දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටීම නිසා ඔහුගේ බිරිඳ ලිමිණි වීරසිංහ රාජපක්ෂ මහත්මිය ලබන 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ජන රැළියට සහභාගී වීමට නියමිත බවට සමාජ මාධ්ය ඔස්සේ සටහන් හුවමාරු වෙමින් පවතී. මෙම සටහන්වල සත්ය අසත්යතාව විමසා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :


Facebook | Archived Link Facebook | Archived Link
මෙහි සත්ය අසත්යතාව විමසා ලද ඉල්ලීම් ද, මුල් කර ගනිමින් අප මේ පිළිබඳ සොයා බැලීමට මෙලෙස පියවර ගත්තා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 04 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබූ අතර එහි පෙනී සිට ප්රකාශයක් ලබාදීමෙන් පසු ඔහු එම කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබිණ. පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු මන්ත්රීවරයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේ ය. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්. මේ අතර මන්ත්රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු මේ වනවිට දේශපාලන වේදිකාවේ ප්රධාන මාතෘකාවක් වී ඇත්තේ, ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ජන රැළියයි. ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සැප්තැම්බර් 05 වැනිදා මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කළේ, නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කළ ද එළැඹෙන 12 වැනි දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජන රැලිය ඔහු පැතූ අයුරින්ම පවත්වන බවයි.
නාමල්ගේ බිරිඳ අනුරාධපුර වේදිකාවට ගොඩවන බවට නිල ප්රකාශයක් නැහැ
නාමල් රාජපක්ෂ මහතා එලෙස රක්ෂිත බන්ධනාගාරගතව සිටින පසුබිමක් තුළ සමාජ මාධ්යයේ ප්රකාශ වන පරිදි ශ්රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ලබන 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති ජන රැලිය සඳහා ඔහුගේ බිරිඳ සහභාගී වන බවට පක්ෂය විසින් නිල නිවේදනයක් නිකුත් කිරීමක් හෝ එවැනි පුවතක් ප්රධාන ධාරාවේ මාධ්ය විසින් වාර්තා කර තිබේ දැයි, අප මූලිකවම සොයා බැලූ අතර එවැනි කිසිදු නිල නිවේදනයක් නිකුත් කර ඇති බවක් හෝ එවැනි පුවතක් ප්රධාන ධාරාවේ කිසිදු මාධ්යක් විසින් හෝ වාර්තා කර ඇති බවක් අප සිදු කළ මූලික කරුණු පරීක්ෂාවේදී තහවුරු නොවී ය.
නොච්චියාගම ප්රාදේශීය සභා මන්ත්රීගේ ප්රකාශය
කෙසේ වෙතත් අප තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී සැප්තැම්බර් 05 වැනිදා පැවති මාධ්ය සාකච්ඡාවකදී නොච්චියාගම ප්රාදේශීය සභා මන්ත්රී සෙනවිරත්න ජයවර්ධන මහතා විසින් 12 වැනිදා ජන රැළිය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ සහභාගී වන බවට පක්ෂය විසින් දැනුම් දී ඇති බවට ප්රකාශයක් සිදු කර තිබූ අතර මන්ත්රීවරයාගේ එම ප්රකාශය ප්රධාන ධාරාවේ මාධ්ය ද මෙලෙස වාර්තා කර තිබුණා.
මේ අනුව 12 වැනිදා ජන රැළිය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ සහභාගී වන බවට වන සමාජ මාධ්ය සටහන් ද සැප්තැම්බර් 05 වැනිදා සහ ඉන් පසුව පළ වී තිබීම තුළ එකී සටහන් සඳහා ද මෙම ප්රාදේශීය සභා මන්ත්රීවරයා සිදු කළ ප්රකාශය පදනම් වන්නට ඇති බවට අනුමාන කළ හැකියි.
නාමල් රාජපක්ෂ මාධ්ය අංශය
කෙසේ වෙතත් පක්ෂය විසින් ඊට අදාළ නිවේදනයක් නිකුත් කර තිබේදැයි අප ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නිල සමාජ මාධ්ය ජාලා ඔස්සේ තවදුරටත් පරීක්ෂා කළ අතර සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන සටහන් අසත්ය බවට නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්ය අංශය සටහනක් පළ කරමින් ප්රකාශ කර තිබුණා. එහි සඳහන්ව ඇත්තේ, නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ 12 වැනිදා ජන රැලියේ වේදිකාවට ගොඩවන බවට සමාජ මාධ්ය ජාලා තුළ සංසරණය වන පුවත පදනම් විරහිත අසත්ය කරුණු මත පදනම්ව පල කරන ලද්දක් බවයි.

SLPP හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න
නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ අනුරාධපුර රැළියේ වේදිකාවට ගෙඩවන බවට වන සමාජ මාධ්ය සටහන්වල සත්ය අසත්යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ශ්රී ලංකා පොදු ජන පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න මහතාගෙන් ද විමසා සිටි අතර හිටපු මන්ත්රීවරයා ද ප්රකාශ කළේ, 12 වැනිදා ජන රැලිය සඳහා නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ බිරිඳ සහභාගී වන බවට වන සමාජ මාධ්ය සටහන්වල කිසිදු සත්යතාවක් නොමැති බවයි. ජන රැලිය සඳහා නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ සහභාගී වන බවට ප්රාදේශීය සභා මන්ත්රීවරයා සිදු කළ ප්රකාශය පිළිබඳව අප හිටපු මන්ත්රීවරයාගෙන් තවදුරටත් විමසා සිටි අතර ඔහු ප්රකාශ කළේ, එය අදාළ මන්ත්රීවරයාගේ පෞද්ගලික ප්රකාශයක් මිස පක්ෂය විසින් එවැනි නිල දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.
මේ අතර අනුරාධපුර ජන රැළිය සඳහා නාමල් රාජපක්ෂගේ බිරිඳ සහභාගී වන බවට ප්රකාශය සිදු කළ නොච්චියාගම ප්රාදේශීය සභා මන්ත්රී නොච්චියාගම ප්රාදේශීය සභා මන්ත්රී සෙනවිරත්න ජයවර්ධන දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහය අසාර්ථක වූ අතර ඔහුගේ ප්රතිචාරය ද සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපෙරොත්තු වෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මන්ත්රීවරයාගේ බිරිඳ ලිමිණි රාජපක්ෂ සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිත ජන රැළියේ වේදිකාවට ගොඩවන බවට වන සමාජ මාධ්ය සටහන් නිල මූලාශ්රයක් පදනම් කරගෙන නිර්මාණය කරන ලද සටහන් නොවන බවයි. ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකුගේ ප්රකාශයක් පදනම් කර ගනිමින් එම සටහන් නිර්මාණය වී ඇති අතර 12 වැනිදා ජන රැලිය සඳහා නාමල් මන්ත්රීවරයාගේ බිරිඳ සහභාගී වන බවට ශ්රී ලංකා පෙදුජන පෙරමුණ නිල ප්රකාශයක් සිදු කර නොමැත.



