Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!

    2020-12-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින

    ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්

    මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර තිබු සටහන් පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ශනයේදී ඒවාද සාවද්‍ය බවට තහවුරු විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සිදුකල ප්‍රකාශයන් ලෙස දක්වමින් සටහන් කිහිපයක් හුවමාරු වී තිබුනා. ඉන් එක් සටහනක් දක්වා තිබුනේ “හදිසි අවශ්‍යතා සදහා කියල ටෙන්ඩර් කැඳවන්නේ නැතුව එක රැයෙන් PCR කට්ටල තොග ගෙන්නල රාජපක්ෂල කොරෝනා නිධානයක් කරගෙන මිලියන ගනන් හොරා කනව” යනුවෙන්. 

    තවත් එවැනිම සටහනකින් පෙන්වා දී තිබුනේ “කොරෝනා ආසාදනය වීමෙන්  මියයන සංඛ්‍යාව දිනකට 100ට වඩා ඉක්ම ගොස් ඇති බවට අප සතුව විශ්වාසනීය තොරතුරු ලැබී ඇත. ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට අප සූදානම්. මෙවැනි භයානක තත්ත්වයක් තිබියදීත් ජනතාව නොමඟ යාමෙන් පාලකයෝ  කටයුතු කිරීම හෙළා දකිමු” යනුවෙන් බිමල් රත්නායක මහතාගේ ට්විටර් ගිණුමේ පල කර තිබු බවක්.

    FacebookArchived LinkFacebookArchived Link

    “හොරා කාපු මහජන මුදල් වලින් ශ්‍රේෂ්ඨ කලාකරුවන්ට ජීවත්වෙන්න මුදල් ගෙවලා සේනාධිපතිලා අත හෝදගන්න හැදුවට හොරා හොරාමයි. විල්සන් කරු  මහත්මයාට නිවසක් සහ ජීවන වියදම් දෙන්න ශ්‍රී ලංකා රතුතරුව සූදානම්” වදන රෝපණය කර සහ “උඹලගෙ   ස  පෑඩ්  වලට  බදු ගහන කොට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීලා  තමන්ගේ වැටුපෙන් රටේම කාන්තාවන්ට පෑඩ් අරන් දෙනව…දැන් වත් තෙරුම් අනිල්ල ඊලඟ පාරවත්  ඒ වගෙ සුන්දර මිනිස්සුන්ට රට බාර දෙන්න” තේමාවෙන් සටහන් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ශ්‍රී ලංකා රතු තරුව සංවිධානය අළලා Dulip Di නමැති ෆේස්බුක් ගිනුමක ඉදිරිපත්කර තිබුණා.

    FacebookArchived LinkFacebookArchived Link

    එසේම “කොවිඩ් මරණ ආදාහනයට මිනි පෙට්ටි නොමිලේ දෙන්න රතු තරුව ඉදිරිපත් වෙයි” යන තේමාව යටතේ ද නොමිලේ මිනි පෙට්ටි ලබා දීමට රතු තරුව සංවිධානය සූදානමින් සිටින බවට ඡායාරුප සහිත සටහනක් මෙසේ ඉදිරිපත් වී තිබුණි

    කොරොනා රෝගීන් මහමග මැරී වැටෙන බවට සමාජ මාධ්‍ය ජාලය තුල අසත්‍ය ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් අත්අඩංගුට පත් කඩුගන්නාවේ පදිංචි පුද්ගලයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරිය බවට සැකසුණු ලිපියක පිටපතක් සහිත සටහනක්ද Yasith Dilshan නමැති ෆේස්බුක් ගිණුමේ ඉදිරිපත් කර තිබුණි

    FacebookArchived Link

    “රටතුල දිස්ත්‍රික්ක මට්ටමින් මත ගැටුම් තව තවත් වැඩි කිරීමට දරණ උත්සාහයක් LPL කියන්නේ” ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළ අන්දමට සැකසුණු සටහනක් ද ඉදිරිපත් කර තිබිණි

    FacebookArchived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් වල අන්තර්ගත සහ ප්‍රවෘත්තීන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස ජනතා විමුක්ති විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. තම පක්ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මෙවැනි ප්‍රකාශයක් හෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කර නොමැති බව ඔහු පැවසීය. එසේම ශ්‍රී ලංකා රතු තරුව සහන බලකාය අළලා Dulip Di නමැති ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇත්තේ සම්පූර්ණයෙන් ම සාවද්‍ය ප්‍රකාශයක් බව ද හෙතෙම සඳහන් කළේය. කඩුගන්නාවේදි අත්අඩංගුවට ගත් පුද්ගලයා අලලා ජනතා විමුක්ති පෙරමුණ ලිපි ශීර්ෂයක ඉදිරිපත් කර ඇති ලිපිය ද සම්පූර්ණයෙන්ම සංස්කරණය කරන ලද ව්‍යාජ ලිපියක් බවද ඔහු පැවසීය. LPL තරඟාවලිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශයක් නොකළ බව ද අවධාරණය කළ ඔහු මෙම සටහන් සියල්ලම අසත්‍ය ප්‍රචාරයක් බවද සඳහන් කළේය.

    බිමල් රත්නායක මහතාගේ ට්විටර් ගිණුමේ පළවූ සටහන් මෙන් ව්‍යාජ සංස්කරණ මීට පෙරද පලවී තිබුණු අතර එවැනි සංස්කරණයක් පිළිබඳව අප කල විමර්ශනයක් මෙතනින්. එසේම පළමු සටහනේ දක්වා තිබු අනුරුව ම යොදා මීට පෙර අවස්ථා ගණනාවකදී ද ව්‍යාජ සටහන් ඉදිරිපත් වී තිබු අතර එවැනි එක් අවස්ථාවක අප සිදුකල විමර්ශනයක් මෙලෙසින්. තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාව දුරකථනයෙන් සම්බන්ධ කරගත් අතර එහිදී කියා සිටියේ ඔහුට විරුද්ධව අසත්‍ය ප්‍රචාර ගෙන යෑම සඳහා ඉහත පසුබිම යොදාගන්නා අතර ව්‍යාජ ට්ව්ටර් පණිවුඩ ද නොයෙක් අවස්ථාවලදී යොදාගන්නා බවයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ද අපට පවසා සිටියේ මෙම සටහනේ දක්වා ඇති පසුබිම යොදා ගනිමින් නොයෙකුත් අවස්ථා වලදී ව්‍යාජ සටහන් ඉදිරිපත් කෙරෙන බවයි. අප එවැනි පසුබිම සහිතව සිදුකෙරුණු ව්‍යාජ සටහනක් පිලිබඳව සිදුකල අනාවරණයක් මෙලෙසින්

    එසේම මිනි පෙට්ටි නොමිලේ රතු තරුව විසින් ලබාදෙන බව පෙන්වීම සඳහා යොදාගෙන තිබුනේ “Shihara Janaza Foundaton” නමැති ස්වේච්ඡා සංවිධානයක් විසින් කොවිඩ් වෛරසය වැළඳී මිය යන ඕනෑම ජාතියකට හෝ ආගමකට සම්බන්ධ අඩු අදායම්ලාභී අය හට නොමිලේ මිනි පෙට්ටි ලබා දෙන බවට පළවූ වර්තාවක පළවූ මෙවැනි ඡායාරුප පෙළක්. Link | Archived

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ, එහි ක්‍රියාකාරීන් සහ රතු තරුව ස්වේච්ඡා සංවිධානය අළලා මෑත කාලයේ ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති ඉහත සටහන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.