Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඉන්දියාව-ශ්‍රී ලංකාව අතර දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් සම්බන්ධව පැතිරෙන නොමගයවන සුළු සමාජ ජාලා සටහන්

    2024-10-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෑතක  ඉන්දියාවේ ප්‍රකට මින්ට් වෙබ් අඩවියේ පළකරන ලද ලිපියක   දක්වා තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඇති කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්, ව්‍යාපෘතියේ පිරිවැය ඉන්දියාව දරන බවත්,  ය

    මෑතක  ඉන්දියාවේ ප්‍රකට මින්ට් වෙබ් අඩවියේ පළකරන ලද ලිපියක   දක්වා තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඇති කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්, ව්‍යාපෘතියේ පිරිවැය ඉන්දියාව දරන බවත්,  යෝජිත ව්‍යාපෘතිය මගින් ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සම්බන්ධ කරමින් රටවල් දෙකටම උපායමාර්ගික සහ ආර්ථික ප්‍රතිලාභ ලබා දෙනු ඇති බවත්ය. 

    මින්ට් ලිපියේ සදහන් ප්‍රධාන කරුණු :

    ව්යාපෘති විෂය පථය සහ පිරිවැය:ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය අතර අධිවේගී මාර්ගයක්  සහ දුම්රිය මාර්ගයක් ඉදිකිරිම   සඳහා සාකච්ඡා අවසන් අදියරේ පවතින බව එම ලිපියේ සඳහන් වේ. ඩොලර් බිලියන 5 ක ඇස්තමේන්තුගත වියදම ඉන්දීය රජය විසින් දරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    චන්ද්‍රකීර්තිගේ භූමිකාව: පරිසර අමාත්‍යංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති  මේ සම්බන්ධව නව දිල්ලියේ රැස්වීමකට සහභාගී වූ බවක් ඔහු ඒ පිලිබදව කරුණු හෙලිකල බවත් පවසමින් ,එය මූලික මුලාශ්‍රය ලෙස පවසමින් මෙම ලිපිය සකසා ඇත 

    පාරිසරික නිෂ්කාශනය සහ ඉදිකිරීම් සැලසුම්: ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලධාරීන්ගේ  අනුමැතිය අවශ්‍ය වන බවත්, බාධාවකින් තොරව නැව් ගමනාගමනය සහතික කිරීම සඳහා පාලම් සහ දිය යට උමං මාර්ග සැකසීමට යෝජනාවී ඇති බවත් එහි සදහන් 

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය වාර්තා සහ සමාජ මාධ්‍ය

    මින්ට් ලිපිය මත පදනම්ව, Ada Derana වැනි ශ්‍රී ලංකාවේ දේශීය මාධ්‍ය ඔවුන්ගේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙම පුවත බෙදාහැර තිබුණා . අද දෙරණ වෙබ් පුවත් වාර්තාව සොයා ගත හැකියි මෙතනින්  Archived  

    FB|Archived

    NPP ආණ්ඩුවේ වැඩපිළිවෙල  ප්‍රශ්න කරමින් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතරද මෙම පුවත පුළුල් ලෙස හුවමාරු විය.

    පැහැදිලි කිරීම

    චන්ද්‍රකීර්තිගේ ප්‍රතිචාරය : Factcrescendo වෙත අදහස් දක්වමින් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ප්‍රකාශ කළේ මින්ට් ලිපියේ සදහන්කර  ඇති තොරතුරු නොමඟ යවන සුළු බවයි. මින්ට් මාධ්‍යවේදිනියක වන  පුජා දාස් සමඟ කළ සංවාදය නිල නොවන සුහද පිලිසදරක් බව ඔහු පැවසීය . එම කෙටි සංවාදය උපයෝගී කරගනිමින් නොමගයවන සුළු ආකාරයට මින්ට් ලිපිය සකසා ඇති බවයි ඔහුගේ අදහස .

    ශ්‍රී ලංකා සහ ඉන්දීය බලධාරීන්ගේ ප්‍රතිචාරය: අපගේ විමසීම්වලට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා ද පැවසුවේ එවන් කරුණක් පිලිබදව සාකච්ඡා නොපැවැත්වූ බවයි .

    එකී ව්‍යාපෘතිය පිළිබඳ විය හැකි සාකච්ඡා සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සඳහා අපි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය සම්බන්ධ කරගත් අතර ඔවුන්ගේ ප්‍රතිචාරය සමඟ ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    මාධ්යවේදිනිය ගේ ප්‍රතිචාරය : කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ රාත්‍රී භෝජන සංග්‍රහයක දී සංවාදය ඇති වූ බව මින්ට් හි මාධ්‍යවේදිනියක් වන පුජා දාස් තහවුරු කළේය. චන්ද්‍රකීර්ති තමාගේ සෘජු තොරතුරු මූලාශ්‍රය වූ බවත් එම සංවාදයේ පටිගත කිරීමක් සහ පිටපතක් තමන් සතුව ඇති බවත් ඇය සඳහන් කරයි.

    කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ අනෙකුත් නිලධාරීන් සමඟ මේ පිලිබදව සාකච්චාවක්  සිදු නොවූ අතර ඩොලර් බිලියන 5 ක ඇස්තමේන්තුවක් නිල මුලාශ්‍රයක හෝ ලේඛනයක සදහන් කර නොමැති බව ඇය පිළිගත්තාය. 

    මින්ට් වලට පෙර ප්‍රධාන ධාරාවේ ආවරණයක් නොමැතිකම: මින්ට් මෙම කතාව පළ කිරීමට පෙර, ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් මෙම ඩොලර් බිලියන 5 ක අධිවේගී මාර්ග/දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව වාර්තා කර නොතිබුණි. කෙසේ වෙතත්, මින්ට් වාර්තාවෙන් පසුව, මාධ්‍ය ආයතන කිහිපයක් තොරතුරු ස්වාධීනව සත්‍යාපනය නොකර මින්ට් වාර්තාවේ කොටස් නැවත ප්‍රකාශයට පත් කර හෝ උපුටා ගන්නා ලදී.

     අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.