Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මෑතදී අතිවු සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ මතයන් ලෙස ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

    2020-12-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සමාජ මාධ්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් පිළිබඳව විවිධ සටහන් දක්නට ලැබේ. මෙසේ ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ කළ කරුණු විමර්ෂණවලදී එම සටහන් සාවද්‍ය බව තහවුරු විය. එවැනි මෑතකදී සිදුකල වාර්තාවක් මෙතනින් ඒ අයුරින්ම මෑත කාලීන සිදුවී

    සමාජ මාධ්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් පිළිබඳව විවිධ සටහන් දක්නට ලැබේ. මෙසේ ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ කළ කරුණු විමර්ෂණවලදී එම සටහන් සාවද්‍ය බව තහවුරු විය. එවැනි මෑතකදී සිදුකල වාර්තාවක් මෙතනින්

    ඒ අයුරින්ම මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත බවට පළවූ සටහන් කිහිපයක් පිලිබඳ අප සිදුකළ කරුණු විමර්ශනයේදී ඒවා ද අසත්‍ය බවට තහවුරු විය.

    සමාජ මාධ්‍ය සටහන්:

    ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල හඳුනෙත්ති මහතා “මහර ඝාතන පිළිබඳව රාජපක්ෂ අඳුරු සෙවණැලි… මේ ගැන සොයන්න අපි ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරා… වාර්තාව තව දින 10 කින්. එක නිලධාරියෙක් මිය ගිහින් නෑ… නමුත් සිරකරුවන් 11 ක් ඝාතනය කරලා ” යන ප්‍රකාශය  පුවත්පතකට සිදුකළ අයුරු දැක්වෙන සටහනක් Dulip Di නමැත්තකු විසින් පළකර තිබෙනු දැකගන්නට ලැබුණා. 

    FacebookArchived Link
    FacebookArchived Link

    එසේම “කියුබානු එන්නත ලබන ජනවාරියේදී ශ්‍රී ලංකාවට…රතුතරුව සහ කියුබා රජය අතර සාකච්ඡා සාර්ථකයි. ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරය තවමත් ප්‍රමාදයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පුවත්පතකට ප්‍රකාශ කළ අන්දමට සැකසුණු සටහනක් දැකගනන්ට ලැබුනා.

    තවද “මහර බන්ධනාගාරයේ කෘතිම අරගලයක් නිර්මාණය කරමින් ලලිත් කූගන් නඩුවේ ඇසින් දුටු සාක්ෂිකරුවන් 8 දෙනාම රාජපක්ෂ මිලිටරි ජුන්ටාව විසින් අමානුෂික ලෙස මරා දමයි” යනුවෙන් ජාතික විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාගේ ටිවිටර් ගිණුමේ පළවූ බව ද Yasith Dilshan  නමැති ෆේස්බුක් ගිනුමක පහත පරිදි ඉදිරිපත්  තිබුණා.

    FacebookArchived LinkFacebookArchived Link

    එසේම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත විසින් “රාජපක්ෂ නිකායේ හාමුදුරුගොල්ලෝ… කසිප්පු බීලා කියන පිරිත් වතුර මුට්ටි පිටින් ගඟට අතඇරියාට කොරෝනා සුව වෙන්නෙ නෑ” ප්‍රකාශය පුවත්පතකට පැවසු සේ දක්වන සටහනක් Dulip Di ෆෙස්බුක් ගිණුමේ දක්නට ලැබුණා.,

    FacebookArchived Link

    ලාල්කාන්ත මහතා අලලා පළවූ තවත් සටහනකින් දක්වා තිබුනේ “සාදික්කයි පැණියි දාලා කොහොමද කොරෝනා බෙහෙත් හදන්නෙ? අරක්කු නම් හදත හැකි” වදන රෝපණය කළ සටහනක් විශාල වශයෙන් හුවමාරු වී තිබුණා.


    Facebook
    Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන්වල අන්තර්ගත කරුණු තහවුරු කර ගැනීමට අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. මෙම සටහන්වල අන්තර්ගත කරුණු සියල්ල සාවද්‍ය බවත්, තම පක්ෂයේ ක්‍රියාකාරීන් මෙවැනි අදහස් කිසිසේත් ප්‍රකාශ නොකරන බවත් එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි උපුල් රංජන් මහතා අවධාරණය කළේය.

