Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දමිතා, එළැඹෙන මැතිවරණයට සජබෙන් තරඟ කරනවාද?

    2024-02-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉදිරියේදී එළඹෙන මැතිවරණ සඳහා දේශපාලනික පක්ෂ කෙමෙන් කෙමෙන් සූදානම්වන පසුබිමක, විවිධ ප්‍රසිද්ධ පුද්ගල නාමයන් පක්ෂවලට ඈඳමින් ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ ආකාරයෙන්, රංගන ශිල්පිනී දමි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඉදිරියේදී එළඹෙන මැතිවරණ සඳහා දේශපාලනික පක්ෂ කෙමෙන් කෙමෙන් සූදානම්වන පසුබිමක, විවිධ ප්‍රසිද්ධ පුද්ගල නාමයන් පක්ෂවලට ඈඳමින් ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ ආකාරයෙන්, රංගන ශිල්පිනී දමිතා අබේරත්න සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පෙළක වැඩිදුර කරුණු සොයා බැලීමට අප තීරණය කළේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ගම්පහින් තරඟ කිරීමට රංගන ශිල්පී දමිතා අබේරත්න මහත්මිය සූදානම්” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර බහුල ව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    ඇතැම් වෙබ් අඩවි ද, මෙම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link. YouTube ඔස්සේ ද, මෙය පළ වී තිබුණේ මෙලෙසින්.

    මේ පුවතේ සත්‍යතාව සෙවීම ට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඉදිරි මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බවට ප්‍රධාන මාධ්‍ය ධාරා විසින් පුවතක් වාර්තා කර ඇත්දැයි යන්න පිළිබඳ අප විමර්ශනය කළා. නමුත් එවැනි පුවතක් වාර්තා කර ඇති බවට අප ට දැක ගන්නට නොලැබුණි. මෙම සටහන් 2022 වසරේ සිට සංසරණය වී ඇති අයුරු අප ට නිරීක්ෂණය වූයේ මෙලෙසින්. Archived Link

    අප මේ පිළිබඳ දමිතා අබේරත්න මහත්මියගෙන් විමසා සිටි අතර ඇය සඳහන් කළේ, මෙය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවත්, තමන් සජබයෙන් මැතිවරණයකට තරඟ කිරීම සම්බන්ධයෙන් එවන් කිසිදු සාකච්ඡාවක් ද පවත්වා නොමැති බවයි.

    එමෙන් ම සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය ද, එම පුවත ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ, දමිතා අබේරත්න මහත්මිය ගම්පහින් එම පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව ට දැක්වෙන තොරතුරු අසත්‍ය බවයි.

    පසුගිය කාලයේ දී සජබ දේශපාලන කටයුතුවලට දමිතා අබේරත්න සහය දැක්වූ අවස්ථා:

    2022 වසරේ අරගලයේ අවසන් සමයේදී අත්අඩංගුවට පත්වූ  දමිතා අබේරත්න මහත්මිය නිදහස් කරන ලෙස පාර්ශව කිහිපයක්ම ඉල්ලීම් කළ අතර, සජිත් ප්‍රේමදාස මහතා ද ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තා. ඉන්පසුව පැවති මාධ්‍ය හමුවකදී, ඇය සමගි ජන බලවේගය යටතේ මැතිවරණයකට ඉදිරිපත් වෙනවා ද යනුවෙන් ඉදිරිපත් වූ කතිකාවතට පිළිතුරු දෙමින්, එම අවදියේ දී දමිතා අබේරත්න මහත්මිය පවසා සිටියේ එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

    එසේම 2023 වසරේ පළාත් පාලන මැතිවරණය පිළිබඳ සූදානම් වෙමින් පැවති සමයක ද, සමගි ජන බලවේගයේ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට තමා සහය ලබාදෙන බව, සජබ ජන රැළියක් අමතමින් දමිතා අබේරත්න මහත්මිය ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්. මේ ඔස්සේ පසුගිය කාලය පුරාවටම, සජබයට ඈඳමින්, දමිතා අබේරත්න ගැන සටහන් රැසක් නිර්මාණය වී තිබුණා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය, සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එළැඹෙන මැතිවරණයේදී තරඟ කරන බවට පළ වන වාර්තා අසත්‍ය බවත්, එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, දමිතා අබේරත්න මහත්මිය සහ සමගි ජන බලවේගය පවසා සිටිනවා. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-02-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.