Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මෙරට වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක්?

    2022-12-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද, ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය ප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද, ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන එච් අයි වී (HIV), ගොනෝරියා (Gonorrhea) වැනි බොහෝ ලිංගාශ්‍රිත රෝග වලින් ඔබව ආරක්ෂා කිරීමට ඇති හැකියාවයි.

    මේ අතර වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක් මෙරට රජය විසින් ගත් තීරණයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා සමාජය දැනුවත් කිරීමට අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ කොන්ඩම් ලබා දීමේ තීරණයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන මාධ්‍ය ධාරාවක පළ වූ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link  Facebook | Archived Link

    එය මෙරදී ගත් තීරණයක් බවට ජනතාව වටහා ගත් බවට ෆේස්බුක් පරිශීලකයින් දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ලංකාවේ වයස අවුරුදු 18 – 25 දක්වා අයත් තරුණයින් කාණ්ඩය සඳහා නොමිලයේ උපත් පාලන කොපු ෆාමසී හරහා නොමිලේ ලබා ගැනීමට වැඩසටහනක් මෙරට ක්‍රියාත්මක බවට මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාකර තිබුණා ද, යන්න පිළිබඳ අප ප්‍රථමයෙන් නිරීක්ෂණය කළා.

    අපට එවැනි පුවතක් දැක ගන්නට නොලැබුණ ත්, පොළොන්නරුව ආශ්‍රිත ප්‍රසිද්ධ ස්ථානවල ස්ථාපිත කරන කවුළු හරහා මසකට උපත් පාලන කොපු 50000ක් නොමිලේ නිකුත් කිරීමට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පියවර ගෙන තිබුණා. ඒ එම දිස්ත්‍රික්කයේ HIV ආසාධිතයින් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් බවට පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්.කේ. සරත්චන්ද්‍ර කුමාරවංශ මහතා සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    මේ පිළිබඳව පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

    ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ පුවත හිරු පුවත් නිල ෆේස්බුක් ගිණුමේ පළ වී තිබුණා ද යන්න අප පරීක්ෂා කළා. එහිදී දැක ගන්නට ලැබුණේ, “වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ කොන්ඩම් ලබා දීමේ තීරණයක්” යනුවෙන් එහි පුවතක් පළ වී ඇති බවයි.

    Facebook | Archived Link

    නමුත් එම පුවතට අදාළ සම්පූර්ණ වාර්තාවට දක්වා ඇති සබැඳියේ දක්වා ඇති පුවතේ සඳහන් වන්නේ, එය මෙරට ක්‍රියාත්මක වීමට නියමිත වැඩපිළිවෙළක් නොව ලිංගික සම්ප්‍රේෂණය මඟින් ආසාදනය වන රෝග පැතිරීම පාලනය කිරීම සඳහා ප්‍රංශ රජය විසින් රැගෙන ඇති තීරණයකි.

    ඒ බවට හිරු වෙබ් වාර්තාව සඳහන් කර තිබුණේ මේ අයුරින්.

    Hirunews.lk | Archived Link

    ඇතැම් ෆේස්බුක් පරිශිලකයින් විසින් සම්පූර්ණ වාර්තාව ඇතුළත් සබැඳිය නොමැතිව ශීර්ෂ පාඨය පමණක් ඇති ඉහත සමාජ මාධ්‍ය සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය කර ගැනීම තුළින් මෙලෙස ජනතාව නොමග ගොස් තිබුණා. එලෙස නොමග යන අන්දමින් ශීර්ෂ පාඨ ඇතුළත් ව පළ කර තිබූ තව ත් ෆේස්බුක් සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link

    එමෙන්ම මෙම පුවත සමාජ මාධ්‍ය ජාලා පරිශීලකයින් නොමග නොයන අයුරින් නිසි ආකාරයෙන් ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

    ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය

    ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය විසින් ද, අප මෙවැනි වැඩපිළිවෙළක් මෙරට තුළදී ක්‍රියාත්මක වනවා ද, යන්න පිළිබඳ විමසා සිටියා. ඔවුන් සඳහන් කරන්නේ, මෙරට ඔසු සල්/ ඖෂධ ශාලාවල දී නොමිලයේ තරුණයන්ට උපත් පාලන කොපු ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක නොවන බවයි. නමුත් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන් සමග එක්ව ඇතැම් ප්‍රජාවන් සඳහා කරනු ලබන වැඩසටහන් වලදී උපත් පාලන කොපු නොමිලයේ ලබා දෙන බව ත්, එය සෑම විටම සිදු නොකෙරෙන බවත් ඔවුන් තහවුරු කළා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක් මෙරටදී ක්‍රියාත්මක කරන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යවන සුළුයි. එහි දැක්වෙන්නේ ප්‍රංශ රජය විසින් ලිංගික සම්ප්‍රේෂණය මඟින් ආසාදනය වන රෝග පැතිරීම පාලනය කිරීම සඳහා ගනු ලැබූ තීරණයක් වන අතර මේ පිළිබඳ වාර්තා කිරීමට මෙරට ඇතැම් මාධ්‍ය වාර්තා වල යොදා ගත් ශීර්ෂ පාඨ හේතුවෙන් මෙලෙස සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් තිබේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-12-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.