Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    කොරෝනා ආසාදනයට අත්හදා බලන දේශීය පැණිය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ මත ලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සටහන්!

    2020-12-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරුමුණේ නායකයන් විවිධ විෂයයන් අළලා රජයේ යම් තීරණ සහ ක්‍රියාකලාපයක් ප්‍රශ්න කරනු දැකගනන්ට පුළුවන්. එවැනි රටේ සිදුවන කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියකාරීන්ගේ මත අදහස් සහ ප්‍රකාශ ලෙස සැකසුණු ව්‍යාජ සටහන්

    ජනතා විමුක්ති පෙරුමුණේ නායකයන් විවිධ විෂයයන් අළලා රජයේ යම් තීරණ සහ ක්‍රියාකලාපයක් ප්‍රශ්න කරනු දැකගනන්ට පුළුවන්. එවැනි රටේ සිදුවන කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියකාරීන්ගේ මත අදහස් සහ ප්‍රකාශ ලෙස සැකසුණු ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලයේ නිතරම ඉදිරිපත්වනු පෙනෙන්නට ඇත. මෙසේ ඉදිරිපත්වු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳව අප මෑතදී සිදු කළ කරුණු විමරශන වාර්තා මෙතනින් සහ මෙතනින්

    කෝවිඩ්-19 ආසාදනයට ප්‍රතිකාරයක් ලෙස දේශීය ඖෂධ යොදා ගනිමින් නිපදවූ බව කියවෙන පැණියක් ප්‍රවර්ධනය කිරිම, කෝවිඩ්-19 ආසාදනය වී මිය යන මුසල්මානුවන් අදාහනය කිරිම වැනි කරණා අළලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරීන්ගේ අදහස් බවට සැකසුණු සටහන් සාවද්‍ය බව අපගේ අනාවරණයේ දී තහවුරු විය.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කෝවිඩ් 19 වලට දේශීය බෙහෙතක් අනුමත කිරීම මගින් ආන්ඩුව අහිංසක ජනතාවගේ ජීවිත අනතුරේ දානව” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලික සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසු අන්දමට සැකසුණු සටහනක් හුවමාරු වී තිබු අතර “සෞඛ්‍ය අංශ වල නිර්දේශය පරිදී කොරෝනා මරණ භූමදානය කිරීමට අප එකඟයි” ලෙසට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසු අන්දමට සැකසුණු සටහනක් ද ඉදිරිපත් කර තිබුණි. 

    FacebookArchived LinkFacebookArchived Link

    “කොරොනා පැණිය විසක්. සාදක්කා සහ මීපැණි එකට එකතුකර සැදෙන සංයෝගය පිළිකා කාරකයක්. එය පානය කිරීමෙන් වැලකී සිටින්න” ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හෙරත් මහතා පැවසු අන්දමට සකසා තිබු සටහනක් Kavisha Wikrama නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි.  

    FacebookArchived Link

    “පාලිත තත්වයේ ඌරු තෙල් මගින් කොරෝනා වෛරසය විනාශ වෙන බව නිව්ජර්සි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් තහවුරු කරගනි. මෙය ලොවම ලැබූ ලොකු ජයග්‍රහණයකි” යන පණිවිඩය ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාගේ ට්විටර් ගිණුමෙන් නිකුත් වූ බවට සැකසුණු සටහනක් ද “දතකට වඳින රටේ කාලි මෑණියන්ගෙ බෙහෙත් බොන එක අරුමයක් නෙමෙයි” යනුවෙන් බිමල් රත්නායක මහතා පැවසු අන්දමට සැකසුණු සටහනක් ද ෆේස්බුක් ඔස්සේ ඉදිරිපත් කර තිබුණි.

    FacebookArchived LinkFacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම කාලීන සිදුවීම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් මෙවැනි මත හෝ අදහසක් පළ කර තිබුණේ ද යන්න අපි ප්‍රධාන මාධ්‍ය ධාරාවේ සියළුම වාර්තාවන් පරීක්ෂා කර බැලුව ද එවැනි මතයක් හෝ අදහසක් ප්‍රකාශ කළ බවට කිසිදු සටහනක් හමු නොවීය. බිමල් රත්නායක මහතාගේ ට්විටර් ගිණුමේද එවැනි පණිවුඩයක් නිකුත් වූ බවට කිසිදු සටහනක් හමු නොවීය.

    මෙම සියලු සටහන් අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය වෙතට යොමු කර ඒ පිළිබඳව විමසීමක් කළෙමු. වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ බිමල් රත්නායක මහතා මෙවැනි අදහස් හො මතයක් ප්‍රකාශ කර නොමැති බවත්, ෆේස්බුක් ජාලයේ  ඉදිරිපත්ව ඇති මෙම සියළුම සටහන් සාවද්‍ය බවත් එමෙන්ම මෙම සටහන් ඉදිරිපත් කර ඇති සියලුම ගිණුම් හෝ ෆෙස්බුල් පිටු ජනතා විමුක්ති පෙරමුණට පහර ගැසීමට ප්‍රතිවාදීන් විසින් සාදාගෙන ඇති ගිණුම් බවත් එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි උපුල් රන්ජන් මහතා පැවසීය.

    මේ පිළිබඳව අප වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසුමක් කළ විට ඔහු පැවසුවේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. 

    බිමල් රත්නායක මහතා ද අප හා පවසා සිටියේ ඔහු අළලා ඉදිරිපත්ව ඇති සියලුම ෆේස්බුක් ජාලය ඇති සටහන් අසත්‍ය බවයි. තමාගේ ට්විටර් ගිණුමෙන් එවැනි පණිවුඩයක් නිකුත් කර නොමැති බවද ඔහු අප හා දැන්වීය

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද දන්වා සිටියේ ඔහු අළලා ඉදිරපත් වී ඇති සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවය.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෑතකාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ අදහස් සහ මත බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් ඔවුන් විසින් පැවසූ අදහස් හෝ මත නොවන බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.