Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: පැය 24 පුරා කොවිඩ් එන්නත්කරණය සිදු කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව ද?

    2021-08-03
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පැය 24 පුරා විවෘතව පවතින කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන ලංකාවේ මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා රජය ඇතුළු සෞඛ්‍ය සේවා අංශ සහ ආරක්ෂක අංශ ඉමහත් පරිශ්‍රමයක් දරා මෙම උවදුර පාලනය කරගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක වන අයුරු ද දැක ගන්නට පුළුවන්.

    පැය 24 පුරා විවෘතව පවතින කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන ලංකාවේ මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා රජය ඇතුළු සෞඛ්‍ය සේවා අංශ සහ ආරක්ෂක අංශ ඉමහත් පරිශ්‍රමයක් දරා මෙම උවදුර පාලනය කරගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක වන අයුරු ද දැක ගන්නට පුළුවන්. 

    ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ද පැසසුමට ලක්වී තිබුණේ මෙලෙසින්. මෙසේ පැය 24 පුරා එන්නත්කරණය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ පමණක් බවට හුවමාරු වී තිබු සටහනක් පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    Priyantha Hewage Maathalan නමැති පුද්ගලයෙකු සිය ෆේස්බුක් ගිණුමේ පළ තර තිබුණේ “ස ෆේල් පැය 24 ම වැක්සීනය ලබා දෙන ලෝකයේ එකම රට”

    Facebook | Archived Link

    ඉහත සඳහන් සටහනේ දැක්වෙන කරුණ නිවැරදිද යන්න සොයා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අප මෙහි කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    යුද හමුදාව මේ මස (අගෝස්තු) 01 වනදා සිට පැය 24 පුරා ක්‍රියාත්මක මෙරට පළමු එන්නත්කරණ මධ්‍යස්ථානය කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ කළ අතර එදින උදෑසන 6.30 සිට 2වන දින අලුයම 5.00 දක්වා කාලය තුළ විහාරමහා දේවි උද්‍යානයේදී පමණක් පුද්ගලයින් 19,075 දෙනෙකුට‍ එන්නත ලබාදී තිබු බව වාර්තා වී තිබුණා.

    ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම සඳහා බත්තරමුල්ල, දියත උයන එන්නත්කරණ මධ්‍යස්ථානය ද පැය 24 පුරා විවෘතව තැබෙන බව යුද හමුදාව පැවසූ බවට පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්. ඒ බවට දැක්වෙන වීඩියෝ මෙතනින් සහ මෙතනින්.

    නමුත් ඉහත සටහනේ පරිදි පැය 24 පුරා එන්නත් ලබා දෙන ලොව එකම රට ශ්‍රී ලංකාවද යන්න පිළිබඳ කරුණු නිරීක්ෂණය කිරීමේදී අපට දැක ගන්නට ලැබුණේ මීට පෙර රටවල් කිහිපයකම පැය 24 පුරා කොවිඩ් එන්නත් ලබාදෙන මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි.

    නිව්යෝර්ක්සිටි හීද, මෙලෙස ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් පිළිබඳව මාර්තු මස 15 වන දා ජාත්‍යන්තර පුවත් වෙබ් වාර්තාවක දැක්වුණේ මෙලෙසින්. 

    abc7ny.com | Archived Link

    කෙසේනමුත් එය දින 3කට අත්හදා බැලීමේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ බව දැක්වෙනවා. මේ ආකාරයෙන්ම බ්‍රිතානයේ ද අත්හදා බැලීම් සිදුකරන බව මේ වසර මුල දී කරුණු දැක්වූ අවස්ථාවක් මෙතනින්.

    පිලිපීනයේ Taguig දිස්ත්‍රික්කයේ ද මෙලසෙ පැය 24 පුරා ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිළිබඳ වාර්තාවල දැක්වුණේ මෙලෙසින්. මෙය ද තෝරාගත් කොට්ඨාශ කිහිපයකට සීමා වී තිබූ බව වාර්තා වී තිබුණා.

    Archived Link | YouTube

    එසේම ඉන්දියාවේ Delhiහි පසුගිය අප්‍රේල් මස පැය 24 පුරා විවෘතව ඇති කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් පළ වූ ඉන්දීය වාර්තාවක් මෙතනින්. එසේම මුම්බායි නගරයේ ද පැය 24 පුරා ක්‍රියාත්මක වූ පුද්ගලික එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිළිබඳ වාර්තාවක් මෙතනින්

    ස්පාඤ්ඤයේ පැය 24 පුරා විවෘතව තිබු කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් පසුගිය ජුලි මස 13 වනදා පළ වූ වීඩියෝවක් පහතින්.

    සෞදි අරාබියේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආකාරයට කටයුතු සකසා තිබූ බවට පසුගිය මාර්තු මාසයේ පළවූ වාර්තාවක් මෙතනින්. මේ එන්නත්කරණ මධ්‍යස්ථාන සියලු මහජනතාව සඳහා විවෘත බවත් වාර්තා වෙනවා.

    එසේම පකිස්ථානයේ Sindh රජය විසින් පැය 24 පුරා ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙසේ වාර්තා වී තිබුනේ අගෝස්තු මස 1 වැනිදාය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ පැය 24 පුරා කොවිඩ් එන්නත්කරණය සිදු කරන ලෝකයේ එකම හෝ පළමු රට වන්නේ ශ්‍රී ලංකාව නොවන බවයි. මීට පෙර රටවල් කිහිපයකම මෙවැනි පැය 24 පුරා විවෘත කර ඇති මධ්‍යස්ථාන විවිධ කාරණා මුල් කරගෙන පිහිටුවා තිබෙනවා. ඒවා සමහරක් අත්හදා බැලීමේ ව්‍යාපෘති ලෙස ද තවත් සමහරක් තෝරාගත් පිරිස් වෙත එන්නත් ලබාදීම සඳහා ද ක්‍රියාත්මක වුවද සියලු මහජනතාව සඳහා විවෘත එන්නත්කරණ වැඩසටහන් ද මීට පෙර මෙන්ම මේ දිනවල ද ලොව විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-08-03

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.