Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Arnold Schwarzenegger හා ඔහුගේ ප්‍රතිමාව සම්බන්ධ නොමගයන සුළු සටහනක්!

    2024-01-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ විදේශීය ඡායාරූප, වීඩියෝ යොදාගෙන අසත්‍ය හා සංවේදී කතා රැගත් සත්‍ය තොරතුරුවලට හාත්පසින් ම වෙනස් වූ වෙනත් අර්ථකතනයක් ලබා දුන් සටහන් සමාජ මාධ්‍ය බහුලව සංසරණය වනවා. එලෙසින් මේ දිනවල පළ වන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    බොහෝ විදේශීය ඡායාරූප, වීඩියෝ යොදාගෙන අසත්‍ය හා සංවේදී කතා රැගත් සත්‍ය තොරතුරුවලට හාත්පසින් ම වෙනස් වූ වෙනත් අර්ථකතනයක් ලබා දුන් සටහන් සමාජ මාධ්‍ය බහුලව සංසරණය වනවා. එලෙසින් මේ දිනවල පළ වන Arnold Schwarzeneggerගේ ප්‍රතිමාව සහ ඔහු සම්බන්ධයෙන්  පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Arnold Schwarzeneggerගේ සුප්‍රසිද්ධ ලෝකඩ ප්‍රතිමාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන මෙසේය.

    “සුප්‍රකට නළු Arnold Schwarzenegger ඔහුගේ සුප්‍රසිද්ධ ලෝකඩ ප්‍රතිමාව යට වීදියේ නිදා සිටින ඡායාරූපයක් කණගාටුදායක ලෙස “කාලය වෙනස් වී ඇති ආකාරය” ලෙසින් පල කළේය. 

    ඔහු එම වැකිය ලිවීමට හේතුව ඔහු වයස් ගත වීම පමණක් නොව, ඔහු තමාගේ  ප්‍රතිමාව සහිත හෝටලයක් කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා ලෙස සිටියදී විවෘත කර තිබු  බැවිනි. හෝටල් කාර්ය මණ්ඩලය ආර්නෝල්ඩ්ට පැවසුවේ, “ඕනෑම මොහොතක ඔබට පැමිණිය හැකි අතර අපි ඔබ වෙනුවෙන් කාමරයක් වෙන් කර තබමු” යනුවෙනි.

    ආර්නෝල්ඩ් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමෙන් පසු හෝටලයට ගිය විට පරිපාලනය ඔහුට කාමරයක් ලබා දීම ප්‍රතික්ෂේප කළේ ඔවුන්ට විශාල ඉල්ලුමක් ඇති බැවින් ඒ සඳහා ගෙවිය යුතු යැයි තර්ක කරමිනි.

    ඔහු නිදන බෑගයක් ගෙනැවිත් පිළිමය යට නිදාගෙන තමාට පැවසීමට අවශ්‍ය දේ පැහැදිලි කළේය: “මම වැදගත් තනතුරක සිටින විට, ඔවුන් නිතරම මට ප්‍රශංසා කළ අතර, මට මෙම තනතුර අහිමි වූ විට, ඔවුන් මා ගැන අමතක කර ඔවුන්ගේ පොරොන්දුව ඉටු කළේ නැත. ඔබේ තනතුර හෝ ඔබ සතුව ඇති මුදල් ප්‍රමාණය, ඔබේ බලය හෝ ඔබේ බුද්ධිය විශ්වාස නොකරන්න, එය පවතින්නේ නැත.

