Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මේ දිනවල මහජනතාව, පොලීසියට දැක් වූ විරෝධතාවක වීඩියෝවක් ද?

    2024-09-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණයට දින කිහිපයක් තිබියදී රටේ කෝලහාල පවතින බව ට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වීඩියෝවක් සංසරණ වනවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කරමින් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    මැතිවරණයට දින කිහිපයක් තිබියදී රටේ කෝලහාල පවතින බව ට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල වීඩියෝවක් සංසරණ වනවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ පරීක්ෂා කරමින් අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    පොලීසියට එල්ල වූ විරෝධය යන තේමාව යටතේ, මෑතකදී පොලිසියට ප්‍රහාරයක් එල්ල වී ඇති බවට හඟවමින් කරමින් WhatsApp මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් බහුලව හුවමාරු වී තිබුණා.

    එම වීඩියෝව පහතින්.

    එසේම මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ ද හුවමාරු වෙමින් පැවති අවස්ථාවක් පහතින්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ද පෙර NPP සාමාජිකයින් විසින් සිදුකරන කලහකාරී ක්‍රියා ලෙසින් මෙම වීඩියෝව හුවමාරු වී තිබුණා.

    එසේම ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රටින් පිටවීම වළකා ලීමට මජහනතාව කටුනායක ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගය වසාගෙන සිටින ආකාරය යනුවෙන් ද එම වීඩියෝව හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    මෙහි නිරවද්‍යතාව විමසමින් බොහෝ දෙනෙකු අපගෙන් කරුණු විමසා සිටි අතර එම කාරණා ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ පරීක්ෂා කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත වීඩියෝවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසින් දේශබන්දු තෙන්නකෝන් මහතා හඳුන්වා දී තිබුණත්, ඔහු අවසන් වරට පොලිස්පති ධුරයේ කටයුතු කළ ද මේ වන විට ඒ මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් ද, නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඉහත පුවත මෑතකදී සිදුවීමක් නොවන බව ට ප්‍රත්‍යක්ෂ වේ.

    එමෙන් ම මෑතකදී දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා ද, පළ වී නොමැති බව ට අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණි.

    එමෙන් ම ඉහත වීඩියෝවේ දැක්වෙන පරිදි කටුනායක ගුවන්තොටු පොළ පිවිසුම් මාර්ගයේදී ද, ජනතාව විසින් පොලිසිය විරෝධතා දැක් වූ බවට හෝ පුවතක් දක්නට නොලැබුණි.

    මේ හේතුවෙන් අප වීඩියෝව සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු පරීක්ෂා කිරීමේදී, ඉහත වීඩියෝව 2022 වසරේ මැයි 10 වන දින හිරු රාත්‍රි ප්‍රවෘත්ති විකාශනයේ පළ වූ ප්‍රවෘත්තියක් බවට දැක ගන්නට ලැබුණා.

    2022 ගෝල්ෆේස් අරගල සමයේදී නිදහස් සාමකාමී අරගල භූමියට මැයි 09 වන දා අරලියගහ මන්දිරයට රැස් වූ පිරිසක් විසින් මැර ප්‍රහාරයක් එල්ල කර අතර ඒ හේතුවෙන් ප්‍රකෝපකාරී වූ දිවයිනේ නන් දෙසින් ජනතාව පාරට බැස විරෝධතා දැක්වූවා මෙන් ම කලහකාරී ව හැසුරුණි. ඉහත වීඩියෝව එවැනි පසුබිමකදී, රටින් පිට වීමට තැත්දරන දේශපාලනඥයින් සිටිනවාද යන්න වාහන පරීක්ෂා කරමින් බැලූ අවස්ථාවක වීඩියෝවකි. මෙම අවස්ථාවේ ප්‍රධාන මාධ්‍ය ධාරාවක පළ වූ පුවතක් මෙතනින්.

    එමෙන් ම අරගල භූමියට ප්‍රහාර එල්ල වූ දිනට පසුවදා අරලිය ගහ මන්දිරය අසලදී එකල නියෝජ්‍ය පොලිස්පති ව සිටි දේශබන්දු මහතා ට ද, විරෝධතා කරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ, ගෝල්ෆේස් පිටියට ප්‍රහාර එල්ල කිරීමට අනුබල දීම යන කාරණා හේතුකොට ගෙනයි. එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

    මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාස විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, පැරණි වීඩියෝවක් බව ත්, නැවත වරක් මෙවැනි සංවේදී වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගනු ලැබුවහොත් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් එලෙසින් ක්‍රියාකරන අයට එරෙහිව නීත්‍යානූකූල පියවර ගන්නා බවයි.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කටුනායකදීත් පොලිසියට පිරිසකගෙන් විරෝධය සහ දේශබන්දු තෙන්නකෝන්ට මෑතකදී ප්‍රහාරයක් එල්ල වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, 2022 වසරේ මැයි 10 වන දින ගෝල්ෆේස් අරගල සමයේ පළ වූ වීඩියෝවක් බවයි. එමෙන් ම මේ දිනවල එලෙසින් කලහකාරී තත්ත්වයක් නොවූ බව ත් මෙය පැරණි වීඩියෝවක් බව ත්, පොලිස් මාධ්‍ය කොට්ඨාස සඳහන් කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.