Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    දකුණු ආසියාවේ විශාලතම සුසාන භූමිය පිහිටා ඇත්තේ අනුරාධපුරයේ ද?

    2022-10-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් ගෙන ඇත ඇතැම් සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග යනවා අපට දැක ගන්න ලැබෙන සුලභ කරුණක් වන්නේ, එවැනි සටහන් සඳහා ඇතුළත් කර ඇත්තේ අසත්‍ය කරුණු හේතුවෙන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් ගෙන ඇත ඇතැම් සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග යනවා අපට දැක ගන්න ලැබෙන සුලභ කරුණක් වන්නේ, එවැනි සටහන් සඳහා ඇතුළත් කර ඇත්තේ අසත්‍ය කරුණු හේතුවෙන්. එවැනි සටහනක් පිළිබඳ Fact Crescendo අප කළ කරුණු විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ‘දකුණු ආසියාවේ විශාලතම සුසාන භූමිය වන නිසල සෙවන සුසාන භූමිය පිහිටා ඇත්තේ ද, අනුරාධපුරයේ’ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම සටහන සංසරණය වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ‘දකුණු ආසියාවේ විශාලතම සුසාන භූමිය’ පිහිටා ඇත්තේ කුමන රටේ ද, යන්න පිළිබඳව අප අන්තර්ජාලය ඔස්සේ ප්‍රථමයෙන්ම නිරීක්ෂණය සිදු කළා.

    දකුණු ආසියාවේ විශාලතම සොහොන් ප්‍රමාණක් මිහිදන් කර ඇති සුසාන භූමිය

    එහිදී දැක ගන්නට ලැබුණේ, දකුණු ආසියාවේ විශාලතම සොහොන් ප්‍රමාණක් මිහිදන් කර ඇති සුසාන භූමිය ලෙසින් විරුදාවලිය ලබා ඇත්තේ, පකිස්ථානයේ සින්ද් පළාතේ, ‘තට්ටා’ නගරයේ පිහිටි ‘මැක්ලි නෙක්‍රොපොලිස්’ (Makli Necropolis) නමැති සුසාන භූමියක් බවයි. 

    1981 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කර ඇති මෙම භූමිය පකිස්ථානයේ දකුණු පළාතේ සින්ද් හි ඉන්දු ගඟේ ඩෙල්ටාවේ මුදුනට ආසන්නයේ වර්ග කිලෝමීටර් 10 ක පමණ ප්‍රදේශයක පිහිටි දැවැන්ත සුසාන භූමියකි.  යුනෙස්කෝ වාර්තාව මෙතනින්. Archived Link

    පකිස්ථානයේ පිහිටි පැරණිතම සුසාන භූමිය Makli Necropolis හි වන මේ වන විට වසර 400ක පමණ කාලයක් තුළ ඉදිකරන ලද සොහොන් කොත් දළ සංඛ්‍යාව පසුගිය වසර වන විට සොහොන් 650,000ක් පමණ වූ බවත් සඳහන්. Archived Link මෙහි ඡායරූප පෙළක් මෙතනින්

    මෙහි රජවරුන්, බිසෝවරුන්, ආණ්ඩුකාරවරුන්, සාන්තුවරයන්, විද්වතුන් සහ දාර්ශනිකයන් මෙහි තැන්පත් කර ඇත්තේ ගඩොල් හෝ ගල් ස්මාරකවල වන අතර ඒවායින් සමහරක් ඔප දැමූ උළු වලින් අලංකාර ලෙස සරසා ඇති බවත් සඳහන්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived Link

    එසේම පසුගිය මාස කිහිපයේ පකිස්ථානය මුහුණ දුන් දරුණු වර්ෂාපතන සහ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් මෙම ලෝක උරුමයේ ඇතැම් ප්‍රදේශවලට ද බලපෑම් ඇති වී තිබේ.

    වර්ග ප්‍රමාණය අනුව දකුණු ආසියාවේ පිහිටි විශාලතම සුසාන භූමිය

    දකුණු ආසියාවේ පිහිටි වර්ග ප්‍රමාණය අනුව විශාලතම සුසාන භූමිය ලෙස දක්වා තිබුණේ පාකිස්ථානයේම පිහිටි වෙනත් සුසාන භූමියක්. ඒ ලාහෝර් නගරයේ පිහිටා ඇත්තේ මියානි සාහිබ්(Miani Sahib) නම් සොහොන් බිමකි. 

    මෙම සොහොන් බිම හෙක්ටයාර 60ක් නැතහොත් අක්කර 149ක පමණ විශාල ප්‍රදේශක විහිදෙන අතර දළ වශයෙන් සොහොන් 300,000ක් පමණ මිහිදන් කළ හැකි බවයි වාර්තා පෙන්වා දෙන්නේ. එය පරිපාලනය කරනු ලබන්නේ 1962 මැයි 31 දින පිහිටුවන ලද මියානි සාහිබ් සොහොන් කමිටුව (MSGC) විසින් වන අතර නව භූමදාන සඳහා ඉඩකඩ හිඟයකට ද මුහුණ දී තිබෙන බවක් සඳහන්.  ඒ පිළිබඳව වැඩි දුර තොරතුරු මෙතනින්. 

