Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    තිලීපන් සැමරුම සම්බන්ධයෙන් පළවන අසත්‍ය සටහන් පෙළක්!

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-19
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. එල්.ටී.ටි.ඊ. සංවිධානයේ ක්‍රියාකාරි සමජිකයෙකු වූ රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ සැමරුමකට, රජයේ අමාත්‍යවරයෙකු එක්වූ බව සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් තිලීපන් යනු විමුක්තිකාමිකයෙකු බව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    එල්.ටී.ටි.ඊ. සංවිධානයේ ක්‍රියාකාරි සමජිකයෙකු වූ රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්ගේ සැමරුමකට, රජයේ අමාත්‍යවරයෙකු එක්වූ බව සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් තිලීපන් යනු විමුක්තිකාමිකයෙකු බව කියමින් ඔහු අගයමින් ප්‍රකාශයක් සිදුකර ඇති බවත් කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වෙමින් තිබේ. මේ එලෙස හුවමාරුවන සටහන්වල නිර්වද්‍යතාව විමසා අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) – Claim 01 : 

    ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පසුගිය දා උතුරේ පැවති තිලීපන් සැමරුම් උත්සවයකට එක්වී ඇති බව කියමින් මෙම සටහන පළ කර ඇත්තේ, “පළමුව LTTE සන්නද්ධ අංශයට එක්ව පසුව LTTE දේශපාලන නායකයෙක් වෙච්ච තිලීපන්ට මේ වන්දනා කරන්නේ මේ රටේ ඇමති වරයෙකි. ඉතින් අපි කාට කියන්නද? ත්‍රස්තයන් වීරයන් වී, වීරයන් ත්‍රස්තයන් වෙන කාලය උදා වීමට දෙන තනි නම පුනරුදයද?” යනුවෙනි. 

    Facebook | Archived Link

    මෙම ඡායාරූපයේ නිර්වද්‍යතාව විමසා පාඨකයින්ගෙන් ද  ලද ඉල්ලීම් සලකා අප මෙය පරීක්ෂා කිරීමට පියවර ගත්තා. 

    Fact-Check 01 :

    අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා තිලීපන් සැමරුම් අවස්ථාවකට එක්ව ඇති බවට ඡායාරූපයක් ද සමග සටහන් හුවාමරු වන්නේ, 2026 සැප්තැම්බර් 15 වැනිදා, තිලීපන්ගේ 39 වැනි අනුස්මරණ වැඩසටහන් ආරම්භ කරමින් යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේ තිලීපන්ගේ නව ලෝකඩ පිළිරුවක් නිරාවරණය කිරීම සහ තිලීපන් සැමරීම සඳහා උතුරේ විවිධ වැඩසටහන් පැවැත්වෙන වටපිටාවකදී ය. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්  

    කෙසේ වෙතත්, අමාත්‍ය රාමලිංගම් අමාත්‍යවරයා එවැනි කිසිදු සැමරුමකට එක්ව ඇති බවක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් වාර්තා කර නොමැති අතර සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරයේ ඡායාරූපයක් හෝ කිසිදු පිළිගත් මාධ්‍යක් වාර්තා කර නොමැත. 

    ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් 

    අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේ තිලීපන්ගේ සැමරුමකට එක්ව සිටියේ දැයි අප අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසා සිටි අතර ලේකම්වරයා සඳහන් කළේ, අමාත්‍යවරයා තිලීපන් සැමරුම් අවස්ථාවන්ට එක් නොවූ බවත්, අදාළ ඡායාරූපය සංසකරණය කර ලද්දක් බවයි. තව ද මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ,  අමාත්‍යවරයා මේ දිනවල විදෙස්ගතව සිටින බවයි.

    සංස්කරණය කරන ලද ඡායාරූපයක් 

    රාමලිංගම් මහතා තිලීපන් සැමරුමකට එක්ව සිටින අවස්ථාවේ ඡායාරූපයේ සත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා අප Revers Image සෙවුමක් ඔස්සේ එය පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මෙම ඡායාරූපය යාපනය මහනගර සභාවේදී තිලීපන් වෙනුවෙන් පැවැති අනුස්මරණ උපහාර වැඩසටහනක ඡායාරූපයක් බව තහවුරු විය. මුල් ඡායාරූපය සහිත තවත් පුවත් වාර්තා කිහිපයක් මෙතැනින් සහ මෙතැනින්. එහි එක් ඡායාරූපයකට අමාත්‍යවරයාගේ මුහුණ යොදා සංස්කරණය කර ඇති බව පැහැදිලිව දැකගත හැකියි. 

    මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප නිරීක්ෂණය කිරීමේදී මෙය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බව පැහැදිලි වන අතර එහි  Gemini AI නිල ලාංඡනය ද පැහැදිලිව දැකගත හැකියි.

    මේ අනුව පැහැදිලි වන්නේ, රාමලිංගම් අමාත්‍යවරයා තිලීපන් සැමරුමකට එක්වූ බවට සංසරණය වන ඡායාරූපය සංස්කරණය කරන ලද්දක් බවයි.

    සමාජ මාධ්‍ය සටහන් – Claim 02 : 

    තිලීපන් විමුක්තිකාමිකයෙකු බවටත් “තිලීපන් සොයුරාගේ ප්‍රතිමාවකටත් බය ගෝත්‍රිකයින් ඉන්න රටක අපි ඉන්නේ’’ යනුවෙන්  නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් අදහස් පළ කිරීමක් සිදු කර ඇතැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ පහත සටහන හුවමාරු වෙමින් තිබේ.  

