Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මහා මැතිවරණයට පෙර මහ බැංකු වංචාව පිළිබඳව රනිල්ට දඩුවම් කරන බවක් විජිත හේරත් පවසා නැහැ!

    2024-10-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව රටේ පාලන බලය ලබාගෙන තාවකාලික කැබිනට්ටුවක් පිහිටුවාගත් ජාතික ජන බලවේගය සහ එහි නියෝජිතයන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව රටේ පාලන බලය ලබාගෙන තාවකාලික කැබිනට්ටුවක් පිහිටුවාගත් ජාතික ජන බලවේගය සහ එහි නියෝජිතයන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් බොහෝ සෙයින් ප්‍රචාරය වෙනවා. මේ එවැන්නක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන්

    නව ආණ්ඩුවේ එක් ඇමතිවරයෙක් වන මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන විජිත හේරත් විසින් පැවසූ ප්‍රකාශයක්, පුවත්පතක පළවූ ආකාරයක් බව හඟවමින්, එහි (Screen Shot) එකක් ලෙස හුවමාරු සමාජ මාධ්‍ය සටහනක් හුවමාරු වෙනවා. එයින් පැවසෙන්නේ, මහ බැංකු වංචාව ගැන විමර්ශන අරඹා, ඒ සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට, පාර්ලිමේන්තු මැතිවරණයට පෙර දඬුවම් ද ලබාදෙන බවක්. පුවත්පත් වාර්තාව උපුටාගෙන ඇත්තේ ඔක්තෝබර් පළමුවැනිදා බවත් එහි දක්වා තිබුනේ මෙලෙසින්.

    FB | Archived

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම )

    අප ඔක්තෝබර් පළමුවැනිදා පලවූ ප්‍රධාන පුවත්පත්වල මුල් පිටුවේ සමාජ ජාලාවල සදහන් ආකාරයේ වාර්තාවක් ඇතිද යන්න සොයා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ එවන් වාර්තාවක් නොමැති බවයි.

    ඉන් අනතුරුව අප සොයා බැලුවේ එවැන්නක් පැවසූ බවට වෙනත් ආකාරයකින් හෝ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන කරුණයි. නමුත් එවැන්නක් හෝ අපට දක්නට ලැබුණේ නැහැ .

    කෙසේවෙතත් විජිත හේරත් අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබුණා. ඔක්තෝම්බර් පළමුවැනිදා පැවති කැබිනට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නගන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් විජිත හේරත් අමාත්‍යවරයා පවසන්නේ මහ බැංකු වංචාවට අදාළ විමර්ශන කටයුතු ගැන මුලික පියවර ආරම්භ වී ඇති බවයි.

    එසේම ඔහු පවසන්නේ,මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට නොගියේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මුක්තියේ බලය පාවිච්චි කිරීම නිසා බවත්, නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට මේ වන විට ජනාධිපති මුක්තියක් හිමි නොවන බැවින් අධිකරණය හමුවට ගෙන ඒමට බාධාවක් නොමැති බවයි. එම වීඩියෝව පහතින්

    https://youtube.com/watch?v=fImV5aqxGbM%3Fstart%3D4469

    කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී,ඉදිරි මහමැතිවරණයට පෙර මහ බැංකු වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දඩුවම් පමුණුවන බවක් විජිත හේරත් පවසන්නේ නැහැ.

    එම ව්‍යාජ සංස්කරණය සඳහා යොදාගෙන තිබුනේ මීට පෙර ද මේ ආකාරයේ පුවත්පත් සංස්කරණ සඳහා යොදාගෙන තිබු පසුබිමක් බවට ද අපට පෙනී ගියා. එම ව්‍යාජ පසුබිම ගැන අප කලින් සිදුකළ කරුණු විමර්ශනයක් මෙතනින්.

    හිටපු ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක

    තවද විජිත හේරත් අමාත්‍යවරයා සිදුකළ ඉහත ප්‍රකාශය අසත්‍ය බව පවසමින්, ඒ ගැන පැහැදිලි කිරීමක් සිදුකරමින් හිටපු ජනපති මාධ්‍ය අධ්‍යක්ෂක සඳහන් කර තිබුනේ, රනිල් වික්‍රමසිංහ මහතාට යම් මුක්තියක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් නොතිබූ අතර හිටපු ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක එවැනි මුක්තියක් ඉල්ලා නොමැති බවත්, ඒ මහතා අදාළ නඩුවේ සාක්ෂිකරුවෙකු හෝ නොවන බවය. ඒ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (නිගමනය)

    අප විසින් කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වන්නේ මහ බැංකු වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඉදිරි මහමැතිවරණය පැවැත්වෙන නොවැම්බර් 14 දිනට පෙර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දඩුවම් පමුණුවන බවට විජිත හේරත් අමාත්‍යවරයා පැවසු බවට හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද පුවත්පත් වාර්තාවක් බවත්, එලෙස ඔහු පවසා නොමැති බවත්ය. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.