Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    යක්ෂයන්ගේ මුහුණු සහිත කමිස හැදි සජබ මන්ත්‍රීවරු ?

    2022-04-23
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මීට දින කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සිදුවී වසර 3 ක් සම්පූර්ණ වුණා. එවන් පසුබිමක් තුළ පසුගිය වසරක පැවති පාස්කු දින සැමරුමක ඡායාරූප විකෘති කර, සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසුමයි. සමාජ ජාලා

    මීට දින කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සිදුවී වසර 3 ක් සම්පූර්ණ වුණා. එවන් පසුබිමක් තුළ පසුගිය වසරක පැවති පාස්කු දින සැමරුමක ඡායාරූප විකෘති කර, සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසුමයි.

    සමාජ ජාලා සටහන් 

    සජිත් ප්‍රේමදාස විපක්ෂනායක ඇතුලු සමගි ජන බලවේගයේ නායකයන් කලු පැහැති කමිස වලින් සැරසී සිටින අයුරුද ,එම කමිසවල යක්ෂ මුහුණු /වෙස් මුහුණු වල පින්තූර මුද්‍රණය කර ඇති අයුරුද දැක්වෙන සමාජ ජාලා සටහන් හුවමාරුව තිබුනේ පහත ආකාරයෙන් .

    Facebook | Archived

    එවැනි තවත් සටහන් පළව තිබුණු ආකාරයද අපට දැකගන්නට ලැබුනා. 

    Facebook | Archived 

    පසුගිය වසරේ ද හුවමාරු වී තිබු මෙම ඡායාරුප පෙළ පිළිබදව විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා. 

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී මෙහි සැබෑ ඡායාරූප සහ වීඩියෝ මෙන්ම මෙම අවස්ථාව කුමක්ද යන වගද හදුනාගන්නට ලැබුණා. ඒ 2019 පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සහ වින්දිතයින් සිහිකර 2021 අප්‍රේල් මස 21 වැනිදා ,එනම් ප්‍රහාරයට දෙවසරක් පිරෙන දින සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබ මන්ත්‍රී කණ්ඩායම විසින් පැවැත්වූ විනාඩි 2 ක  නිහඩතාවයකි. 

    එම ඡායාරූප සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ ෆේස්බුක් ගිණුමේ පළව තිබුණේ මෙලෙසයි.

    Facebook | Archived 

    ඒ සම්බන්ධයෙන් වන ඡායාරූප සංසන්දනයක් පහතින් .

    සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ  නිල ෆේස්බුක් ගිණුමේද ඒ හා සම්බන්ධ වීඩියෝවක් පළව තිබුණේ පහත අයුරින් .

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වූයේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ඇතුලු සජබ කණ්ඩායම යක්ෂ මුහුණු සහිත කමිස හැද සිටි බවට පළවන ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා බවයි. එම සිදුවීමට සම්බන්ධ සැබෑ ඡායාරූප 2021 අප්‍රේල් 21 පාස්කු දින අනුස්මරණ සජබ නිශ්ශබ්දතාවයකදී  ලබාගත් ඡායාරූප වන අතර ඒවායෙහි ඔවුන් යක්ෂ මුහුණු සහිත කමිස හැදගෙන සිටියේ නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-23

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.