Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලොව පුරා බලපැවැත්වෙන ඉන්ධන සහ ගෑස් අර්බුදයේ ඡායාරූප?

    2022-03-16
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙරට පවතින වත්මන් ආර්ථික තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොවූ බවට දැක්වීමට විදේශීය රාජ්‍යයන් වල ඉන්ධන සහ ගෑස් පෝලිම් වල භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ ෆේස්බුක් සටහන් කිහිපයක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ ර

    මෙරට පවතින වත්මන් ආර්ථික තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොවූ බවට දැක්වීමට විදේශීය රාජ්‍යයන් වල ඉන්ධන සහ ගෑස් පෝලිම් වල භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ ෆේස්බුක් සටහන් කිහිපයක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “මේ රට ඇතුලේ ඉදගෙන අරක නැ, මේක නෑ කිය කිය වැලපෙන දේශපාලන අවස්ථාවාදීන් නොදකින ලෝක තත්ත්වය.

    සමහරවිට මේ තෙල් ගෑස් පෝල්ම් වලටත් ගෝඨාභය ද දන්නැ වගකියන්න ඕනා… ” යනුවෙන් සඳහන් කරමින් විදේශීය රටවල ඉන්ධන පිරවුම් අසල පෝලීම් මෙන්ම ගෑස් ලබා ගැනීම් සඳහා පෝලිම් දැක්වෙන ඡායාරූප එක් කර තිබුණේ, වර්තමාන ඡායාරූප බවට අදහස් කරමින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප රැගත් තවත් සටහන් මෙතනින් 

    මේ තේමාවෙන්ම පළවූ තවත් සටහනක, ඉහත ඉන්ධන පිරවුම්හලක සහ ගෑස් පෝලිමක ඡායාරුප සමඟින් දක්වා තිබුනේ “ගෝඨාගේ අසාර්ථක පාලනය හේතුවෙන් ලොව පුරා ඉන්ධන සහ ගෑස් අලෙවිසැල් අසල දැඩි පෝලිම්..” යනුවෙනි.

    Facebook | Archived

    සටහන් සඳහා යොදාගෙන තිබු පළමු ඡායරූපය:

    ඉහත පළමු ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව එම ඡායාරූපය ගෙන තිබුණේ, 2019 ජනවාරි 6 වන දින,ජලිස්කෝ ප්‍රාන්තයේ Zapopan හි ඉන්ධන පිරවුම්හලක සිය ගණනක් මෝටර් රථ හිමියන් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම් ගැසී සිටින ආකාරයයි.

    AFP | Archived Link

    මෙම දිගු පෝලිම් වලට හේතුවී ඇත්තේ ඉන්ධන සොරකම් වැළැක්වීමේ අරමුණින් ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවල වෙනසක් සිදුකිරීමට රාජ්‍ය තෙල් සමාගමක් වන Petroleos Mexicanos වඩාත් ආරක්ෂිත ප්‍රවාහන ක්‍රම භාවිතා කිරීම නිසා Guanajuato, Hidalgo, Jalisco, Michoacan, Mexico සහ Queretaro ප්‍රාන්තවල ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමේ සිදුවූ ප්‍රමාදය බව USA Today වෙබ් වාර්තාව මෙලෙසින් පෙන්වා දී තිබෙනවා.

    සටහන් සඳහා යොදාගෙන තිබු දෙවන ඡායරූපය:

    ඉහත දෙවන ඡායාරූපයේ දැක්වෙන්නේ, දකුණු කැලිෆෝනියාවේ ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ඉහළ යන ඉන්ධන මිල මධ්‍යයේ මිල අඩු ඉන්ධන සපයන එක්සත් ජනපදය කොස්ට්කෝ සහ සෑම්ස් ක්ලබ් ඉන්ධන පිරවුම්හල්වලින් පිටත දිගු පෝලිම් නිර්මාණය වී ඇති අවස්ථාවක පසුගිය මාර්තු 09 වන දා Tustin හි ලබා ගත් ඡායාරූපයකි. පසුගිය කාලයේ ඇමරිකාවේ ද ඉන්ධන මිල ක්‍රමයෙන් ඉහල ගොස් තිබුණද මේ දිනවල ඉන්ධන මිල ඉහල යාමට මුලික හේතුව රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ඇමරිකාව පැනවූ සම්භාදාහක හමුවේ රුසියාවෙන් ලබාගැනීම නැවැත්වීමයි. මේ පිළිබඳව පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link

    california.funeral.com| Archived Link

    මිල අඩුවෙන් ඉන්ධන ලබා ගත හැකි මෙම ඉන්ධන පිරවුම් හලවල් වල ඇති දිගු පෝලිම් සම්බන්ධයෙන් පළ වූ වාර්තාවක් මෙතනින්.

    ඇතැම් පිරිස් මේ පිළිබඳ Twitter ඔස්සේ සටහන් කර තිබුණේ මෙලෙසින්.

    https://twitter.com/Evanhaegele/status/1501769019417759746

    Archived Link

    එක්සත් ජනපදයේ ඉන්ධන මිල යම් කාලයක් තිස්සේ ඉහළ යමින් පවතින අතර, මෑත කාලීන ඉන්ධන මිල ඉහළ යෑමට හේතුව වී ඇත්තේ රුසියානු-යුක්රේන යුද ගැටුම සහ රුසියාවට පනවන ලද බටහිර සම්බාධක හේතුවෙන් පවතින ඉන්ධන හිඟයයි.

