Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සිරිධම්ම හිමියන්ට HIV ආසාදනය වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළා ද?

    2022-10-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන්ට HIV ආසාදනය වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන්ට HIV ආසාදනය වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමියන්ට HIV ආසාදනය වීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවට සඳහන් කළ සටහනක් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    එම සටහන් සංසරණය වී තිබූ තව ත් අවස්ථා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙම පුවත සත්‍යයක් ලෙස ෆේස්බුක් පරිශීලකයින් නොමග ගොස් ඇති බවයි.

    මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි රෝහල් ගතකර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණා. හදිසියේ ඇතිවූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් පසුගිය ඔක්තෝබර් 25 වන දා ජාතික රෝහලට ඇතුළත් කළ බවයි එහි සඳහන් කර තිබුණේ. ඒ පිළිබඳව පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link | Archived Link

    උන්වහන්සේ උණ රෝග තත්ත්වයෙන් පෙළෙන බවත් උන්වහන්සේට නිසි ප්‍රතිකාරයක් නොලැබෙන බවත් උන්වහන්සේගේ සොහොයුරිය පසුගිය 24 වන දා මෙලෙසින් චෝදනා කළා. සිරිධම්ම හිමිගේ අසනීප තත්ත්වය පිළිබඳ උන්වහන්සේගේ සහෝදරයා තිස්සපුර සිරි සුමේධ හිමි විසින් ද ෆේස්බුක් සටහනක් පළ කර තිබුණේ, සිරිධම්ම හිමියන්ද, උණ රෝගී තත්ත්වය වැඩි වීම හේතුවෙන් ඩෙංගු වැළඳී ඇත්දැයි යන්න පරීක්ෂා කිරීමට නියමිත බවයි. එම සටහන මෙතනින්. Archived Link

    කොළඹ ජාතික රෝහල

    පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්ට HIV ආසාදනය වීමෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බවට පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙඳ නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවියගෙන් විමසීමක් කළා. 

    ඇය සඳහන් කළේ, උණ රෝගය උත්සන්න වීමෙන් සිරධම්ම හිමියන් රෝහල් ගත කර ඇති බවයි.  අනතුරුව සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුව උන්වහන්සේට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහුවරු වී ඇති බවත්, ඒ සඳහා සිරිධම්ම හිමියන් මේ වන විට ප්‍රතිකාර ලබා ගන්නා බව ත් HIV ආසාදනය වී ඇති බවට පරීක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනැගුණු හෙයින් එවැනි පරීක්ෂණයක් සිදු නොකළ බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

    Also Read: How is Climate Change Contributing to the Spread of Dengue?

    සිරිධම්ම හිමිට නිසි ප්‍රතිකාර නොදී රෝහල් ගත කිරීම ප්‍රමාද කිරීම පිළිබඳව අග්නිදිග විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝදතාවය පිළිබඳ මෙතනින්.

    පසුගිය සමයේ සිදුවූ අත්අඩංගුවට ගැනීම්

    ශ්‍රී ලංකා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ජීවන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගැනීමට පසුගිය අගෝස්තු 22 වන දා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් අවසර ලබා දී තිබුණා.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ වසන්ත කුමාර සහ හෂාන් ජීවන්ත ගුණතිලකගේ කැලණිය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් කොළඹ නව හෙට්ටි වීදියේදී යතුරු පැදියකින් පලා යමින් සිටියදී අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගත් බවයි. නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටියදී වරදක් කළ බවට සැකය මත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතෙහිහි විධිවිධාන යටතේ ඔහුන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්විය හැකි බවද පොලිසිය සඳහන් කළා.

    හංවැල්ල කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, නාරාහේන්පිට ප්‍රදේශයේදී බොරැල්ල පොලිසිය විසින් අගෝස්තු 22 වනදා අත්අඩංගුවට ගෙන තිබුණේ, 2022.06.09 වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිට නීති නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමේ චෝදනා මතයි. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

    කෙසේවෙතත් දින 50ක් රඳවා ගෙන සිටි හෂාන් ජීවන්ත ගුණතිලක මුදා හැරීමට තංගල්ල මහෙස්ත්‍රාත් හේමන්ත පුෂ්පකුමාර පසුගිය ඔක්තෝම්බර් 07 වන දා නියෝග කළා. ඒ පිළිබඳව තොරතුරු මෙතනින්. Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටි පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමිට HIV ආසාදනය වීමෙන් ජාතික රෝහලට ඇතුළත් කළ බවට පළ වූ සටහන් අසත්‍ය වන අතර ප්‍රධාන මාධ්‍ය වාර්තා වල දැක්වූ පරිදි සහ ජාතික රෝහලේ ප්‍රධාන හෙඳ නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවිය තහවුරු කළ පරිදි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු  දැනට රැඳවුම් භාරයේ පසුවන ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළඳී ඇති බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.