Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    SLIM සම්මාන උළෙලේ දී සමාජ මාධ්‍ය වෙනුවෙනුත් ජනතා සම්මානයක් ලබාදුන්නා ද?

    2023-03-30
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්ලිම් සම්මාන (SLIM Kantar) උළෙල පසුගිය දා පැවැත්වුණා. සම්මාන දිනාගත් අය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වෙද්දී සම්මාන උළෙල සහ එහි ජයග්‍රාහකයන් සම්බන්ධව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද තොරතුරු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ස්ලිම් සම්මාන (SLIM Kantar) උළෙල පසුගිය දා පැවැත්වුණා. සම්මාන දිනාගත් අය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වෙද්දී සම්මාන උළෙල සහ එහි ජයග්‍රාහකයන් සම්බන්ධව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද තොරතුරු ද සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ඒ ආකාරයට සිදුකළ නිර්මාණයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    Moracasm නම් ෆේස්බුක් පිටුවකට People`s Social Media Page ලෙස සම්මානයක් හිමිවූ බවට සටහනක් පැතිර ගියේ මෙලෙසින්.

    Facebook | Archived

    ඒ සම්බන්ධයෙන් පළව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

    මෙවැනි සම්මානයක් ස්ලිම් සම්මාන උළෙලේ දී ලබාදෙනවා ද යන්න පිලිබඳ අපගෙන් ද සිදුකළ විමසීම් හේතුවෙන් මේ පිලිබඳ අප කෙටි පරීක්ෂාවක් සිදුකළා.

    අප මුලින්ම ඉහත පරිදි කිසියම් හෝ ෆේස්බුක් පිටුවක් සඳහා ස්ලිම් සම්මානයක් හිමිවුණු බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා හෙළිකර ඇතිද යන කාරණය විමසා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ එවන් වාර්තා නොමැති බවයි.

    එසේම SLIM People’s Awards ෆේස්බුක් පිටුවේ ද මෙවර ඇතැම් ජයග්‍රාහකයන්ගේ විස්තර දක්වා තිබු අතර එහි දී පිරිනැමෙන සම්මාන කාණ්ඩ පිළිබඳව සඳහන් කර තිබෙනවා. එහි ද කිසිඳු ලෙසක මේ ආකාරයේ සමාජ මාධ්‍ය සඳහා සම්මාන කාණ්ඩයක් පිලිබඳ දැක්වෙන්නේ නැහැ.

    තවදුරටත් මේ පිලිබදව විමසා බැලීම සදහා අප SLIM ආයතනයෙන් විමසු අතර ඔවුන් පැවසුවේ People`s Social Media Page ලෙස සම්මානයක් සම්මාන උළෙලේදී ලබා නොදුන් බවයි.  අප සමග අදහස් දැක්වූ People`s Awards කමිටු සාමාජික දිමිත්‍ර සිල්වා තවදුරටත් පවසා සිටියේ සමාජ මාධ්‍ය කාණ්ඩයක්(Category)  ලෙස ගෙන ඒ සදහා සම්මාන ලබාදීමක් සිදු නොවුණු බවයි.

    ඒ අනුව පැහැදිලි වන කාරණය නම් මෙය උපහාසාත්මක කෝණයකින් සමාජ ජාලා වල පළවුණු සටහනක් පමණක් වන බවයි.

    උපහාසාත්මක කෝණයෙන් සිදුකළ සංස්කරණයක්!

    සමාජ මාධ්‍ය සටහනේ ඡායාරුපය Reverse Image සෙවුමක් ඔස්සේ සිදුකළ පරික්ෂාවේ දී අපට දැක ගන්නට ලැබුනේ, 2021 වසරේ දී SLIM People’s News Provider ( වසරේ පුවත් සපයන්නා වෙනුවෙන් ජනතා සම්මානය) TV දෙරණ පුවත් අංශයට හිමිවූ අවස්ථාවේ දී ලබාගත් ඡායාරුපයක් මෙහිදී සංස්කරණය කොට තිබෙන බවයි. එම ඡායාරුපය සමඟ 2021 මාර්තු මස ‘අද දෙරණ’ පලකළ පුවතක් මෙතනින්. Archived

    එම සත්‍ය ඡායාරුපය සහ සංස්කරණය අතර සංසන්දනය පහතින්

    SLIM   KANTAR  සම්මාන උළෙල සහ සම්මානයට පාත්‍ර වන කාණ්ඩ

    SLIM KANTAR People`s Awards ලෙස සදහන් මෙම සම්මාන උළෙල පැවැත්වෙන්නේ 2007 වසරේ සිටයි. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හෙවත් SLIM ආයතනය මගින් මෙම සම්මාන ලබාදීම සිදුවන්නේ ජනතාවට වඩාත් සමීප සන්නාම සහ පුද්ගලයන් ඇගයීමක් ලෙසයි. මෙම සම්මානයට පාත්‍රවන පුද්ගලයන් තෝරන්නේ විද්වත් විනිශ්චය මණ්ඩලයක් නොවේ. 

    මෙහිදී දිවයින පුරා සිදුකරන සමීක්ෂණ දත්ත වාර්තා මූලික කර ගනිමින් මෙම සම්මාන පිරිනැමීම සිදුවේ. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය වෙනුවෙන් මුලින් මෙම සමීක්ෂණයන් සිදුකලේ Nielson නම් ප්‍රකට සමීක්ෂණ ආයතනය වන අතර මේ වන විට එම සමීක්ෂණ සිදු කරන්නේ KANTAR නම් ආයතනයයි.ඒ සම්බන්ධ වැඩිදුර විස්තර මෙතනින්. Archived

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-03-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.