Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    තියුණු බෑවුමක් ඇති කදු ශිඛරයක සිරව ඇති ඇතෙක් බේරාගන්නා වීඩියෝවේ ඇත්ත කතාව !

    2024-10-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Claim :   තියුණු බෑවුමක් ඇති කදු ශිඛරයක සිරව ඇති ඇතෙක් බේරාගන්නා වීඩියෝව !! Fact :  මෙය සංස්කරණය කරන ලද්දකි.සත්‍ය වීඩියෝවක් නොවේ දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කරදරයට පත් වන සතුන්ට උදවු උපකාර කරන අවස්ථා සමාජ ජාලාවල බහ

    Claim :   තියුණු බෑවුමක් ඇති කදු ශිඛරයක සිරව ඇති ඇතෙක් බේරාගන්නා වීඩියෝව !!

    Fact :  මෙය සංස්කරණය කරන ලද්දකි.සත්‍ය වීඩියෝවක් නොවේ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    කරදරයට පත් වන සතුන්ට උදවු උපකාර කරන අවස්ථා සමාජ ජාලාවල බහුලව පැතිරෙනවා. නමුත් මේ අතර ඇතැම් වීඩියෝ නොමගයවනසුලු ලෙසිනු ත් නිර්මාණය වෙනවා. මේ ,එවන් වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන්

    සමාජ ජාලවල බහුලව ව්‍යාප්තවන වීඩියෝවක සදහන් වන්නේ මාතලේ ලග්ගල ඇතෙකු බේරාගත් මෙහෙයුමක් ලෙසයි. මෙහි කදු ශිඛරයක සිටින ඇතෙක්ව දොබකර ආදිය යොදාගනිමින් බේරාගන්නා ආකාරයක් දැක්වෙනවා.

    FB | Archived

    මෙම සටහන් සමාජ ජලාවල බහුලව පැතිර තිබුනේ මෙලෙසින්.

    කෙසේවෙතත් බැලු බැල්මට ද මෙම වීඩියෝවේ ඇතැම් කොටස් සංස්කරණය කළ බවක් දැක ගන්නට ලැබෙනවා. මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (කරුණු විමසා බැලීම)

    රිවර්ස් ඉමේජ් සර්ච් ක්‍රමවේදයෙන් සහ Keywords ඔස්සේ අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ මෙය අනතුරට ලක්ව සිටින ඇතෙක් ව බේරාගැනීමේ සත්‍ය මෙහෙයුමක් නොව සංස්කරණය කරන ලද වීඩියෝවක් බවයි.

    මේ වීඩියෝවේ ආරම්භය සොයා බැලීමේදී අපට එහි මුල් වීඩියෝව Athing Inside නම් යූ ටියුබ් චැනලයක ඇති බවත් දැකගැනීමට ලැබුණා. මෙම යූ ටියුබ් චැනලය ඔවුන් විසින්ම පවසන පරිදි සාමාන්‍ය වීඩියෝ ,වඩාත් වෙනස් වීඩියෝ බවට පත්කරන හෝ හාස්‍යජනක වීඩියෝ නිපදවීම උදෙසා නිර්මාණය කරන ලද්දක් .

    ඔවුන් විසින් සකසන ලද, සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වුනු, ඇතාගේ වීඩියෝව මෙතනින්

    මෙම කණ්ඩායම විසින් කෘතීම බුද්ධිය(AI) සහ අනෙකුත් වීඩියෝ සංස්කරණ තාක්ෂනික ක්‍රමවේද ඔස්සේ සකසන ලද වීඩියෝ රැසක් අපට එම චැනලය තුල දැකගන්නට ලැබුණා. ඔවුන් AI තාක්ෂනය ඔස්සේ සකසන ලද වීඩියෝ පෙළක් මෙතනින්

    කෘතීම බුද්ධියෙන් වීඩියෝ සැකසීම සහ නොමගයවන සුළු වීඩියෝ

    නුතන තාක්ෂණික දියුණුවත් සමගම කෙටි ඉගියක් ලබාදුන් සැණින් ,වඩාත් තාත්වික වීඩියෝ සැකසිය හැකි කෘතීම බුද්ධියද භාවිතයට ගන්නා පද්ධති නිර්මාණය වී තිබෙනවා. වඩාත් සංකීර්ණ පරිසරයන් තාත්විකව සකසන , කෘතීම බුද්ධිය ආශ්‍රිත ව මෙටා සමාගම මගින් නිකුත් කර ඇති MovieGen ආදිය මේ වකවානුව වනවිට ප්‍රචලිත වෙමින් පවතිනවා .ඒ සම්බන්ධ විස්තර මෙතනින්

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (නිගමනය)

    කදු ශිඛරයක සිරව සිටින ඇතෙක් ව බේරාගන්නා වීඩියෝව සත්‍ය සිදුවීමක් නොව වීඩියෝ සංස්කරණ ක්‍රමවේදයෙන් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.