Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    NPP ආණ්ඩුවක් යටතේ කිරි පිටි, පෙට්‍රල්, විදුලි බිල මිල පහත හෙළලා ද?

    2024-09-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Update : 01/10/24 මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311කි. ඔක්ටේන් 9

    Update : 01/10/24

    මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

    ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283කි.ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.

    ලංකා IOC සමාගම ද සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදි තම ඉන්ධන මිල ගණන් ද පහළ දමාන බවට දැනුම් දී තිබුණා.

    එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

    26/09/24

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත් විගසම, ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල පහත හෙළා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් සංසරණය වුණා. මෙහි සත්‍ය කරුණු සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමෙන් පසු “අද රාත්‍රියේ සිට අඩුවන භාණ්ඩ හා සේවා” යන තේමාවෙන් පළ වන සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    ජනාධිපති දිවුරුම් දුන් උළෙලින් ඉතිරි වූ මිලියන 200 භාවිත කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල රු. 1000න් පහළට බවට සඳහන් කරමින් සටහනක් පළ වූයේ මෙලෙසින්.

    Facebook | Archived Link

    විදුලි බිල 22.5 %ක් අඩු කරන බවට දක්වමින් ද, සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived

    එමෙන් ම, පෙට්‍රල් ලීටරයක මිල රු.120ක් බවට දක්වමින් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මෙම සටහන් වල නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක කිරිපිටි මිල ,විදුලි බිල,පෙට්‍රල් මිල හෝ අඩු කරන බවට පුවතක් වාර්තා කර නොතිබුණි. මෙම සටහන් දින කිහිපයක සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට ආරම්භ කර තිබුණත්, එලෙසින් ඉහත සඳහන් භාණ්ඩ හා සේවා වල මිලෙහි වෙනසක් සිදු වූ බවට වාර්තා නොවුණි.

    මේ හේතුවෙන් මෙම සටහන් වල දැක්වෙන ප්‍රධාන පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් මේ පිළිබඳ විමසා බැලීමට අප පියවර ගනු ලැබුවා.

    මෙරට කිරිපිටි නිෂ්පාදන හා බෙදා හරින සමාගම්

    කිරිපිටි මෙරට නිෂ්පාදන කරන ආයතන මෙන්ම, මෙරට ගෙන්වා බෙදා හරින ආයතන කිහිපයකගෙන් ද, අප මේ පිළිබඳ විමසීමක් කළා. ඔවුන් තහවුරු කළේ, තම කිරිපිටි නිෂ්පාදනවල මිල මෙලෙසින් හදිසියේ අඩු කිරීමට සූදානමක් නොමැති බවයි.

    නමුත් 2024 සැප්තැම්බර් 10 වන දා රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 75කින් ද කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 190කින් ද අඩු කිරීමට තීරණය කළ බව නව ආණ්ඩුවට පෙර සිටි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වන පුවතක් මෙතනින්. Archived Link

    ලංකා විදුලිබල මණ්ඩලය

    ලංකා විදුලිබල මණ්ඩලයෙන් ද, විදුලි ගාස්තුව අඩු කිරීම සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔවුන් තහවුරු කළේ, මෙතෙක් එවැනි මිල පහත හෙළීමක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව ත්, විදුලි බිලෙහි යම් වෙනසක් සිදු කිරීම සඳහා ඒ සඳහා ඇගයීමක් සහ නිල අනුමැතියක් අවශ්‍ය වන බව ත්, ඒ කිසිවක් මේ මොහොතේ සිදු නොවුන බව යි ඔවුන් පෙන්වා දුන්නේ.NPP ආණ්ඩුවක් යටතේ කිරි පිටි, පෙට්‍රල්, විදුලි බිල මිල පහත හෙළලා ද?

    පෙට්‍රල් මිල

    ප්‍රෙට්‍රල් ලීටරයක මිල රු. 120 ක් බවට පළ වන සටහන් පළවී තිබුණේ, ජාතික ජන බලවේගයේ සුනිල් හඳුනෙත්ති මහතා පෙර පැවසූ ප්‍රකාශයක් පාදක කරගිනිමින් බවට මින් පෙන්වා දී තිබුණා. නමුත් මේ සටහන් සියල්ල ව්‍යාජ ලෙස නිර්මාණය කළ සටහන් බව සුනිල් හඳුනෙත්ති මහතා අප කළ විමසීමේදී පවසා සිටියා.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි අංශය ද තහවුරු කරන්නේ, IMF යෝජනා අනුව ඉන්ධන මිල වෙනසක් සිදු කළ යුත්තේ මාසයක අවසාන දින කිහිපය සහ මාසයේ මුල් දින කිහිපය අතර තුර දී බවත්, මෙතෙක් එලෙසින් අද දිනයේ මිල ගණන් වෙනස් කරන බවට දැනුවත් කිරීමක් නොකළ බව ත්, සඳහන් කරනු ලැබුවා.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

    කිරිපිටි, ප්‍රෙට්‍රල්, විදුලි බිල අඩු කරනවා යනුවෙන් පළ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පළවන සටහන් අසත්‍ය බව ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතාත් අප කළ විමසීමේදී තහවුරු කළා.

    ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඉහත සඳහන් භාණ්ඩ හා සේවා වල මිල ගණන් පහළ බසින බවට මේ ආකාරයට කිසිඳු නිල මුලාශ්‍රයකින් හෝ පදනමකින් තොරව මෙවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති අතර මේ ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් තිබෙනවා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion: (නිගමනය)

    නව ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පෙට්‍රල් මිල, කිරි පිටි මිල, විදුලි බිල යනාදියෙහි අඩුවීමක් ඇතිව තිබෙන බව හඟවමින් හුවමාරු වන්නේ, කිසිඳු නිල මුලාශ්‍රයකින් හෝ පදනමකින් තොරව, පැරණි මිල අඩුවීම් සම්බන්ධයෙන් යොදාගෙන තිබූ ඡායාරූප, තේමා යනාදිය පාදක කරගනිමින්, නිර්මාණය කර ඇති ව්‍යාජ සටහන් පෙළකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.