    අනුරාධපුරයේ ‘නිසල නිම්නය’ සුසාන භූමිය

    ‘දකුණු ආසියාවේ විශාලතම සුසාන භූමිය’ ලෙස ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ ‘නිසල නිම්නය’ නමැති සුසාන භූමියක් පිලිබඳ සටහන් හුවමාරු වීමට හේතු වූ කරුණු පිලිබඳ සොයා බැලීමේ දී අපට ඒ පිළිබඳ කරුණු ඇතුළත් වීඩියෝවක් සහ ලිපියක් මෙලෙසින් හමු වූවා. එහි පරිපාලකයා පවසන පරිදි අක්කර 37 කින් යුක්ත මෙම සුසාන භූමියේ මළ සිරුරු 38,000කට ආසන්න ප්‍රමාණයක් 1960 වසරේ ආරම්භයේ සිට මේ වන විට භූමිදානය කර තිබේ.

    නමුත් සමාජ මාධ්‍ය සටහන් වල ඡායාරූපයේ දක්වා තිබුණේ ද, අනුරාධපුර ‘නිසල නිම්නය’ සුසාන භුමිය නොව දෙහිවල- ගල්කිස්ස මහ නගර සභාවට අයත් පොදු සුසාන භූමිය වන ‘නිසල සෙවණ’ සුසාන භූමියේ නම සහ එහි ඡායාරූපයයි.

    කෙසේනමුත් ලංකාවේ ද මීට වඩා විශාල සුසාන භූමි පවතින අතර බොහෝ දෙනා අතර ප්‍රචලිත බොරැල්ල කනත්ත අක්කර 48 ක පමණ භුමි ප්‍රමාණයක විහිදේ.

    ශ්‍රී ලංකාවේ විශාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමිය

    ලිවර්මෙන්ටු සුසාන භූමිය(Liveramentu Cemetery) ජාවත්ත සුසාන භූමිය / ටොරින්ටන් සුසාන භූමිය ලෙසද හැඳින්වේ, එය කොළඹ, ටොරින්ටන් මාවතේ පිහිටා ඇති විශාල නාගරික සුසාන භූමිය වන අතර එය ශ්‍රී ලංකාවේ විශාලත ම පොදුරාජ්‍ය මණ්ඩලීය යුද සුසාන භූමිය ද වේ. මෙම සුසාන භූමිය හෙක්ටයාර 5.1 (අක්කර 13) කින් යුක්ත අතර සොහොන් ගණන 1,123 ක් බවත් සඳහන් වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ පිහිටි සුසාන භූමිවලට වඩා, ඉහත සඳහන් ආසියාවේ විශාලතම සොහොන් බිම් ලෙස විරුදාවලිය ලත් පාකිස්ථාන සොහොන් බිම්වල වර්ග ප්‍රමාණය මෙන්ම මිහිදන් කළ මළ සිරුරු ප්‍රමාණය විශාල බැවින්, දකුණු ආසියාවේ විශාලත ම සුසාන භූමිය ශ්‍රී ලංකාවේ පිහිටා නොමැති බව තහවුරු වේ.

    එසේම ගිනස් ලෝක වාර්තා අනුව විශාලතම සුසාන භූමිය ලෙස සැලකෙන්නේ ඉරානයේ පිහිටි Wadi al-Salam සුසාන භූමියයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දකුණු ආසියාවේ විශාලතම සුසාන භූමිය අනුරාධපුරයේ  පිහිටි ‘නිසල සෙවන’ නම් සුසාන භූමිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සහ එහි දක්වා තිබූ කරුණු සහ ඡායාරූපය නොමග යවන සුළුයි.

    මිහිදන් කර තිබෙන සිරුරු ප්‍රමාණය අනුව මෙන්ම වර්ග ප්‍රමාණය අනුව ද දකුණු ආසියාවේ පිහිටි විශාලතම සොහොන් බිම් පිහිටා තිබෙන්නේ පාකිස්ථානයේයි. ඒ පිළිවෙලින් සින්ද් පළාතේ, ‘තට්ටා’ නගරයේ පිහිටි ‘මැක්ලි නෙක්‍රොපොලිස්’ (Makli Necropolis) නමැති සුසාන භූමිය සහ ලාහෝර් නගරයේ පිහිටා ඇත්තේ මියානි සාහිබ් (Miani Sahib) නම් සොහොන් බිම් දෙකක්. 

    වර්ග ප්‍රමාණය අතින් බොරැල්ල සුසාන භූමිය ද අනුරාධපුර ‘නිසල නිම්නය’ සුසාන භූමියට වඩා විශාලයි. එසේම සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී තිබුණේ, අනුරාධපුරයේ ‘නිසල නිම්නය’ සුසාන භූමියේ ඡායාරූපයක් නොව දෙහිවල- ගල්කිස්ස මහ නගර සභාවට අයත් පොදු සුසාන භූමිය වන ‘නිසල සෙවණ’ සුසාන භූමියේ නම සහ එහි ඡායාරූපයයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.