Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අනුර කුමාරගේ කැනඩා සංචාරය අතුළුව NPP ඉලක්ක කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

    2024-03-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “දෙමළ ජනතාවගේ සාධාරණ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Claim 1:

    “දෙමළ ජනතාවගේ සාධාරණ සන්නද්ධ අරගලයට කැනඩාව බොහෝ සෙයින් උදව් කරා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාවට ගොඩබැසූ අවස්ථාවේ දී ටොරොන්ටෝ ගුවන්තොටුපොළේ දී පැවසූ බවට සඳහන් කරමින් සටහනක් සංසරණය වූයේ එය සිරස News1st නිල ෆේස්බුක් පිටුවේ බවට පළ වී තිබු පුවතක් බවටද ඒත්තු ගන්වමින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    Fact-Check:

    ජාතික ජන බලවේගය විසින් පසුගියදා කැනඩාවේ ජනහමුවලට සහභාගී වීමට එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා Toronto ගුවන්තොටුපළ ට පැමිණි අවස්ථාවේ ඉහත සඳහන් ලෙස ප්‍රකාශයක් සිදු කළ බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක පළ වී නොතිබුණි.

    එමෙන් ම News1st නිල ෆේස්බුක් පිටුවේ ද, ඉහත සඳහන් ප්‍රවෘත්තිය පළ වී නොතිබුණු හෙයින් අප ඒ පිළිබඳ එහි ඩිජිටල් අංශයේ කළමණාකරුගෙන් විමසීමක් කළ අතර ඔහු තහවුරු කළේ, එවැනි පුවතක් පළ නොකර ඇති බවත්, ඒ සඳහා භාවිත කර තිබූ පුවත් ආකෘතිය පැරණි පුවත් ආකෘතියක් බවත්, එය මේ වන විට භාවිත නොවන බවයි.

    තවද, අනුර කුමාර දිසානායක මහතා ගුවන්තොටුපොළට පැමිණීම පිළිබඳ වාර්තා කර තිබූ නිල පුවත් ෆේස්බුක් පිටු ද, ඉහත සඳහන් ප්‍රකාශය අනුර මහතා විසින් කළ බව ට හෝ දක්වා නොතිබුණි. එම වීඩියෝව මෙතනින්. එම අවස්ථාවන් ට සහභාගී වූ කිහිප දෙනෙකුගෙන් ද, අප විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටිනේ අනුර කුමාර මහතා විසින් එවැනි ප්‍රකාශයක් කිසිදු විටකදී සඳහන් නොකළ බවයි.

    Claim 2:

    NPP ය කැනඩාවේ පැවති සමළුවක් අතරතුර දෙමළ ජාතික තරුණයෙකු, දෙමළ බසින් ජාතිකත්වය පිළිබඳ  පැනයක් අනුර කුමාර මහතාට යොමු කළ බවත්, ඒ හේතුවෙන් එම තරුණයාව එම ශාලාවෙන් පිටතට යැවූ බවටත්, දක්වමින් ‘X’ හී වීඩියෝවක් පළ කර තිබුණේ මේ අයුරින්.

    Twitter 

    Fact-Check:

    අප ඉහත වීඩියෝව හොඳින් පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, දමිළ බසින් ලංකාවේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන්  ඉහත පැනයක්  යොමු කරන ලද්දේ තරුණයෙකු බවත් ඔහු ඇඳ සිටින්නේ කළු පැහැති ජැකැට්ටුවක් බව ත්, පසුව ඉවත් කරනු ලබන්නේ මැදිවියේ පුද්ගලයෙකු බවත් ඔහු ඇඳ සිටින්නේ සුදට හුරු පැහැයක ජැකැට්ටුවක් බව ත් ය. එනම් එම අවස්ථා දෙකෙහි දැක්වෙන්නේ එකම පුද්ගලයෙකු නොවන බවට තහවුරු වෙයි.

    මේ හේතුවෙන් අප ඉහත අවස්ථාවේ සම්පූර්ණ වීඩියෝව සොයා කළ පරීක්ෂණයේදී එහි සම්පූර්ණ අවස්ථාව සඳහන් YouTube වීඩියෝවක් වෙත අපගේ අවධානය යොමු විය. ඒ අනුව එම තරුණයාට පසුව සභාවේ සිටින පුද්ගලයන්ගේ තව ත් පැනයන් දෙකක් තෝරා ගන්නා අතර ඒ සියලු පැන සඳහා අනුර කුමාර මහතා පිළිතුරු ලබා දෙනු දැක ගන්නට ලැබේ.

