Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK : ඇඳිරි නීතිය අතරතුර ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?

    2020-10-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා  මැදියම් රාත්‍රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පර

    දිනෙන් දින ලංකාවේ කොරෝනා රෝගී තත්වය වර්ධනය වීමත් සමඟ විවිධ ප්‍රදේශ මූලික කරගනිමින් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය කටයුතු කලා. මේ අතර ඔක්තෝබර් 29 වන බ්‍රහස්පතින්දා  මැදියම් රාත්‍රියේ සිට නොවැම්බර් මස 02 වැනි දින උදෑසන දක්වා බස්නාහිර පලාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර තිබුනා. මේ හා සමඟම ඇතැම් අය අගනුවරින් බැහැර ඇති සංචාරක හෝටල් පවා වෙන් කරගනිමින් එම ස්ථාන කරා ගමන් කරන පුවත් අසන්නට ලැබුනා

    මේ හේතු නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා ප්‍රකාශ කලේ ඇඳිරිනීතිය පැනවීමෙන් පසුව අත්‍යවශ්‍ය හේතුවකට හැර බස්නාහිර පලාතෙන් පිටවීම, ඇතුළුවීම සහ හරහා ගමන් කිරීම තහනම් බවයි.

    මේ අතර ජනප්‍රිය රංග ශිල්පිනියක් වන ශනුද්‍රි ප්‍රියසාද් ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව බස්නාහිර පලාතෙන් පිටව ගොස් ඇති බවට පළව තිබු සටහන් නොමඟ යවන සුළු ආකාරයෙන් පළකර තිබු සාවද්‍ය සටහන් බව අපට අනාවරණය වුනා.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් :

    B Alert නම් ෆේස්බුක් පි‍ටුවක් වාර්තා කර තිබුනේ රංගන ශිල්පිනියක වන ශනුද්‍රි ප්‍රියසාද් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබු සටහන පහතින්. 

    “බස්නාහිරෙන් පිට ගිය අය අල්ලනවද ? 

    එහෙනම් මෙන්න ජනප්‍රිය නිළියකුත් ගිහින් ඒක ෆේස්බුක් දාලා..

    බස්නාහිර පලාතෙන් පිටව ගිය පුද්ගලයින් එලෙස ගොස් රැඳී සිටින ස්ථාන සම්බන්ධයෙන් මේ වන විටත් තොරතුරු රැස් කරමින් සිටින බව පොලිසිය පවසා තිබේ.

    එසේ වුවද ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ශනුද්‍රි ප්‍රියසාද් තමන් කොළඹින් බැහැරව ගොස් ඇති බවට ෆේස්බුක් ඔස්සේ ඡායාරූප ද පළ කරමින් සඳහන් කර ඇත.

    ඇය පවසන්නේ සත්‍යයක් නම් ඇය පිළිබඳව පොලිසිය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න ඇගේම රසික රසිකාවියන් විසින් විමසා තිබේ.

    ජනප්‍රිය අයට නීතිය එකක්ද නැත්නම් රටේ ජනතාවට එකසේ සමානද යන්නයි ඔවුන් ප්‍රශ්න කර ඇත්තේ.

    නීතිය කරවන බලධාරීන්ගේ අවධානයට”

    FacebookArchived Link

    මෙම තේමාව යටතේම තවත් ෆේස්බුක් සටහන් කිහිපයක් ද දැකගනන්ට ලැබුනා

    FacebookArchived Link
    FacebookArchived Link
    FacebookArchived Link

    වෙබ් අඩවි කිහිපයකද එම කරුණ පලවී තිබු අතර ඇතැම් පළකිරීම් මේ වන විට ඉවත් කර තිබෙනු ද දක්ගනන්ට ලැබුනා. එවැනි වෙබ් අඩවියක පළවූ පුවතක් පහතින්

    Link Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙම සටහන් බොහොමයකට මුල්වී තිබුනේ ශනුද්‍රි ප්‍රියසාද් විසින්ම අද (ඔක්තෝබර් 30) උදැසන පළකර තිබු ඡායාරුප සටහනක්. If only I could quarantine inside a jungle 🥺 (වනාන්තරයක් ඇතුලත නිරෝදායන වීමට හැකි නම්) ලෙස සටහන් කරමින් උණවටුන ජංගල් බීච් හි සිට ලබාගෙන තිබු එම ඡායාරුපය තමාගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත ශනුද්‍රි විසින් එකතු තිබුණි. පහතින් දැක්වෙන්නේ එම ඡායරුපයයි

    https://www.facebook.com/ShanudrieOnline/posts/1814685385351317?__cft__[0]=AZV7HcY11ImpoUpEMR-nkSMCWnUSDSbsc2aveq2WsE9Jdku7YxJBEEKJk8go12EpQIvDU11g065jC58nzFZrAn2mjFp9c4L3Po940bsY78hp0pTfXW8XN5kSZPcfa103coF5IFruGIkiN1wADPwvZLGRQbJZ8dsHm9tHJldkU17yf7–jckoR00bllU23qePdN-IicV7jlv-tG_QnElNRHOFrPGV8iF8fCFe1WITWrtlVg&__tn__=%2CO%2CP-R
    FacebookArchived LinkInstagramArchived

