Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    වායෝ සංගීත කණ්ඩායම සේනක බටගොඩට ගීත සදහා කතෘ භාග මිලියන 5 ක් ගෙවීමට ඇති බවක් ඔහුගේ දියණිය පවසා නැහැ

    2024-09-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනප්‍රිය ගායක ගායිකාවන් ,නළු නිලියන් මියගිය විට ඔවුන් සම්බන්ධ විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා .මෑතදී මරණය ට පත් ප්‍රවීන ගායක සේනක බටගොඩ සම්බන්ධය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ජනප්‍රිය ගායක ගායිකාවන් ,නළු නිලියන් මියගිය විට ඔවුන් සම්බන්ධ විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා .මෑතදී මරණය ට පත් ප්‍රවීන ගායක සේනක බටගොඩ සම්බන්ධයෙන් පැතිර ගිය නොමගයන සුළු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමකි මේ .

    සමාජ ජාලා සටහන්

    සේනක බටගොඩට වායෝ සංගීත කණ්ඩායම විසින් රුපියල් මිලියන 5 ක මුදලක් ගෙවීමට ඇති බවත් ,එම මුදල ගෙවීම ඔවුන් විසින් පැහැර හැර ඇති බවත් ඔහුගේ දියණියගේ ප්‍රකාශයක් ලෙස සමාජ ජාලා සටහන්වල දැක්වෙනවා .මෙහි සිරස නිව්ස් ෆස්ට් නිල ලකුණද(ලෝගෝ) ඇතුලත් .

    FB | Archived

    මේ සම්බන්ධව පැතිර ගිය තවත් සමාජ ජාලා සටහනක් පහතින්.

    FB | Archived

    මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

    Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම විමසා බැලුවේ සිරස නිව්ස් ෆස්ට් සමාජ ජාලා පිටුවල මෙවන් පුවතක් පළකර ඇතිද යන කරුණයි.එහිදී අපට දක්නට ලැබුණේ එවන් පුවතක් පළකර නොමැති බවයි.

    වෙනත් මාධ්‍යයන් ද මෙවැනි පුවතක් පළකර ඇතිද යන කරුණ අප විමසා බැලුවා.එහිදී අපට දක්නට ලැබුණේ එවැන්නක් පළකර නොමැති බවයි.

    ඉන්පසුව අප සේනක බටගොඩ ගේ කළමනාකාර වරයාට කතා කළා.එහිදී ඔහු පැවසුවේ සේනක බටගොඩ ගේ දියණිය වන සෙරීනා බටගොඩ මෙවන් ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.ඇය මාධ්‍යයට මෙවන් ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් බටගොඩ මියයාමෙන් පසු ගෙවී ගිය දින කිහිපයේම සේනක බටගොඩ ගේ දියණියගේ දුරකතන අංකය අක්‍රීයව පැවති බවත් ඔහු සදහන් කළා.

    කෙසේ වෙතත් සේනක බටගොඩ ගේ ගීත කිහිපයක් ඔහුට ගායනා කිරීම වලක්වා තහනම් කිරීමට අධිකරණ තීන්දුවක් ලබාදී තිබුනේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.ඔහු ගායනා කල ප්‍රසිද්ධ ගීතයක් වන “අපි කවුරුද” ඇතුළු ගීත කිහිපයක් මේ ආකාරයට වාරණයට ලක්වුණා.ඒ සේනක බටගොඩට විරුද්ධව අදාල ගීතයේ සංගීත අධ්‍යක්ෂණයට දායකවූ බව පැවසෙන පුද්ගලයෙක් තමන්ට කතෘ භාගයෙන් කොටසක් නොගෙවූ බවට ගොනු කර තිබු නඩුවක් නිසා .ඒ සම්බන්ධ ව විස්තර කියවිය හැකියි මෙතනින්

    කෙසේ වෙතත් වායෝ සංගීත කණඩායම සේනක බටගොඩ ට යම් මුදලක් ගෙවීමට ඇතිද යන්න සම්බන්ධයෙන් අදහස් පල කිරීම අපහසු බව ප්‍රකාශ කල ඔහුගේ කළමනාකරු වැඩිදුරටත් පැවැසුවේ සෙරීනා බටගොඩ විසින් මෙවන් ප්‍රකාශයක් සිදුකර නොමැති බව තමන්ට තහවුරු කල හැකි බවයි.

    සේනක බටගොඩ පසුගිය කාලයේ වායෝ සංගීත කණඩායම සමග සමීපව කටයුතු කල අතර ඔවුන් විසින් ඔහු සමග එක්ව “අපි කවුරුද” ගීතය ගායනා කල අවස්ථාවක් පහතින්.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය

    සේනක බටගොඩ ගේ දියණිය වන සෙරීනා බටගොඩ විසින් වායෝ සංගීත කණ්ඩායම සේනක බටගොඩ ට රුපියල් මිලියන 5 ක් ගෙවීමට ඇති බවත් පවසා ඇති බව බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි.එවැනි පුවතක් නිව්ස් ෆස්ට් විසින්ද පළකර නොමැත.කෙසේ වෙතත් වායෝ සංගීත කණ්ඩායම විසින් යම් මුදලක් ඔහුට ගෙවීමට ඇතිද යන කරුණ ස්වාධීනව සත්‍යාපනය කිරීමට අපහසුයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2024-09-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.