    සෑම කෙනෙකුටම ඉගැන්වීමට උත්සාහ කලේ ” ඔබ මිනිසුන්ගේ ඇස් හමුවේ “වැදගත්” වන විට, සෑම කෙනෙකුම ඔබගේ “මිතුරන්” බවත්  , නමුත් ඔබ ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයක් නොමැති විට , ඔබ තවදුරටත් අවශ්‍ය නැති බවත්ය. ආර්නෝල්ඩ්ට අනුව, “කිසිවක් සදාකාලික නොවේ”…” ( උපුටාගැනීමකි. මුල් රචකයා නොදනිමි. ඔහුට/ඇයට මෙහි අයිතිය හිමිය. )

    Facebook | Archived Link

    එම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ ඉහත සටහනේ සඳහන් කරුණු සත්‍ය බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

    මේ හේතුවෙන් මෙහි සත්‍ය කරුණු සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    හොලිවුඩ් තරුවක් වන  Arnold Schwarzenegger ඉහත සඳහන් ආකාරයේ තත්ත්වයකට මුහුණ පා තිබුණා ද, යන්න පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හරහා විමර්ශනය කළා. නමුත් එලෙසින් Schwarzenegger දුගී බාවයට පත් වූ බවට පුවත් වාර්තා දැක ගන්නට නොලැබුණු අතර ඔහු විසින් සහභාගී වූ වෙළඳ දැන්වීමක් සම්බන්ධයෙන් මෑතකදී මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. Archived Link

    අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවේ මෙම ඡායාරූපයේ සත්‍ය පසුබිම් කතාව සෙවීමටයි. ඒ අනුව මෙම ඡායාරූපය හා සම්බන්ධ සමාජ මාධ්‍ය පළ කිරීම් සහ වෙනත් වාර්තා ගණනාවක් අපට නිරීක්ෂණය විය.

    ඉහත ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් වන අතර 2016 ජනවාරි මාසයේදී Schwarzenegger විසින් ඔහියෝ හි කොලොම්බස් හි චිත්‍රපටයක් රූගත කරමින් සිටියදී ගන්නා ලදී.

    Schwarzenegger මෙම ඡායාරූපය විහිළුවක් ලෙස 2016 ජනවාරි මාසයේදී ඔහුගේ සමාජ මාධ්‍ය වල පළ කර තිබුණේ “කාලය වෙනස් වී ඇති ආකාරය” යන තේමාව සමඟින්. 

    මෙම ඡායාරූප සටහන ඔහුගේ නිල Instagram ඔස්සේ මෙන් ම නිල Facebook පිටුව ඔස්සේ ද, පළ කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

    මෙම ප්‍රතිමාව මුලින් 2012 වරෂයේ දී ෆ්‍රෑන්ක්ලින් ප්‍රාන්තයේ ප්‍රවීණයන්ගේ අනුස්මරණයෙන් පිටත ස්ථාපනය කර ඇති අතර පසුව, 2014 වර්ෂයේ දී ග්‍රේටර් කොලම්බස් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයෙන්(Greater Columbus Convention) පිටත වර්තමාන ස්ථානයට ගෙන යන ලදී. නමුත් ඉහත සටහන් වලින් පෙන්වා දෙන පරිදි එම ප්‍රතිමාව ඉදිරිපිට හෝටලයක් දැක ගන්නට නොමැත.

    පහත දැක්වෙන්නේ එම ස්ථානයේ සිතියම සහ එම ප්‍රතිමාවේ අවට සිතියමයි.

    Link

    Link

    Daily Mail වෙබ් අඩවියේ මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ ද,  මෙම නළුවා නිවසක් නොමැති අනාථයෙකු ලෙස හඟවමින් ඔහුගේ ප්‍රතිමාව යට නිදා සිටින බවයි.

    එමෙන් ම මෙම ඡායාරූපය රැගෙන ඇත්තේ, Schwarzenegger විසින් රංගනයෙන් දායකත්වය සැපයූ “478” චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කරන අතරතුර බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණේ මෙලෙසින්.

    මේ පිළිබඳව ලොව පුරා සටහන් ඉංග්‍රීසි බසින් ද වසර ගණනාවක සිට හුවමාරු වන අතර ඒ පිළිබඳව අප කණ්ඩායම සිදුකළ කරුණු අනාවරණයක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්නFacebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-01-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.