    අප මේ පිලිබඳව සැබෑ තත්වය දැනගැනීමට ශනුද්‍රි ප්‍රියසාද් සම්බන්ධ කර ගත්තා. ඇය සඳහන් කලේ ඇය බස්නාහිර පළාතෙන් බැහැරව ඇතැයි පැතිර යන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. ඇඳිරිනීතිය කාල සීමාවේ ඇය පවුලේ අය සමග හෝමාගම නිවසේ සිටින බවත් තමාගේ සමාජ මාධ්‍ය වෙත එකතු කල ඉහත ඡායාරූපය අගෝස්තු මස මුල ගාල්ල ප්‍රදේශයේ සිදුකළ සංචාරයකදී ලබාගත් එකක් බවත් ඇය තහවුරු කර සිටියා. වෙනදා මෙන්ම යම්කිසි ඡායාරුපයක් පලකරන විට ලබාගත් ස්ථානයත් සමඟ ටැග් කරමින් එම ඡායාරුපය පල කළ බවත් පවසා සිටියා.

    මෙම කරුණ පිලිබඳව වැඩි දුරටත් කරුනු සොයාබැලීමේදී ඇයගේ සහෝදරියක වන ශෙශාද්‍රි ප්‍රියසාද් විසින් ඉන්ස්ටග්‍රම් වෙත එකතු කර තිබුනු ඡායාරූප පෙළක් වෙත අපගේ අවධානය යොමු උනා. එම ඡායාරූපය මේ වසරේ අගෝස්තු මස දෙවනදා ඉන්ස්ටග්‍රම් වෙත එකතු කර තිබුනු අතර එය  හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක සිට ගත් එකක් බවට සටහන් කර තිබුනා.

    View this post on Instagram

    A post shared by Sheshadrie Priyasad (@sheshadriepriyasad)

    Instagram Archived Link

    එමෙන්ම shanu_fangirl නම් ඉන්ස්ටග්‍රම් ගිනුමකද ඔක්තෝබර් මස ශනුද්‍රිගේ ඡායාරූපයක් එකතු කර තිබුනු අතර ඒ සැම අවස්ථාවකම ශනුද්‍රි විසින් හැඳ සිටි ආකාරය ඇය උනව‍ටුන ප්‍රදේශයේ අද සිටියේ යයි හුවමාරු වන ඡායාරූපයේ ඇඳුමට සමාන බවද අපට පෙනී ගියා.

    InstagramArchived Link

    ඉහත ඡායාරූපය පල කර පැය කිහිපයකට පසු “From Galle to Anuradhapura! Hmmmm that was fast” යනුවෙන් ශනුද්‍රි ප්‍රියසාද් විසින් උපහාසාත්මක කෝණයකින් තවත් ඡායාරුපයක් මෙසේ පළකර තිබුණි. 

    https://www.instagram.com/p/CG9vAaDnUJS/

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු අනුව ජනප්‍රිය රංග ශිල්පිනියක වන ශනුද්‍රි ප්‍රියසාද් විසින් නිරෝධායන නීතීන් උල්ලංඝනය කරමින් ගාල්ල ප්‍රදේශයේ සංචාරය කර ඇති බවත් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කර යුතු බවත් දැක්වෙන පරිදි පළවෙන සටහන් නොමඟ යවන සුළු කෝණයකින්, වැරදි අවබෝධයකින් පළවූ සටහන් බව පැහැදිලිය. එම සටහන් සඳහා යොදාගෙන තිබුනේ ශනුද්‍රි විසින් ඇඳිරිනීතිය පැනවීමෙන් පසුව ගාල්ලේ යයි ටැග් කරමින් පළකරන ලද ඡායාරුපයක් වුවද එය ඇත්ත වශයෙන්ම මීට මාස දෙකකටත් ඉහතදී ලබාගත් ඡායාරුපයක්

    ශනුද්‍රි ප්‍රියසාද් නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් පසුව බස්නාහිර පලාතෙන් පිටව ගොස් නැති අතර සිය පවුලේ අය සමඟ හෝමාගම නිවසේ රැඳී සිටියි.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ඇඳිරි නීතිය ඇති මොහොතක ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ශනුද්‍රි ප්‍රියසාද් බස්නාහිර පළාතින් බැහැරට ගියාද?

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.