Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පීරිස් ඉලක්ක කරමින් ව්‍යාජ සටහන් පෙළක්!

    2022-06-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ඇතුළුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉලක්ක කරගනිමින් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද

    ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ඇතුළුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉලක්ක කරගනිමින් නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඉන්ධන පිරවුම්හල් සේවකයන් හා ආරක්ෂ අංශ වෙත යම් ප්‍රහාර හෝ කලබලකාරී සිදුවීම් වෙනුවෙන් ඔවුන් සඳහා නීතිමය ආරක්ෂාව ලබා ගැනීමට අමතන්න. සාලිය පීරිස් මහතා (සභාපති –නීතිඥ සංගමය)” යනුවෙන් දුරකථන අංකයක් ද සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන හුවමාරු වූ තවත් සටහනක් මෙතනින්.

    WhatsApp ඔස්සේ ද මෙම ඡායාරූපය හුවමාරු වී තිබු අතර “සාමය ආරක්ෂා කරමින් රාජකාරියේ යෙදී පොලිස් නිලධාරීන් හට සංවිධානාත්මකව සිදු කරන ප්‍රහාර වලට විරුද්ධව සිය නීතිඥ සංගමයේ සහාය පොලිස් නිලධාරීන් වෙනුවෙන් ලබා දීමට සාලිය පීරිස් මහතා සිය කැමැත්ත ලබා දෙයි – සාලිය පීරිස් (සභාපති– නීතිඥ සංගමය)” යනුවෙන් සඳහන් කරමින් දුරකතන අංකයක් ද, ලබා දෙමින් තවත් සටහන් පෙළක් පළවී තිබුනේ මෙලෙසින්

    Facebook | Archived Link   Facebook | Archived Link

    මේ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් දැක්වෙන්නේ මෙම සටහන් සත්‍යක් බවට උපකල්පනය කර ඇති බවක් ද දැක ගන්නට ලැබෙනවා.

    මෙම සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම් අසල පසුගිය දින කිහිපයේ දී දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතාව, පිරවුම්හල් සේවකයින් හා පොලීස් නිලධාරීන් අතර ගැටුම් කිහිපයක් ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද වාර්තා වුණා. 

    පසුගිය 17 වන දා ඉන්ධන පිරවුම්හලක ඉන්ධන අවසන්ව ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ කලහකාරී ලෙස හැසිරුණු පිරිසගේ පහරදීමෙන් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලැබුවා. ඒ සම්බන්දයෙන් පළවූ “මව්බිම” පුවත් වාර්තාව මෙතනින්. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

    එමෙන්ම එදිනම කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ද ඉන්ධන පෝලිමක රැඳී සිටි පිරිසක් හා පොලීසිය අතර  නොසන්සුන්තාවයක් හටගත්තා. එම ගැටුම අතරතුර පොලිසිය සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින් කුරුණෑගල පොලිසිය ඉදිරිපිට ඊයේ විරෝධතාවක්ද පැවැත්වුණා. ඒ සම්බන්ධ වීඩියෝව මෙතනින්.

    පවත්නා තත්ත්වයේ බැරෑරුම්කම ජනතාවට හෙළිදරව් කර රට තුළ පවතින අර්බුදයෙන් මුදා ගැනීමට ගන්නා ක්‍රමවේදය පිළිබඳව ද නිරන්තරයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය කටයුතු කළ යුතු බව, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළා.

    ඉන්ධන ගෑස් සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කර තිබෙන සැලසුම් මෙන්ම එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ද ජනතාව දැනුවත් කළ යුතු බවත් මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ බලාපොරොත්තු සුන්වන තත්ත්වය තුලින් ජනතාව කෝපයට සහ දැඩි අසහනයට පත්ව ඇති අතර, පිරවුම්හල්වලින් වාර්තා වන ප්‍රචන්ඩ ක්‍රියා අදාළ ආතති තත්ත්වය නිරූපණය කරන බවයි එම සංගමය සඳහන් කර තිබුණේ, එම නිවේදනය පහතින්.

    BASL-Statement-on-Law-and-Order-18th-June-22-Sinhala-f-1

    මෙවැනි වාතාවරණයක් හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා එම ඉන්ධන පිරවුම්හල් අසල රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් වෙනුවෙන් නීතිය හමුවේ පෙනී සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබීම හේතුවෙන්, එවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පළවුණි දැයි පරීක්ෂා කළ ද අපට දැක ගන්නට නොලැබුණි.

    එහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප නීතිඥ සාලිය පීරිස් මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    නීතිඥ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ, ඉහත සඳහන් සටහන් සියල්ල අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි. නීතිඥ සංගමය විසින් මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සෑමවිටම සාධාරණ සහ අපක්ෂපාතී විය යුතු බවත් තමන් විසින් නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත්, තමන් සහ නීතිඥ සංගමය ප්‍රකෝපකාරී නොවූ අසාධාරණ ලෙස අත්අඩංගුවට පත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, ඔහු සඳහන් කරනු ලැබුවා.

    “තව ද පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, කිරිපිටි, ලාෆ්ස් සහ ලිට්‍රො ගෑස් නිවෙසටම.. අමතර වියදම රුපියල් 300ක් පමණයි” යනුවෙන් සඳහන් කරමින් එක් එක් දිස්ත්‍රික්ක සඳහා ඇමතුම් අංක ලබා දෙමින්, හදිසි ඇමතුම් අංකය ලෙස  0777 144004 නමැති දුරකතන අංකයක් ද, ලබා දී සටහන් පළව තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link Facebook | Archived Link

    මෙම සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ ද මෙය සත්‍යයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර ඇති බවයි.

    ඉහත සටහනේ දක්වා තිබූ දුරකතන අංකයට , අප දුරකතන ඇමතුමක් ලබා ගත් අතර එහිදී පෙනී ගියේ, එහි සඳහන් වී ඇත්තේ, ලංකා නීතිඥ සංගමය විසින් පැය 24 පුරා පවත්වාගෙන යන වධහිංසා මර්ධන ඒකකයේ (Anti Torture Program) දුරකතන අංකය බවයි.

    එනම්, අසාධාරණ ලෙස වධහිංසාවලට ලක්වූ වින්දිතයන්ට, අගතියට පත් පාර්ශ්වයන්ට නීති ආධාර සැපයීමේ නීති ආධාර ඒකකයේ දුරකතන අංකය මෙම ව්‍යාජ සටහන් සඳහා යොදාගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද, සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්. Archived Link

    එමෙන්ම ඉහත සමාජ මාධ්‍ය සටහන්හි සඳහන් කර තිබූ අනෙකුත් දුරකථන අංකයයන්ට ද, අප දුරකතන ඇමතුම් ලබා ගත් අතර එහිදී පෙනී ගියේ,  Truecaller ඇමතුම්කරු හඳුනාගැනීමේ විශේෂාංග ඇති ස්මාර්ට්ෆෝන් යෙදුම ඔස්සේ දැක ගන්නට ලැබුණේ, එහි සඳහන් වී ඇත්තේ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, කිරිපිටි, ලාෆ්ස් සහ ලිට්‍රො ගෑස් සැපයුම්කරුවන්ගේ දුරකථන අංක නොව නීතිඥවරුන්ගේ දුරකතන අංක බවයි. එසේම මෙම සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් එම අංක බොහොමයක් ක්‍රියා විරහිත කර තිබූ ආකරයක් ද අපට නිරීක්ෂණය වුණා.

    කෙසේ වෙතත් මෙම අර්බුදකාරී තත්ත්වයේදී ජනතාවවෙනුවෙන් නීතිඥ සංගමය පෙනී සිටීම හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සඳහන් නිර්මාණය වී ඇති බවට උපකල්පනය කළ හැක.

    මීට පෙර ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ එහි සභාපති සාලිය පිරිස් මහතා ඉලක්ක කරගනිමින් ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් ම හුවමාරු වී තිබුණා.

    Also Read:

    ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා සමග දුරකතන සංවාදයක් ද?

    Campaign by Saliya Pieris to become the next President of Sri Lanka?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ ලංකා නීතිඥ සංගමයේ සභාපතී සාලිය පීරිස් මහතා සහ එම සංගමයේ නීතිඥවරුන් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය සටහන් අසත්‍ය සහ නොමග යවන සුළු බවයි. 

    ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම් අසල මේ දිනවල ඇතිවන ගැටුම් කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට සහය වීමට සාලිය පීරිස් මහතා නීතිඥ සහාය ලබා දෙන බවට ප්‍රකාශ කිසිවක් සාලිය පිරිස් මහතා විසින් ලබා දී නොමැති බව එහි සභාපතිවරයා තහවුරු කරනු ලැබුවා.

    එමෙන්ම මේ දිනවල හිඟ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා දෙන බවට සඳහන් කරමින් ඒ පිළිබඳ විමසීමට දක්වා තිබූ දුරකතන අංක බොහොමයක් නීතිඥවරුන්ගේ දුරකතන අංක වන අතර එවන් සේවාවක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ක්‍රියාත්මක නොවේ. එහි අවසානයේ දක්වා ඇත්තේ, ලංකා නීතිඥ සංගමයේ වධහිංසා මර්ධන ඒකකයේ දුරකතන අංකයයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-06-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.