    සුනිල් හඳුනෙත්ති මහතා මව්බිම පුවත්පත සමග කළ සාකච්ඡාවක් සංස්කරණය කර ඔහු පිළිබඳව සටහන බොහෝදුරට ඉදිරිපත් කරඇති බව පැවසීය. සුනිල් හඳුනෙත්ති මහතාගේ ෆේස්බුක් පිටුවේ පරීක්ෂා කළ විට පහත සටහන දක්නට ලැබුණා.

    Facebook Archived Link

    නොවැම්බර් මස 22 වැනි දින ඉරිදා මව්බිම පුවත්පතේ (19 පිටුවේ) එම සාකච්ඡාව පළ කර තිබුනු අතර එය සංස්කරණය කරමින් බොහෝදුරට පලකර ඇති බව අපට පෙනී ගියා. 

    Yasith Dilshan නමැති ෆෙස්බුක් ගිණුමේ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන බොහෝ සටහන් සාවද්‍ය බව මින් පෙරද ජාතික ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර තිබුණා.

    FacebookArchived Link

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් පුවත්පතට සිදුකළ කියුබානු එන්නත සම්බන්ධ ප්‍රකාශය ගැන අප ඔහුගෙන් විමසු අතර එවැනි ප්‍රකාශයක් මෑතකදී සිදුකලේ නැති බව පවසා සිටියා. ශිවන්ති ප්‍රනාන්දු නම් දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදිනියකගේ නම යටතේ පලකරන ලද ලිපියක සිරස්තලයක් ආකාරයෙන් පල වී තිබු නිසා මේ පිළිබඳව දිනමිණ පුවත්පතේ පුවත් අංශයෙන් විමසා සිටි අතර එවැන්නක්‌ මෑතකදී පළවුණේ නැති බව පවසා සිටියා. පසුගිය කාලයේදී දිනමිණ පුවත්පත් පරීක්ෂා කිරීමේදී ද එවැනි ලිපියක් දැකගන්නට ලැබුණේ නැති අතර ශිවන්ති ප්‍රනාන්දු මාධ්‍යවේදිනියද එවැනි ලිපියක් මෑතකදී පළකලේ නැති බව පවසා සිටියා.

    බිමල් රත්නායක මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ද ඔහුගේ ට්විටර් ගිණුමේ පළවූ සටහනක් ආකාරයෙන් සංස්කරණය කරමින් පළ කර ඇති අතර මීට පෙර ද මෙවැනි අවස්ථා ගණනාවක දී මෙම ආකෘතිය ම යොදාගෙන සංස්කරණ සිදු කර ඇති බව අප මෙසේ පෙන්වා දී තිබුණි

    Dulip Di සහ බයියෝ කපෝතියි ෆේස්බුක් පිටුවල සටහන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල්කාන්ත මහතා වෙත යොමුකර එවැනි ප්‍රකාශ නිකුත් කර ඇත්දැයි විමසුවෙමු. මෙවැනි පහත් හාස්‍යජනක ප්‍රකාශ තමා නොපවසන බවත්, මෙය රාජපක්ෂ මඩ බලකායේ ක්‍රියාවක් බවත් ඔහු පැවසීය.

    Dulip Di ෆේස්බුක් ගිණුම ද ජනතා විමුක්ති පෙරමුණට පහර ගසන පිටුවක් බව මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි උපුල් රංජන් අප හා පවසා සිටියා.

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෑත කාලීනසිදුවීම් වන මහර බන්ධනාගාර කැරැල්ල සහ කෑගල්ලේ වෙද මහතෙකු විසින් කොරෝනා ආසාදනය සඳහා නිෂ්පාදනය කරන ලද දේශීය ඖෂධය ඇතුළු කරුණු අලලා ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් සම්බන්ධයෙන් ෆේස්බුක් ජාලයේ හුවමාරු වන ඉහත සටහන් සාවද්‍ය සටහන් බවය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    NM

    Nelson Mani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-12-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.