    එමෙන් ම අප සිදුකළ ඉහත සම්පූර්ණ වීඩියෝව නිරීක්ෂණයේදී දැක ගැනීමට හැකි වූයේ එම ශාලාවෙන් ඉවත් කෙරූ පුද්ගලයාගේ හැඩහුරුවට සමාන පුද්ගලයෙකු එම ශාලාවේ එම වැඩසටහන පටන් ගන්නා අවස්ථාවේ සිට බාධා වන අයුරින් හැසිරුණු බවයි. එම පුද්ගලයා සහ ශාලාවෙන් ඉවත් කෙරුණු පුද්ගලයා එක් අයෙකු බව ට දැක ගැනීමට හැකි වේ.

    මේ පිළිබඳව අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරකගෙන් ද, විමසීමක් කළ අතර ඔහු පවසා සිටියේ, එම අවස්ථාවේදී ශාලාවේ සිටි බීමත් පුද්ගලයෙක් එම ජන හමුවට බාධා වන අයුරින් හැසීරීම හේතුවෙන් ශාලාවේ සිටි ආරක්ෂක අංශය විසින් ඔහු ඉවත් කිරීමට පියවර ගත් බවයි. එම පුද්ගලයා ඉහත පැනය යොමු කළ තරුණයා නොවන බවත් තහවුරු කළා.

    එම අවස්ථාවේ Toronto නගරයේ ඉහත ශාලාවේ සිටි පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ද, අප මේ පිළිබඳ වැඩිදුරටත් තහවුරු කර ගැනීම සඳහා විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමගින් මෙම ලිපිය යාවත් කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    Claim 3:

    “මියුසියස් ආදි ශිෂ්‍යාවෝ කාන්තා දිනේට ප්ලේන් පදිනවා අපේ අය එදාටත් බඩ ඉරිඟු තම්බනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන නැද්ද?” යනුවෙන් නලින් හේවගේ මහතා සඳහන් කළ බවට දක්වමින් සටහනක් සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact-Check:

    නලින් හේවගේ මහතා විසින් ඉහත සඳහන් ආකාරයේ ප්‍රකාශයක් කර නොමැති බවට අප ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ පරීක්ෂා කිරීමේදී අනාවරණය විය. එමෙන් ම නලින් හේවගේ මහතා විසින් මෑතකදී එවන් ප්‍රකාශයක් කළ බව ඔහු සහභාගි වූ වැඩ සටහන් හමුවේ ද, පරීක්ෂා කළත් එවැනි ප්‍රකාශයක් කළ බවට දැක ගන්නට නොලැබුණි. එමෙන් ම News1st නිල ෆේස්බුක් පිටුවේ ද, එවැනි පුවතක් පළ වී නොතිබූ අතර ඩිජිටල් අංශයේ කළමණාකරුගෙන් අප කළ විමසීමෙදී ඔහු පවසා සිටියේ එවැනි පුවතක් එම ෆේස්බුක් පිටුව විසින් පළ කර නොතිබූ බවයි.

    එමෙන් ම නලින් හේවගේ මහතා විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ට ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය තහවුරු කරනු ලැබුවා.

    Claim 4:

    මාලිමාවේ ස්ටිකර ගසා ඇති ත්‍රී රෝද රථ සඳහා අද සිට ගෙවිය යුත්තේ ගමන් ගාස්තුවෙන් භාගයයි යනුවෙන් සඳහන් කරමින් ආබාධිතයන්, රෝගී පුද්ගලයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගාස්තුවෙන් සම්පූර්ණයෙන් ම නිදහස් බව ට දක්වමින් ෆේස්බුක් සඳහනක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact-Check:

    ඉහත සටහනේ සඳහන් තොරතුරු අසත්‍ය බවට ද, ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය විසින් තහවුරු කළ අතර ‘ඉරි’ ෆේස්බුක් පිටුවේ ද, එවැනි සටහනක් පළ වී ඇති බව ට දැක ගන්නට නොලැබුණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-03-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.