍රත්‍යක්ෂ විය.

    එමෙන්ම “සාරිය අදින්න නම් ගාණක් ගෙවන්න” යනුවෙන් තිලිනි ශැල්වින් පැවසූ බවට පළ වූ සටහන සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, ගුරුවරුන්ට සාරි අනිවාර්ය කර චක්‍රලේඛයක් නිකුත් කරන්නේ නම්, රජයෙන් නිල ඇඳුම් දීමනාවක් ඉල්ලීමේ අවස්ථාවක් ඇති බවට ඇය BBC යට පවසා ඇති බවයි. එම වාර්තාව මෙතනින්.

    තිලිනි ෂැල්වින්ගේ කරුණු දැක්වීම

    අප මේ පිළිබඳව තිලිනි ෂැල්වින් මහත්මියගෙන් විමසීමක් කළ අතර ඇය අවධාරණය කළේ, තමන් කිසිදු අවස්ථාවක රටේ තරුණ තරුණියන් පාසල් ළගට ගෙන්වලා ඔය සාරිය ගලවන අරගලයක් සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති බවයි. එසේම සාරිය ඇඳීමට කැමැත්ත දක්වන අය සම්බන්ධයෙන් කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත්, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සහ දුෂ්කර සේවයේ යෙදෙද්දී සාරිය හේතුවෙන් මුහුණ පෑමට සිදුවූ අපහසුතා සැලකිල්ලට ගනිමින් මීට වසර ගණනක සිට මේ වෙනුවෙන් තමන් හඬ නැගූ බවත්, මුදල් ලබා දෙනවානම් සාරි අඳින බවට ප්‍රකාශයක් තමන් විසින් කිසිවිටෙකත් සිදු නොකළ බවත්, මෙතෙක් ඇති චක්‍ර ලේඛයට අනුව ගුරුවරියන්ට සාරිය, ඔසරිය අනිවාර්ය කර නොමැති බැවින් ද, සාරිය නිල ඇඳුමක් (යුනිෆෝම්) නොවන බැවින් ද, ගුරුවරුන්ට සාරි අනිවාර්ය කර චක්‍රලේඛයක් නිකුත් කරන්නේ නම්, රජයෙන් නිල ඇඳුම් දීමනාවක් ඉල්ලීමට අවස්ථාවක් පවතින බවට පමණක් සඳහන් කළ බවයි. 

    එමෙන්ම ගුරුවරුන් සාරියෙන් බැහැරව පහසු විනීත ඇඳුමකින් සැරසී පාසල් ඒම සම්බන්ධයෙන් හා එවැනි තීරණයක් ගැනීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ඇය සඳහන් කළ අදහස් පහතින්.

    එසේම තමා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් ද මෙවැනි සටහන් කිහිපයක්ම තිලිණි පළකර තිබු අයුරු ද අපට දැකගන්නට ලැබුණා.

    තිලිනි ෂැල්වින් කියන්නේ කවුද?

    2017 අද දෙරණ Sri Lankan of The Year සම්මාන රාත්‍රියේදී ලෙස්ට ජේම්ස් පීරිස්, අයිරාංගනී සේරසිංහ, මුත්තයියා මුරලිදරන්, මහාචාර්යචන්ද්‍ර වික්‍රමසිංහ වැනි ලංකාවේ කීර්තිමත් පෞරෂයන් සමඟ තිලිනි ෂැල්වින් ඇගයීමට පාත්‍ර වෙනවා. ඒ ‘Unsung Hero’ කාණ්ඩය යටතේ. ඒ ඊට අවුරුදු හතරකට පමණ පෙර, ඇයට දුෂ්කර සේවය සඳහා යොමු කර තිබූ උඩුදුම්බර, කහටලියැද්දේ චූලාභය ද්විතීයික හා ප්‍රාථමික පාසලට පානය කිරීමට ජලය ලබා ගත හැකි පද්ධතියක් නොමැති බැවින් ඇය ඒ ගැන පවසා මුහුණු පොත මාර්ගයෙන් ජලනළ පද්ධතියක් සැපයීමේ ව්‍යාපෘතියකට ආධාර ඉල්ලා ඒ වෙනුවෙන් ක්‍රියා මාර්ග ගැනීම හේතුවෙන්. මේ පිළිබඳ ලිපියක් මෙතනින්. Archived Link

    Also Read: සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, තිලිනි ෂැල්වින් ගුරුවරිය විසින් ඇය විසින් සිදු කළ ප්‍රකාශයන් ලෙසට දක්වමින් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ සටහන් නොමග යවන සුළු බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-11-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.