    සටහන් සඳහා යොදාගෙන තිබු තෙවන ඡායරූපය:

    තෙවන ඡායාරූපයේ දැක්වෙන්නේ, ලෙබනන්හි ආර්ථික අර්බුදයක් මධ්‍යයේ 2021 අගෝස්තු 10 වන දින සිදොන් හි ගෑස් සිලින්ඩර පිරවීමට ලෙබනන් වැසියෝ දිගු පෝලිම්වල සිටින අයුරුයි.

    AFP | Archived Link

    ලෙබනනයේ ඖෂධවල සිට ඉන්ධන දක්වා මූලික ද්‍රව්‍යවල හිඟ රැල්ලක් ඇති වීමට හේතු වී ඇත්තේ, ආනයන සඳහා අරමුදල් සැපයීම සඳහා ණය මාර්ග විවෘත කිරීමේදී මහ බැංකුව විසින් ප්‍රමාද කිරීම බවයි.  රජය විසින් නියම කරන ලද මිලක් සමග ගෑස් සහනාධාර ලබා දෙන නමුත්, නිල සැපයුම් සිඳී ගියහොත් මිල තුනෙන් එකකට වඩා වැඩි විය හැකි බවට අලෙවි නියෝජිතයින් අනතුරු අඟවා ඇති බවත් විදේශ මුදල් සංචිත ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින අතර, රටට ඉතිරි වී ඇති සුළු මුදල වැඩි කර ගැනීම සඳහා ආනයනය අඩු කිරීමට කටයුතු කර ඇති බවත් මාධ්‍ය වාර්තා මෙලෙසින් පෙන්වා දෙයි. Archived Link

    නවසීලන්තයේ ඉන්ධන පෝලිම් සම්බන්ධ සටහන් පෙළක්:

    මේ අතර ‘නවසීලන්තය පාලනය කරන්නේ ගෝඨාභය ද? “ යන තේමාවෙන් සමාජ මාධ්‍ය සටහන් රැසක් නවසීලන්තයේ ඉන්ධන පෝලිම්වල සිටින වාහන පෙළක ඡායාරුප සමඟ පළකර තිබුනේ මෙලෙසින්.

    නවසීලන්තයේද මෙරට මෙන් ආර්ථික අර්බුදයකට වැටී ඇති බව සඳහන් කිරීමට භාවිත කළ ඉන්ධන පෝලීමේ ඡායාරූපයේ දැක්වෙන්නේ, පසුගිය මාර්තු 11 වන දින නවසීලන්තයේ අගනුවර වෙලින්ටන් හි Waitomo ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පිරවීමට මිනිසුන් පෝලිම් සෑදී ඉන්නා අයුරුයි. එම චීන Global Times ෆේස්බුක් සටහන මෙතනින්. පුවත් වර්තාවක් පහතින්.

    xinhuanet.com | Archived Link

    මෙහි සඳහන් කර ඇත්තේ නැවත ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දැනුම්දීමට පෙර මෙලෙස ඉන්ධන ලබා ගැනීමට පෝලිම් සෑදී ඇති බවයි. නවසීලන්තය කරුණු කිහිපයක් හේතුවෙන් මෙසේ ඉන්ධන මිල පිලිබඳ අර්බුදයකට මුහුණපා සිටින අතර ඒ පිලිබඳ වාර්තා මෙතනින් සහ මෙතනින්

    කෙසේනමුත් රටවල් කිහිපයකම ද දක්නට ලැබුණු පරිදි, ඉහලයන ජීවන වියදම හමුවේ ජනතාව වෙත සහනයක් ලබාදීම සඳහා නවසීලන්ත කැබිනට් මණ්ඩලය විසින් ඉන්ධන බදු අඩුකිරීම හරහා තාවකාලිකව සුළු මිල අඩු කිරීමක් තීරණය කර ඇති බව පසුගිය දා දැනුම් දී තිබුණේ මෙලෙසින්. කෙසේනමුත් මේ ආකාරයෙන් මිල අඩු කිරීම කෙතරම් සාර්ථක වේද සහ එමඟින් අයවැය සඳහා ඇතිවිය හැකි බලපෑම ඇතුළු කරුණු දක්වමින් පළවූ ලිපියක් මෙතනින්. 

    කෙසේවෙතත් කාරණා කිහිපයක් මුල්කරගනිමින් ලොව පුරාබ ප්‍රදේශ කිහිපයකම දක්නට ලැබුණු ඉන්ධන මිල ඉහළ යාම, වත්මන් රුසියානු-යුක්‍රේන යුධ ගැටුම් හේතුවෙන් වඩාත් තීව්‍ර වී තිබෙනවා. එසේම නයිජීරියාව වැනි අප්‍රිකාවේ රටවල් මෙන්ම ලොව පුරා රටවල් කිහිපයක ඉන්ධන පෝලිම් පිලිබඳ පුවත් පසුගිය දින කිහිපයේ දී වාර්තා වී තිබු අතර මෝල්ටාව, කෙන්යාව ඇතුළු රටවල් කිහිපයක් LPG ගෑස් සපයා ගැනීමේ ගැටළු පිළිබඳව ද පසුගිය දින කිහිපයේ දී වාර්තා වුණා.

    නමුත් මෙරට ඉන්ධන හිඟයට ප්‍රධාන වශයෙන් ම හේතු වී ඇත්තේ, ආනයනය කළ ඉන්ධන මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ඩොලර් හිඟ වීමයි. මේ සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.