Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කොළඹ නගරාධිපති ධුරය සහ සමගි ජන බලවේගය සම්බන්ධ කර ගනිමින් පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

    2025-06-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ නගරාධිපති ධූරය සඳහා අද(16) දිනයේ ජාතික ජන බලවේගයේ  ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය තේරීපත් වූ අතර මීට සමගාමීව අසත්‍ය සටහන් කිහිපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූවා. කොළඹ පුරපති තෝරා ගැ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    කොළඹ නගරාධිපති ධූරය සඳහා අද(16) දිනයේ ජාතික ජන බලවේගයේ  ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය තේරීපත් වූ අතර මීට සමගාමීව අසත්‍ය සටහන් කිහිපයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූවා. කොළඹ පුරපති තෝරා ගැනීම හා සමගි ජන බලවේගය හා එහි සමාජිකයන් සම්බන්ධ කර ගනිමින් පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂායි මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Claim 1:

    කොළඹ මහ නගර සභාවේ අභිනව නගරාධිපතිතුමියට සමගි ජන බලවේගය විසින් උණුසුම් සුභ පැතුම් එක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Claim 2:

    “කොළඹ නගරාධිපති ඡන්දේ පරාජයට දිස්ත්‍රික් නායකයා වගකියන්න ඕනා” යනුවෙන්  සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් ප්‍රකාශයක් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් ද, පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook

    Update claim 3 :

    මේ අතර අනෙකුත් පක්ෂ වලින් ද, ව්‍රායිට සුබපැතුම් එක් කළ බවට දක්වමින් සටහන් එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

    Facebook

    මෙම සටහන් වල සත්‍යතාවක් ද ඇත්දැයි යන්න පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    Claim 1:

    සමගි ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුව හරහා අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කරනු ලැබුබේ එම පක්ෂය විසින් මාලිමාවේ අභිනව පත් වූ කොළඹ පුරපතිට ඉහත සඳහන් ලෙස සුබ පැතුම් එක් කර තිබුණේ ද, යන්නයි.

    නමුත් එවැනි සුබ පැතුමක් එම නිල පිටුවේ ඉහත දැක්වෙන ලෙස සටහනක් පළ කර නොතිබුණු බව අපට දැක ගැනීමට හැකි වුණා.

    එමෙන් ම සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, තහවුරු කළේ,  මෙම සමාජ මාධ්‍ය සටහන අසත්‍ය බව ත් එවැනි සුබ පැතුම් එක් කළ සටහනක් තම පක්ෂය විසින් පළ කර නොමැති බවයි.

    එවැනි සටහනක් පළ වී නොතිබුණ නමුත් අද (16) දිනයේ කොළඹ නව පුරපති තේරීපත් වීමෙන් පසු සමගි ජන බලවේගය විසින් මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත් වූ අතර එහිදී එම පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා සිය කතාව ආරම්භ කිරීමේදී නව පුරපති ව්‍රායි කැලී බල්තසාර්ට සුබ පැතුම් එක් කර තිබුණේ මේ අයුරින්.

    Archived Link

    Claim 2:

    හිරු පුවත් නිල ෆේස්බුක් පිටුවේ පළ කර ඇති පුවතක් ලෙසට දක්වමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කර ඇති බව කියන ප්‍රකාශය පිළිබඳව ද, අප ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුව හරහා පරීක්ෂා කළ ත්, හිරු පුවත් ඔස්සේ ඉහත දැක්වෙන අයුරින් පුවතක් වාර්තා කර නොතිබුණි.

    එමෙන් ම අප වෙනත් ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා ද, පරීක්ෂා කරනු ලැබුවේ, කොළඹ පුරපති තේරීමේ ඡන්දය සම්බන්ධයෙන් හර්ෂ ද, සිල්වා මහතා ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්නයි. නමුත් අපට එ් අයුරින් සඳහන් වූ පුවතක් ද, දැක ගන්නට නොහැකි විය.

    අප මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද, සිල්වා මහතාගෙන් විමසා සිටි අතර ඔහු තහවුරු කළේ, මෙය අසත්‍ය තොරතුරුක් බව ත්, තමන් විසින් “කොළඹ නගරාධිපති ඡන්දේ පරාජයට දිස්ත්‍රික් නායකයා වගකියන්න ඕනා” යනුවෙන් මාධ්‍ය වෙත හෝ වෙනත් පාර්ශවයකට හෝ ප්‍රකාශයක් සිදු නොකළ බවයි.

    එමෙන් ම මේ පිළිබඳව සමගි ජන බලවේග මාධ්‍ය අංශය ද, තහවුරු කළේ, මෙම පුවත අසත්‍ය බවයි.

    Update claim 3 :

    කොළඹ නව පුරපති ව්‍රායිට සුප පැතුම් අනෙකුත් පක්ෂ වලින් ද, එක් කර තිබූ සටහන් පිළිබඳ අප එම පක්ෂ වල සහ ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා ද, පරීක්ෂා කළ අතර එවැනි සුබ පැතුම් එක් කර ඇති බවට දැක ගන්නට නොලැබුණි. එමෙන් ම එම පක්ෂ වල මාධ්‍ය අංශද, තහවුරු කළේ මෙම සටහන් අසත්‍ය බවයි.

    කොළඹ මහ නගර සභාවේ නගරාධිපති

    පළාත් පාලන මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට 50 ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු හෙයින් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද(ජූනි 16) පැවැත්වුණා.

    ඒ අනුව, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා. ඒ ඡන්ද 61 ක් ලබා ගනිමින්.

    සමගි ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ සභාපති ධුරය සඳහා මොහොමඩ් රීසා සාරුක් ඉදිරිපත් වී තිබූ අතර ඇය ලබා ගෙන තිබුණේ, ඡන්ද 54කි.

    ඒ අනුව රහස් ඡන්ද විමසීමක් මඟින් කොළඹ 26 වන පුරපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් වැඩි ඡන්ද 7කින් තේරී පත් වී තිබුණා.

    නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් කොළඹ නාගරික කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ විසින් යෝජනා කර තිබුණා. ඒ සඳහා ජාතික ජන බලවේගය විසින් රහස්‍ය ඡන්දයක් සහ සමගි ජන බලවේගය විසින් විවෘත ඡන්දයක් යෝජනා කර තිබෙනවා.

    අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් විවිධ අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර විපක්ෂය විසින් නගරාධිපතිවරයා තෝරා පත්කර ගන්නා ඡන්ද විමසීම කුමන ආකාරයෙන් සිදුකළ යුතු ද යන්න විමසීමේ රහස් ඡන්දය අවශ්‍ය නොවන බව සඳහන් කර තිබුණා.

    පසුව කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීම රහස්‍ය ඡන්දයක් මඟින් පැවැත්වීමට විපක්ෂය විසින් යෝජනා කර ඇති අතර නගරාධිපති තෝරාපත්කර ගැනීම රහස් ඡන්දයක් හරහා සිදුකිරීමට සභිකයින් සියලුදෙනා ඒකමතිකව එකඟතාව පළ කර ඇති බවයි ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කරන්නේ. මේ සම්බන්ධයෙන් පළ වන ප්‍රධාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-06-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.