Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ජවිපෙ ඉලක්ක කර ගනිමින් පළ වූ ව්‍යාජ සටහන් පෙළක්!

    2021-09-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළේ නායකයින් මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කරලා අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට

    ජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළේ නායකයින් මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කරලා අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට ජවිපෙ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසූ බවට සඳහන් කළ උපහාසාත්මක සටහනක් A5 News.lk ෆේස්බුක් පිටුවේ දක්වා තිබූ බවට හඟවා තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    නිරෝධායන ඇඳිරි නීතිය සමයේ පීඩාවට පත්  ජනතාවට “ඔබ වෙනුවෙන් අපි” සමාජ සත්කාර සේවාව ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බිළිඳු උපකරණ හෝ බෙහෙත් අවශ්‍ය නම් එම ද්‍රව්‍ය නිවසටම ගෙනත් දෙන බවටත් ඒ සඳහා ඇමතුම් ලබා දීමට ජයසිංහ සහ ලාල් යන අය ඇමතීමට දුරකතන අංක දෙකක්ද දක්වා තිබුණා.

    Facebook | Archived Link

    Anura Kumara Dissanayake නිල ෆේස්බුක් පිටුවේ, “ලාංකේය සංගීතය නවමු මානයක් කරා යොමු කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ සුනිල් පෙරේරා සංගීතවේදියාණනි, ඔබට සුභ ගමන්!” සටහනක් දක්වමින් වේදිකාව උඩදී සුනිල් පෙරේරා තරුණියක්ව සම්පූර්ණයෙන් නිරුවත් කළ හැටි යන තේමාවෙන් යූ ටියුබ්හි පළ වූ වීඩියෝවක් එම සටහනට අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ දක්වා තිබූ බවට හඟවා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    “අප මතවාදයන් අතර ගැටලු තිබුණත් රාජපක්ෂ කඳවුරට එරෙහින ඔබ පක්ෂයේ නායකත්වය දැඩිව පිළිගනිමු” යනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරයට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිය සුභාශිංසනය එකතු කළ බවටද  ෆේස්බුක්සටහනක්ද සමාජ මාධ්‍ය සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කර ඇති හෙයින් අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට ජවිපෙ සභික ටිල්වින් සිල්වා මහතා පැවසූ බවට A5 News Sri Lanka පිටුවේ කාඩ් සටහනක් දක්වා නොතිබුණු බව අපගේ නිරීක්ෂණයේදී පැහැදිලි වූ අතර ඒ සම්බන්ධයෙන් අප ජවිපෙ මාධ්‍ය ලේකම් උපුල් රන්ජන් මහතාගෙන්ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ එම සටහන් උපහාසාත්මකව නිර්මාණය කර තිබු අසත්‍ය සටහන් පෙළක් බවයි. 

    නිරෝධායන ඇඳිරි නීතිය සමයේ පීඩාවට පත්  ජනතාවට “ඔබ වෙනුවෙන් අපි” සමාජ සත්කාර සේවාව සම්බන්ධයෙන් ජවිපෙ සභික ලාල් කාන්ත සහ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ දුරකතන අංක යොදා ඔවුන් අපහසුතාවයට පත් කිරීම සඳහා සාදන ලද ව්‍යාජ සටහනක් බවට මහින්ද ජයසිංහ මහතා සහ ලාල් කාන්ත මහතාද තහවුරු කරනු ලැබුවා. 

    ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ ගායක සුනිල් පෙරේරා මහතාට නිවන් සුව පතා දක්වා තිබූ සටහන නිරීක්ෂණය කිරීමට අප ඒ මහතාගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරනු ලැබුවා. එහිදී දැක ගන්නට ලැබුණේ, එවන් වීඩියෝවක් හෝ වීඩියෝවක ඡායාරූපයක් එක් කරමින් ගායක සුනිල් පෙරේරා මහතාට නිවන් සුව පතා සටහනක් පළ කර නොතිබුණු බවයි. 

    අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමට සුනිල් පෙරේරා මහතාගේ ඡායාරූපයක් සමඟ එකතු කර තිබු සත්‍ය සටහන පහතින්.

    Facebook | Archived Link

    බොහෝදුරට මෙම සටහන උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ව්‍යාජ සංස්කරණය සිදුකර තිබු බව අනුමාන කළ හැක. මෙම සටහන් දෙකෙහිම යොදාගෙන තිබෙන්නේ එකම සටහන් විස්තරය බව ද පෙනී ගියා. එම සංසන්දනය පහතින්

    එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය සඳහා අනුර කුමාර දිසානායක මහතා සුභාශිංසනය එක් නොකළ බව අප කළ විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ  නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කළ අතර මෙම සටහන අසත්‍ය බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ. එමෙන්ම මෙම සටහන ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහනක් බවට ජවිපෙ මාධ්‍ය ලේකම්වරයාද තහවුරු කරනු ලැබුවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවට අනුව පෙන්වා දිය හැක්කේ ඉහත සඳහන් සටහන් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සිදු කළ ප්‍රකාශ බවට දැක්වීමට ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද නොමග යවන සුළු සටහන් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.