    Facebook | Archived Link Facebook | Archived Link

    සැලකිය යුතු පිරිසක් අතරේ හුවමාරු වී ඇති මෙම සටහනෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තා. 

    Fact-Check 02 :

    නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා තීලිපන් සම්බන්ධයෙන් සිදුකරන ලදැයි කියන මෙම ප්‍රකාශය සහිත සටහන Newsfirst වෙබ් අඩවියේ නිල ෆේස්බුක් පිටුවේ සටහන් ආකෘතියට සමානව සහ එහි නිල ලාංඡනය සහිතව පළ කර තිබුණ ද Newsfirst නිල ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් දක්නට නොමැති අතර එහි කළමණාකාරවරයා ද තහවුරු කළේ, මෙය ඔවුන්ගේ නිල ආකෘතිය ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකසන ලද සටහනක් බවත් ඔවුන් සිය ෆේස්බුක් පිටුවේ එවැනි සටහනක් පළ නොකළ බවත් ය. 

    මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා තිලීපන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි සංසරණය වන ආකාරයේ හෝ ඊට ආසන්න හෝ වෙනත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ අපි සිදුකරන ලද කරුණු පරීක්ෂාවේදී තවදුරටත් තහවුරු විය.

    නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර 

    තීලිපන් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුකර ඇතැයි කියමින් සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන පිළිබඳව අප ඔහුගේ මාධ්‍ය ලේකම්වරියගෙන් විමසා සිටියා. නියොජ්‍ය අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් මෙය ව්‍යාජ සටහනක් බවත් මාධ්‍ය ලේකම්වරිය එහිදී ප්‍රකාශ කළා.

    තිලීපන් යනු කවුරුන් ද ? සහ තිලීපන් සැමරුම්  

    රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන්, LTTE සංවිධානයේ දේශපාලන අංශයට සම්බන්ධ සාමාජිකයෙකු වූ අතර 1987 වසරේදී ඔහු ඉන්දීය රජය වෙත ඉල්ලීම් 5ක් ඉදිරිපත් කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ය. ඔහු 1987 සැප්තැම්බර් 15 වැනිදා නල්ලූර් කන්දසාමි කෝවිල ආසන්නයේදී ආහාර සහ ජලය ප්‍රතික්ෂේප කරමින් උපවාසය ආරම්භ කළ අතර උපවාසයෙන් දින 12කට පසුව එනම් 1987 සැප්තැම්බර් 26 වැනිදා ජීවිතක්ෂයට පත්විය. මෙම උපවාසය සිදුකර තිබුණේ, 1987 ඉන්දු -ලංකා ගිවිසුමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ උතුරු නැනෙහිර ප්‍රදේශ සම්බන්ධයෙන් ඉන්දියාවේ භූමිකාව ඉහළ ගොස් තිබූ කාලයකදී  ය. විස්තර මෙතැනින් සහ මෙතැනින් 

    සැප්තැම්බර් 15 වැනිදා සිට 26 දක්වා තිලීපන්ගේ 39 වැනි අනුස්මරණයට සමාගාමීම උතුරේ ප්‍රදේශ කිහිපයක සැමරුම් පැවැත්වෙමින් තිබේ. මෙවර විශේෂයෙන් අවධානයට යොමු වූයේ, තිලීපන් අනුස්මරණය වෙනුවෙන් අලුතින් ඉදිකළ ලෝකඩ පිළිරුවක් සැප්තැම්බර් 15 වැනිදා විවෘත කරමින් සැමරුම් ආරම්භ කිරීමයි. එම අවස්ථාවේ පිළිරුවට මල් මාලා පළඳවමින් උපහාර පවත්වා තිබූණා.

    යාපනයේ ප්‍රදේශ රැසකදී තිලීපන් අනුස්මරණය කරමින් උපහාර පවත්වා ඇති බවට පුවත් වෙබ් අඩවි මෙලෙස, මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා. කෙසේ වෙතත්, සැප්තැම්බර් 18 වැනිදා නල්ලූර් සැමරුම අතරතුර පොලිසිය ශබ්ද විකාශන උපකරණ ඉවත් කරගෙන යන අයුරු මාධ්‍ය මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.   

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රෙස්කර් මහතා උතුරේ පැවති තිලීපන් සැමරුමකට එක්ව සිට නොමැති බවත් අමාත්‍යවරයා සැමරුමකට එක්ව සිට ඇති බව පෙන්වමින් සංසරණය වන ඡායාරූපය, යාපනය මහනගර සභාවේදී තිලීපන් වෙනුවෙන් පැවැති අනුස්මරණ උපහාර වැඩසටහනක ඡායාරූපයකට, අමාත්‍යවරයාගේ මුහුණ යොදා සිදුකළ සංස්කරණයක් බවත් ය.

    තව ද තිලීපන් විමුක්තිකාමිකයෙකු බව හෝ ඔහුගේ ප්‍රතිමාවකටත් බය ගෝත්‍රිකයන් ඉන්න රටක අපි ඉන්නේ, යනුවෙන් ප්‍රකාශයක් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් සිදුකර නොමැති බව ද අපි සිදු කළ කරුණු පරීක්ෂාවේදී තහවුරු විය. 

    Result Stamp

    Title: තිලීපන් සැමරුම සම්බන්ධයෙන් පළවන අසත්‍ය සටහන් පෙළක්!

    Written By: Sagarika Chathumali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-09-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.