Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දැඩි උෂ්ණ කාලගුණය හමුවේ, ජලාශයක බැස සිටින ලාංකික දැරියකගේ සේයාරුවක් නොවේ! 

    2023-09-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ සේයාරූ වැරදි සහගත විස්තර සහිතව සමාජ ජාලාවල පැතිරීම බොහෝ කාලයක සිට සිදුවන්නක්. විශේෂයෙන්ම කාලින මාතෘකා සමඟ ඈඳා මෙවන් ඡායාරුප සටහන් පළකිරීම හේතුවෙන්, ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යෑමක් සිදු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    විවිධ සේයාරූ වැරදි සහගත විස්තර සහිතව සමාජ ජාලාවල පැතිරීම බොහෝ කාලයක සිට සිදුවන්නක්. විශේෂයෙන්ම කාලින මාතෘකා සමඟ ඈඳා මෙවන් ඡායාරුප සටහන් පළකිරීම හේතුවෙන්, ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යෑමක් සිදුවෙනවා. මේ එවන් සේයාරුවක් පිළිබඳව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් :

    ජලාශයක බැස සිටින දැරියක් දිය යටින් මතුවීමේ දී ඇගේ කෙස් වැටිය, එහි ජලය සමඟ අපූරුවට මිශ්‍රව සැකසුන රටාවක් නිර්මාණය කර තිබු ඡායාරූපයක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ හුවමාරු වුණා. ඒ හා සමඟ ලබා දී තිබු විස්තරය මඟින් කියවුණේ,  එම දැරිය ලංකාවේ දැරියක් බවත්, ඡායාරූපයේ දැක්වෙන්නේ ඇගේ විශේෂ හැකියාවක් බවයි. එමෙන්ම මෙවැනි හැකියාවන් අගය කිරීම් අවශ්‍ය බවද සඳහන් කර තිබුණා.

    Facebook| Archived

    31,000 කට වැඩි පිරිසක් මෙයට Like කර තිබූ අතර දහසකට ආසන්න පිරිසක් මෙය හුවමාරු කරගෙන තිබුණා. මේ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.  

    මේ ලාංකික දැරියක්ද ,මෙම සේයාරුවේ පසුබිම කෙබඳුද ? ඒ පිළිබඳ අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්. 

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම) :

    අප Reverse Image Search සහ Keyword Search මගින් මෙහි සත්‍ය සේයාරුව කුමක්දැයි හඳුනා ගැනීමට උත්සාහ කළ අතර , එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙහි සිටින්නේ ලංකාවේ දැරියක් නොව, ඉන්දියානු දැරියක් බවයි. 

    මෙහි මුල් සේයාරුව ලබාගෙන තිබුණේ 2017 වසරේදීයි. අධික සුර්ය තාපය(Heat Waves)  නිසා ඉන්දියාව පිඩා විදි අවධියක , එරට දරුවන් පිරිසක් ජම්මු ප්‍රදේශයේ “තවී” නම් ගංගාවක දිය නාමින් සිටි අවස්ථාවක් කැමරා කාචයක සටහන්වී තිබුනේ මෙලෙසින්.

    OneIndia| Archived

    මෙය All India Radio News නිල ට්විටර් ගිණුම මගින් පළකර තිබුණේ මෙලෙසින්.

    Archived

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion ( අවසාන නිගමනය ) :

    අප විසින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ සමාජ මාධ්‍ය සටහන් මඟින් දැක්වෙන්නේ විශේෂ දස්කමක් පෙන්වන ලංකාවේ දැරියකගේ සේයාරුවක් නොවන බවයි. මෙය 2017 වසරේ අප්‍රේල් මස, උෂ්ණාධික සමයක දී ඉන්දියාවේ ජම්මු ප්‍රදේශයේ “තවී” නම් ගංගාවේ  දිය නාමින් සිටි ඉන්දීය දැරියක් කැමරා කාචයට හසුවූ අවස්ථාවක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-09-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.