Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    නව රජයෙන් සුඛෝපඝෝගී Low Floor බස් රථ මගී මගී ප්‍රවාහනයට යොදාගන්නා අයුරු ? (Photo)

    2024-10-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මැතිවරණය තෙක්, නව ජනපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවාගත් තවකාලික නව රජයේ ප්‍රධානින් ඉලක්ක කරගනිමින් සහ ඇතැම් තීරණ බවට සඳහන් කරමින් නොයෙකුත් නොමගයවන සුළු සමාජ ජාලා සටහන්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පාර්ලිමේන්තු මැතිවරණය තෙක්, නව ජනපති අනුර කුමාර දිසානායක විසින් පිහිටුවාගත් තවකාලික නව රජයේ ප්‍රධානින් ඉලක්ක කරගනිමින් සහ ඇතැම් තීරණ බවට සඳහන් කරමින් නොයෙකුත් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් බොහොමයක් හුවමාරු වෙනවා.

    සමාජ ජාලා සටහන්  

    මේ ආකාරයට හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළකින් දැක්වෙන්නේ, ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමෙන් පසු නවීන පන්නයේ සුඛෝපඝෝගී Low Floor බස් රථ විශාල ප්‍රමාණයක් ආනයනය කර, මගී ප්‍රවාහන කටයුතු සඳහා එකතු කර ඇති බවක් .

    FB | Archived FB

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම ) 

    අප මුලින්ම, ඉහත සටහන් සඳහා යොදාගෙන තිබු සේයාරුව, රිවර්ස් ඉමේජ් සර්ච් සෙවීමකට යොමුකර මෙම බස්වල මුල් ඡායාරූප කුමන ආකරයේ පසුබිමකින් ලබාගෙන ඇතිද යන වගක් විමසා බැලුවා. 

    විදෙස් රටක පැරණි ඡායාරුපයක්

    එහිදී අපට දක්නට ලැබුණේ මුල් ඡායාරූපය ඇතුළත් 2010 පළවූ වර්තාවක දැක්වෙන්නේ පෝලන්තයේ වෝර්සෝ ප්‍රදේශයේ ප්‍රවාහනය සම්බන්ධ  පරිපාලන අධිකාරියක් විසින් නව බස් රථ සදහා ටෙන්ඩර් පටිපාටිය යටතේ සමාගමකට අවසර ලබාදුන් අවස්ථාවක්. වැඩි විස්තර මෙතනින්.

    Archived 

    ඉන් අනතුරුව අප ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා සොයා බලනු ලැබුවේ ජාතික ජන බලවේගය විසින් පිහිටුවාගත් නව අමාත්‍ය මණ්ඩලයට විසින් බස් රථ ගෙන්වූ බවට, හෝ එවැනි තීරණයක් ගත බවට වන පුවත් පවතීද යන්නක්. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ. 

    ව්‍යාජ සටහන් පෙළක් බව ප්‍රවාහන අමාත්‍යංශය ද තහවුරු කරයි

    තවදුරත් මේ පිලිබදව කරුණු විමසීමට, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විජිත හේරත්ගේ පුද්ගලික ලේකම්වරයාව අප සම්බන්ධ කරගත් අතර ඔහු පැවසුවේ නව රජය පත්වී මාසයක්වත්  ඉක්ම නොගිය මෙවන් අවස්ථාවක පැතිරෙන මෙම සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. එමෙන්ම බස් රථ ගෙන්වීම වැනි කරුණක් සම්බන්ධයෙන් අවම වශයෙන් සාකච්චාවට හෝ බදුන්වී නොමැති බවත් ඔහු පැවසුවා.

    පෙර පවැති රජයන් ද විවිධ අවස්ථාවල දී පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) ගෙන්වීමට කටයුතු කර තිබු අතර එම අවධි වලදී ද මේ ගැන අතිශයෝක්තියක් ඇති කරමින් නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. මීට වසර තුනකට පෙර, හුවමාරු වූ එවැනි නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබඳව අප සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්. 

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (නිගමනය) 

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමෙන් තහවුරු වන්නේ නව රජය මගින් මේ වන විට දිවයිනට පහත මට්ටමේ තට්ටුවක් (Low Floor) බස් රථ ගෙන්වා ඇති බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය බව ප්‍රවාහන අමාත්‍යංශය තහවුරු කර සිටින බවයි.

    මෙම ව්‍යාජ සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ 2010 විදෙස් රටක පළවූ වර්තාවක දැක්වෙන ඡායාරුපයක්.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-10-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.