Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ” Squid Game ” කතා මාලාව සැබෑ සිදුවීමක් මත පදනම් වූවක් ද?

    2025-01-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      Netflix ඔස්සේ විකාශයට පත් කළ 2021 වසරේ සැප්තැම්බර් 17 වන දින Thriller, Drama ශානරවලට අයත්වන ලොව ජනාදරයට පත් වූ කොරියානු මාලා නාටකය ‘Squid Game’ නැවත වරක් කතා බහට ලක් වන්නේ, “Squid Game” කතා මාලාවේ 2වන වාර්ය පසුගිය දෙසැම්බර් 26 වන දා නිකුත් වීම ත් සමගයි.

    A collage of different colored stairs

Description automatically generated

    Netflix ඔස්සේ විකාශයට පත් කළ 2021 වසරේ සැප්තැම්බර් 17 වන දින Thriller, Drama ශානරවලට අයත්වන ලොව ජනාදරයට පත් වූ කොරියානු මාලා නාටකය ‘Squid Game’ නැවත වරක් කතා බහට ලක් වන්නේ, “Squid Game” කතා මාලාවේ 2වන වාර්ය පසුගිය දෙසැම්බර් 26 වන දා නිකුත් වීම ත් සමගයි. මේ අතරින් මෙම කතා මාලාවට පාදක වූ සත්‍ය සිදුවීමේ ඡායාරූප ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පෙළක් සංසරණය වූ අතර මේ පිළිබඳව බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවා.’

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “SQUID GAME සත්‍ය කතාවක් මත පදනම් වේ”

    “මෙය 1986 දී සිදු වූ සත්‍ය සිදුවීමකින් ආභාසය ලබා ඇත. එය සිදු වූයේ දකුණු කොරියාවේ මිනිසුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි සහ ජීවත් වීමට ක්‍රීඩා කිහිපයක් සම්පූර්ණ කිරීමට සිදු වූ බංකරයක ය. මෙය ක්‍රියාත්මක කල අමානුෂික සිතුවිලි ඇති පුද්ගලයා සොයාගැනීමට කෙදිනකවත් නොහැකි විය” යනුවෙන් ෆේස්බුක් ඡායාරූප සටහනක් පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    එමෙන් ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙම සටහන් බහුලව සංසරණය වීම ප්‍රථමයෙන් ම ආරම්භ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. 

    මෙහි සත්‍ය කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    දකුණු කොරියාව සම්බන්ධයෙන් ලොව සිටින තරුණ තරුණියන් අතර මේ වන විට වඩා ත් ප්‍රචලිත වී ඇත්තේ කොරියානු කතා මාලා, BTS සංගීත කණ්ඩායම, Black Pink සංගීත කණ්ඩායම වේ. මෙරට සිටින තරුණයන් අතර කොරියානු කතා මාලාවන්ට මෙන් ම BTS සංගීත කණ්ඩායම කෙරෙහි අප්‍රසාදයක් ඇතත්, මෙම පිරිස අතරද, SQUID GAME කතා මාලාවට හිමි වන්නේ ඉහළ ඉල්ලුමකි.

    SQUID GAME

    දකුණු කොරියානු අධ්‍යක්ෂ Hwang Dong-hyuk විසින් රචනා කොට ඇති මෙම කතා මාලාව ට පාදක වන්නේ අධික ණය බරින් යුත් පුද්ගලයින් 456 දෙනෙකු ට අභිරහස් ක්‍රීඩා මාලාවකට සහභාගී වීමට කෙරෙන ආරාධනයත් ඔවුන් එම ත්‍රාසජනක ක්‍රීඩාවන්වල නියැලෙන ආකාරයයි. මෙම ක්‍රීඩකයින් ට සාම්ප්‍රදායික කොරියානු ළමුන් සඳහා වෙන් වූ ක්‍රීඩා වල තරඟ කිරීමට සිදු වන්නේ, මාරාන්තික පෙරළියක් සමගිනි එනම්, ඕනෑම ක්‍රීඩාවකින් අසාර්ථක වූහොත්, එම තරඟයෙන් ඉවත් වීමට සිදු වන්නේ මරණයෙන්. අවසාන ජයග්‍රාහකයාට ₩ බිලියන 45.6 ක එනම්, ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 38 ක දැවැන්ත මුදල් ත්‍යාගයක් ලැබේ.

    කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වන ලද ඡායාරූප මෙම කතා මාලාවේ එන මාරාන්තික ක්‍රීඩාවේ යෙදෙන කඳවුර මෙන් ම ක්‍රීඩකයන් ඇඳ සිටින නිල ඇඳුම් හා සමාන බැවින් මෙම ක්‍රීඩාව සත්‍ය බවට උපකල්පනය කර තිබුණා.

    SQUID GAME සත්‍ය සිදුවීමක් ද?

    මෙම ක්‍රීඩාව සත්‍ය සිදුවීමක් මත පදනම් වූවක් නොවේ. මෙහි තිර රචක සහ අධ්‍යක්ෂක හ්වාං ඩොං-හියුක් විසින් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක් වන අතර ඔහුට 2009 දී මුහුණ පෑමට සිදු වූ මූල්‍ය දුෂ්කරතා හමුවේ මේ සම්බන්ධයෙන් අදහසක් මුලින් ම පැමිණි බව ඔහු විසින් සඳහන් කර තිබුණා. මෙම කතා මාලාව ඔහුගේ පෞද්ගලික අත්දැකීම් වලින් මෙන්ම ධනේශ්වර සමාජවල තරඟකාරී ස්වභාවයෙන් ආභාෂය ලැබූ බව හ්වාං සඳහන් කර ඇත.

