Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මහබාගේ රිය අනතුර ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්?

    2021-11-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනත

    කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් කරන්නේ ඔහු සුලු ජාතිකයෙකුගෙ පුතෙක් නිසා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසූ බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    එමෙන්ම මන්ත්‍රී වරයා පැවසූ බවට තවත් සටහනක සඳහන් වුණේ, “මුස්ලිම් දරුවාගේ රිය අනතුර රාජපක්ෂ ආණ්ඩුවේ ජාතිවාදය ඇවිස්සීමේ කුමන්ත්‍රණයක්.. රථයේ තිරිංග කේබල් කපා දැමුවේ කවුද? ” යනුවෙන් ප්‍රකාශයක් පුවත්පතක පළ කර ඇති බවයි.

    Facebook | Archived Link

    එසේම ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් “විජිත හේරත් සහෝදරයගේ කෝටි 2ක ඉඩමට අත නොතබනු! ජනතා විමුක්ති පෙරමුණ” යනුවෙන් සඳහන් කළ සටන් පාඨයක් අතැතිව උද්ඝෝෂණයක නිරත වූ බව දැක්වීමට ඡායාරූප සටහනක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් පසුගිය 03 වන දා සිදුවූ මහබාගේ ජීප් රථ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ 16 හැවිරිදි සිසුවා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ප්‍රකාශයක් සිදු කළාද යන්න විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

    ඒ අනුව ප්‍රධාන මාධ්‍ය ධාරා වල එවන් ප්‍රකාශයක් ඇතුළත් ප්‍රවෘත්තියක් පළ වී නොතිබුණු බවට අපගේ නිරීක්ෂණයේදී තහවුරු විය. 

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා අප පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ, තමන් විසින් එම රිය අනතුර සම්බන්ධයෙන් හෝ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ තමන් විසින් සිදු කළ බවට පැතිරෙන එවැනි ප්‍රකාශ ඇතුළත් සටහන් මුළුමනින්ම අසත්‍ය බවයි, විජිත හේරත් මහතා වැඩි දුරටත් පවසා සිටියේ.

    එසේම ඉහත දෙවන සටහන සඳහා යොදාගෙන තිබු ඡායාරුපය “මව්බිම” පුවත්පතේ වසර කිහිපයකට පෙර සිටම යොදාගන්නා ලද විජිත හේරත් මහතාගේ ඡායරුපයක් වන අතර 2018 නොවැම්බර් මස පළවූ ලිපියක් මෙතනින්.

    අනුර කුමාර දිසානායක මහතා විසින් දක්වා ඇති ඡායාරූපය පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ එය 2020 වර්ෂයේ එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයකයට විරෝධය දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් මෙලෙස උපහාසාත්මක කොණයකින් සංස්කරණයට ලක් කර ඇති ආකාරයක්

    සත්‍ය සටන් පාඨයේ දැක්වුණේ, ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට අතනොතබනු ! ජනතා විමුක්ති පෙරමුණ” යනුවෙනි.

    එමෙන්ම එම සටන් පාඨය ඔසවා සිටින්නේද අනුර කුමාර දිසානායක මහතා ද, නොවේ. එම ඡායාරූපය පහතින්.

    Facebook | Archived Link  | Facebook

    සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලබන්නේ අනුර කුමාර දිසානායක මහතා සහ විජිත හේරත් මහතා විසින් පැවසූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඉහත ප්‍රකාශ සහිත සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2021-11-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.