Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නිහාල් නෙල්සන් මෑතක දී ජීවිතක්ෂයට පත්වූ බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

    2024-09-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ඊයේ( සැප්තැම්බර්16) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ. සමාජ ජාලා සටහන් සමාජ ජාලාවල පැතිරෙන සටහන් මගින් දැක්වෙන්නේ ප්‍රවීන ගායන ශිල්

    ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ඊයේ( සැප්තැම්බර්16) දිනයේදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු විමර්ශනයයි මේ.

    සමාජ ජාලා සටහන්

    සමාජ ජාලාවල පැතිරෙන සටහන් මගින් දැක්වෙන්නේ ප්‍රවීන ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා පසුගිය දිනෙක ජීවිතක්ෂයට පත්වූ බවක්. ඒ බව හඟවමින් ඔහුට නිවන් සුව පතා පළවූ සටහනක් පහතින්.

    FB | Archived

    එම සටහන් හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් මෙතනින්, මෙතනින්

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    කෙසේ වෙතත් නිහාල් නෙල්සන් මහතා මෑතක දී ජීවිතක්ෂයට පත්වුනේ නැති බවත්, පැරණි සිදුවීමක් මෙසේ හුවමාරු කර ගැනීම හෙළා දකිමින් ද සටහන් රැසක් නිර්මාණය වී තිබු බව ද අපට දැක ගන්නට ලැබුණා.

    ශ්‍රී ලාංකීය වේග රිද්ම ගීත කලාව නව මානයකට රැගෙන ගිය ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා ජීවිතක්ෂයට පත්වී තිබුනේ, මෑතක දී නම් නොව, මීට වසර දෙකකට පමණ පෙරයි. එනම් 2022 වසරේ දෙසැම්බර් 13 වැනිදායි.

    අභාවප්‍රාප්ත වන විට අවුරුදු 76 ක් දිවි ගෙවා තිබු නිහාල් නෙල්සන්, සමාජයේ කතා බහට ලක්වු මෙන්ම අඳුරු පැතිකඩ විදහා දක්වන තේමාවන් මුල් කරගනිමින් ගීත ගායනා කිරීම හේතුවෙන්, වඩාත් ජනාදරයට පාත්‍රවිය.

    ඔහු ගායනා කළ “සල්ලි මිටි ගණන්, කිරි දුන්නේ දරුවන්ටයි” වැනි ගීත සමාජයට දැඩි බලපැමක් එල්ල කළ හැකි ගීත බවට පත්විය. 1978 දී ‘ගුණේ අයියගේ කාමරේ’ ගීතය ද අතිශය ජනප්‍රිය විය. මීට අමතරව ඔහු ගායනා කළ “ පත්තරවල විස්තර , රෝස මලකුයි නෙලුම් මලකුයි , අම්මා නැති කාලේ , ලස්සනට පිපුණ වන මල්” වැනි ගීන සියගණනක් මෙරට රසික හදවත් තුල සදා මතකයේ රැදෙනු ඇත.

    ගීත ඇල්බම සියයකටත් වැඩිය නිකුත් කර තිබු නිහාල් නෙල්සන් මහතා ගායන ශිල්පියෙකුට අමතර සංගීත අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ගී පද රචකයෙකු ලෙස ද මෙරට සංගීත කේෂත්‍රයට අතිවිශාල මෙහෙවරක් ඉටු කරනු ලැබීය.

    නිහාල් නෙල්සන් මහතාගේ ජිවිතක්ෂයට පත්වූ අවස්ථාවේ පළවූ පුවත් කිහිපයක් මෙතනින්, මෙතනින්.

    Also Read : මෑතක දී රොබින් ප්‍රනාන්දු මහතා මියගිය බව හඟවමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2022 වසරේ දෙසැම්බර් මස ජීවිතක්ෂයට පත් වූ ප්‍රවීණ වේග රිද්ම ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා මෑතක දී අභාවප්‍රාප්ත වූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ෆේස්බුක් පරිශිලකයින් නොමග යැවීම සඳහා පළ කරන ලද සටහනක් බවටයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-09-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.