Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Dilmah ආයතනයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට වාර්ෂිකව කප්පම් ගෙවු බවට හුවමාරු වන ව්‍යාජ ලිපියක්

    2024-09-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ මැතිවරණ සමය ආසන්න වත්ම ජාතික ජන බලවේගය සහ ඇතැම් පුද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් විවිධාකාරයේ නොමගයවන සුළු සහ ව්‍යාජ සටහන් සමාජ ජාලාවල පැතිරෙන්න පටන් ගෙන තිබෙනවා.මේ එවන් සටහනක් සම්බන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ලංකාවේ මැතිවරණ සමය ආසන්න වත්ම ජාතික ජන බලවේගය සහ ඇතැම් පුද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් විවිධාකාරයේ නොමගයවන සුළු සහ ව්‍යාජ සටහන් සමාජ ජාලාවල පැතිරෙන්න පටන් ගෙන තිබෙනවා.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකර කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන්

    2021 වසරේදී ඩිල්මා ආයතනය මගින් ජාතික ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවෙක් වන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට රුපියල් මිලියන 40 ක කප්පම් ලබාදීමක් සම්බන්ධව එහි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ අත්සන සහිතව යවන ලද ලිපියක් ලෙසට ලිපියක් සමාජ ජාලාවල පැතිරෙනවා .

    FB | Archived

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    මෙවැනි ලිපියක් පිලිබදව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර ඇතිද යන්න අප විමසා බැලුවා. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

    ඉන්පසුව අප ඩිල්මා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දිල්හාන් ප්‍රනාන්දුගෙන් මේ පිලිබදව විමසා බැලුවා. ඔහු පැවසුවේ මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව සහ එහි නිර්මාතෘ සහ මේ වන විට අභාවප්‍රාප්ත මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ අත්සන, ව්‍යාජ ලෙස ඩිල්මා සමාගමේ ලිපි ශීර්ෂයක යොදාගනිමින් මෙම සංස්කරණය සිදුකර ඇති බවයි.

    අප ද ඩිල්මා සමාගමයේ නිර්මාතෘ, අභාවප්‍රාප්ත මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ අත්සන පිළිබඳව සොයා බැලු විට, එම අත්සන සමාගමේ වෙබ් අඩවියේ මෙලෙසින් දැක ගන්නට ඇති බව පෙනී යනවා. Founders Message

    තවද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම ලිපිය සහ එහි අන්තර්ගතයන් ව්‍යාජ බව සඳහන් කරමින් , Dilmah සමාගමේ සමාගම් ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබු නිල නිවෙදනක් පහතින්

    තවද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපිය, ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ වෙත යොමු කර ඇති බවක් දක්වා තිබෙන බවින් අප ඔහුගෙන් ද මේ පිළිබඳව විමසීමේ දී සඳහන් කර සිටියේ මෙය සම්පුර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවයි. ඩිල්මා සමාගමේ සමාගම් ලේකම් ගේ අත්සනින් යුත් ලිපියක් ද ඇතුළත් කර, සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන ව්‍යාජ ලිපිය පිලිබඳව ඔහු ෆේස්බුක් සටහනක් පළකර තිබුනේ මෙලෙසින්.

    .

    එහි මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බවට ඩිල්මා සමාගමේ සමාගම් ලේකම් ගේ අත්සනින් යුත් ලිපියක් ද ඇතුළත් කර තිබෙනවා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය

    ඩිල්මා ආයතනය මගින් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට 2021 වසරේ දී මුදල් ප්‍රදානය කරන ලද බවට යවන ලද ලිපියක් බවට හුවමාරු වන්නේ ව්‍යාජ ලේඛනයක් බවට Dilmah ආයතනයේ පාලනාධිකාරිය සහ එම ලිපිය යොමු කර ඇති තැනැත්තා වන වසන්ත සමරසිංහ ද අවධාරණය කර සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-09-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.