    ආර්ථික අසමානතාවය, පන්ති විෂමතාව සහ සහ සමාජීය පීඩන අතර එය සැබෑ ජීවිතයේ ගැටළු පිළිබිඹු කරන බවට ත්, ඔහු සඳහන් කර තිබුණේ මෙලෙසින්.

    සැබෑ ජීවිතයේ මෙවැනි තත්වයක් කිසි විටෙකත් සිදු නොවන බැවින් එය යථාර්ථවාදී නොවන බවට මෙම කතා මාලාව සම්බන්ධයෙන් ඔහු වරකදී ප්‍රකාශ කළේ මෙලෙසින්.

    මෙය සත්‍ය සිදුවීමක් නොවන බවට එහි අධ්‍යක්ෂවරයා විසින් පවසා තිබීම හේතුවෙන් අප ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ඡායාරූප කුමන අවස්ථාවකට සම්බන්ධ ද, යන්න පරීක්ෂා කිරීහ සඳහා reverse image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව, මෙම ඡායාරූප AI(Artificial intelligence) නිර්මාණකරුවෙකු වන Cityhermitai විසින් කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප බවට පෙනී ගියා. 

    View this post on Instagram

    A post shared by Efe Levent (@cityhermitai)

    ඔහු විසින් නිර්මාණය කරන ලද ‘SQUID GAME’ සම්බන්ධ තව ත් ඡායාරූප පෙළක් මෙතනින්. ඔහුගේ Instagram ගිණුම පරීක්ෂා කිරීමේදී AI ඔස්සේ නිර්මාණය කරන ලද බොහෝ ඡායාරූප දැක ගන්නට ලැබෙනවා.

    එමෙන් ම මේ සම්බන්ධයෙන් සිය Instagram ගිණුමේ අනුගාමිකයෙක් විසින් ඇසූ පැනයට ඔහු පිළිතුරු ද සපයා තිබුණේ මෙම ඡායාරූප කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද බවටයි.

    ඉහත ඡායාරූප කිහිපයක් AI ඔස්සේ නිර්මාණය කර ඇත් ද යන්න බවට අප කළ පරීක්ෂාවේදී තහවුරු වුණේ මෙලෙසින්.

    Brothers’ Home

    බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙම කතා මාලාව 1975 සිට 1986 දක්වා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වුන සුභසාධන ආයතනයක් වන බ්‍රදර්ස් හෝම් සිද්ධිය සම්බන්ධ කරමින් ‘SQUID GAME’ නිර්මාණය කළ බව ත්, බ්‍රදර්ස් හෝම් ඇතුළත දර්ශන ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති ඡායාරූප බව ත් සඳහන් කර තිබුණා.

    බ්‍රදර්ස් හෝම් යනු, සමාජ සේවා සපයන මුවාවෙන් ආසන්න වශයෙන් මිනිසුන් 40,000 ක් පමණ රඳවා තබා ගනිමින් රැඳවියන් නීති විරෝධී ලෙස සිරගත කර, ඔවුන් අපයෝජනයට ලක් කරමින්, බලහත්කාරයෙන් වැඩ කරවා ගැනීමට ත්  ක්‍රමානුකූලව ඒවා ප්‍රචණ්ඩත්වයට ලක් කර මරණ 657 ක් වාර්තා කළ සත්‍ය සිදුවීමකි. නමුත් මෙහි ක්‍රීඩාවකට එම පිරිස යොමු කළ බව ට හෝ ඉන් පරාජයට පත් වීම තුළ මරණයට පත් කළ බවට කිසිදු වාර්තාවක සඳහන් වන්නේ නැත. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    බ්‍රදර්ස් හෝම්හි සත්‍ය ඡායාරූප කිහිපයක් පහතින්

    ‘SQUID GAME’ කතා මාලාව බ්‍රදර්ස් හෝම් හි සිදු වූ ඇතැම් භීෂණ පිළිබිඹු කරන නමුත්  නිර්මාණකරුවන් පැහැදිලිවම ප්‍රකාශ කර ඇත්තේ ඔවුන් ඓතිහාසික සිදුවීම්වලින් ආභාෂය ලබා නොගත් බවයි. මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මෙතනින්.

    Also Read  : No, “Squid Game” Was Not Based on Real Events from 1986!

    අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, දකුණු කොරියානු කතා මාලාවක් වන “SQUID GAME“1986 කොරියාවේදී Brothers’ Home හි වූ සත්‍ය සිදුවීම පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද කතා මාලාවක් බව ත්, එහි සත්‍ය ඡායාරූප බවට ත් දක්වා තිබූ සටහන අසත්‍ය වේ. Brothers’ Home හි ඡායාරූප ලෙස පෙන්වා දී තිබුණේ කෘතිම බුද්ධිය(AI) ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප වන අතර Brothers’ Home සිදුවීම යනු ක්‍රීඩාවක් වටා වූ සත්‍ය සිදුවීමක් නොව රජයේ ද, මැදිහත් වීමකින් සමාජ සේවා සපයන පුණ්‍යාතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය, ආසන්න වශයෙන් මිනිසුන් 40,000 ක් පමණ රඳවා තබා ගනිමින් රැඳවියන් නීති විරෝධී ලෙස සිරගත කර, ඔවුන් අපයෝජනයට ලක් කරමින්, බලහත්කාරයෙන් වැඩ කරවා ගැනීමට ත්  ක්‍රමානුකූලව ඒවා ප්‍රචණ්ඩත්වයට ලක් කර මරණ 657 ක් වාර්තා කළ සිදුවීමකි.

    Avatar

    Title:” Squid Game ” කතා මාලාව සැබෑ සිදුවීමක් මත පදනම් වූවක් ද?

    Fact Check By: Pavithra Sandamali 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-01-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.