දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෑතකදී සමාජ මාධ්ය ජාලාවල රජයේ නිල කැබිනට් තීරණ දැනුම් දෙන නිවේදනයක ස්වරූපයෙන් සකස් කරන ලද සටහනක් සංසරණය වෙමින් පවතී. එහි දැක්වෙන්නේ ජාතික කොඩියේ සිටින සිංහ රූපයෙන් සිංහල ජාතිය පමණක් නිරූපණය වන බැවින්, අනෙකුත් ජාතීන්ගේ කනස්සල්ල දුරු කිරීම සඳහා සිංහයා වෙනුවට වෙනත් වර්ණයක් ආදේශ කිරීමට රජය අදහස් කරන බව කැබිනට් ප්රකාශක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කළ බවයි. සත්ය වශයෙන් ම මෙලෙසින් කැබිනට් තීන්දුවක් ගෙන තිබුණේ ද, යන්න පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

මෙම සටහන් බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
මාධ්ය වාර්තා නැහැ
සෞඛ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙවැනි ප්රකාශයක් සිදු කර ඇති බවට කිසිදු ප්රධාන මාධ්ය ධාරාවක් වාර්තා කර නොමැති බව ඒ හරහා කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණි.
නිල කැබිනට් තීරණයක් නොමැත
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහ කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලයේ නිල වාර්තා පරීක්ෂා කිරීමේදී, ශ්රී ලංකා ජාතික කොඩිය වෙනස් කිරීම සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් හෝ තීරණයක් ගෙන නොමැති බව තහවුරු වේ.
අමාත්ය නලින්ද ජයතිස්ස
අප මේ පිළිබඳ අමාත්යවරයාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, මෙය ව්යාජ සටහනක් බව ත්, ජාතික ධජය වෙනස් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව ත්, එවැනි ප්රකාශයක් හෝ තමන් විසින් වෙනත් කිසිදු තැනක හෝ සිදු කර නොමැති බවයි.
ව්යාජ සටහන් පිලිබඳ විමර්ශන සිදුවන බවට අමාත්ය නලින්ද කැබිනට් මාධ්ය හමුවේ දී දැනුම් දී තිබුනේ මෙලෙසින්.
ආණ්ඩුක්රම ව්යවස්ථාපිත නීතිය
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ජාතික කොඩිය හෝ ජාතික ගීය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයක් සහ රටේ සමස්ත ජනතාවගේ ජනමත විචාරණයක් අනිවාර්යයෙන්ම අවශ්ය වේ. එබැවින් කැබිනට් මණ්ඩලයට හෝ තනි අමාත්යවරයෙකුට පමණක් ජාතික කොඩිය වෙනස් කළ නොහැක.
මෑතකදී ද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාධ්ය සාකච්ඡාවක සජීවී විකාශය අතරතුර කැමරාවල සිදුවූ ආලෝක පාලන (White Balance) දෝෂයක් හේතුවෙන් පසුබිමේ තිබූ ජාතික කොඩියේ වර්ණවල තාවකාලික වෙනසක් දර්ශනය විය. ඇතැම් පාර්ශව මෙම තාක්ෂණික දෝෂය “කොඩිය වෙනස් කිරීමේ උත්සාහයක් ද,” යන්න විමසා තිබුණේ මෙලෙසින්. එම අවස්ථාවේ ජාතික කොඩියේ දමිළ ජනතාව නියෝජනය කරන තැඹිලි පැහැ වර්ණය වෙනුවට රතු පැහැ වර්ණයක් යොදා ඇති බවට ඉන් පවසා තිබුණද, සත්ය වශයෙන් ම එහි දක්වා තිබූ ජාතික කොඩියේ දමිළ ජනතාව නිරූපණය කෙරෙන තැඹිලි පැහැය තිබූ අතර එය White Balance තත්ත්වය මත රතු පැහැයෙන් දිස් විය. Archived Link
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ජාතික කොඩියේ සිංහ රූපය ඉවත් කර වෙනත් වර්ණයක් ආදේශ කිරීමට රජය තීරණය කර ඇති බව පවසමින් කැබිනට් මාධ්ය ප්රකාශක නලින්ද ජයතිස්ස මහතා විසින් කැබිනට් තීරණය දැනුම් දුන් බවට දක්වමින් සමාජ මාධ්ය හරහා සංසරණය වන සටහන් සම්පූර්ණයෙන්ම ව්යාජ සහ අසත්ය තොරතුරකි.
එවැනි කිසිදු කැබිනට් තීරණයක් නොමැති අතර, මහජනතාව නොමඟ යැවීම සහ ජාතිවාදී නොසන්සුන්තාවක් ඇති කිරීමේ අරමුණින් මෙම ව්යාජ සටහන නිර්මාණය කර ඇත. වත්මන් ශ්රී ලංකා ජාතික කොඩිය කිසිදු වෙනසකින් තොරව එලෙසම පවතී.



