
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
එළඹෙන ජුනි මස එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දී ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලානය සහභාගී වන එක් එක් කණ්ඩායම් නම් කරන ක්රීඩක 15 දෙනාගේ ලැයිස්තු පිළිබඳව ක්රීඩා ලෝලීන් පසුවන්නේ දැඩි විමසිල්ලෙන්.
මෙවන් පසුබිමක ශ්රී ලංකා ක්රිකට් (SLC) ආයතනය විසින් නිල 15 දෙනාගේ ලැයිස්තුව නිකුත් කිරීමට මත්තෙන්, ඒ සඳහා තේරී ඇති ක්රීඩකයින් ලෙස පුරෝකථනය කරමින් සටහන් රැසක් හුවමාරු වුණා.
සමාජ මාධ්ය සටහන් :
විශේෂයෙන්ම දමිළ බසින් හුවමාරු වූ සටහනක, ලෝක කුසලානය සඳහා තේරී පත්වූ ශ්රී ලංකා T20 සංචිතය බවට දක්වමින් සංසරණය වූ සටහනක් පහතින්.

මෙහි විශේෂත්වය වුයේ මෙහි මෑතක දී නිතර T20 ජාත්යන්තර තරඟ සඳහා සහභාගී නොවූ මෙන්ම එතරම් දක්ෂතා දැක්වුයේ නැති නම් ද ඇතුළත් කර තිබීමයි.
මෙහි නිරවද්යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
2024 මැයි 14 ලෝක කුසලානය සඳහා පිටත්ව යන 15 දෙනෙකුගෙන් යුත් ශ්රී ලංකා සංචිතය තෝරා ගත් බවට පසුගිය මැයි 9 වන දා ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කළා.
මෙහි නායකයා ලෙස වනිඳු හසරංග කටයුතු කරන අතර උපනායක ලෙස චරිත් අසලංක නම් කර තිබේ. ඇන්ජලෝ මැතිව්ස්ද සංචිතයට එක්කර ඇති අතර දසුන් ශානකත් කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ දිනවල ශ්රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන පෙරහුරු තරගාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ජනිත් ලියනගේ සහ භානුක රාජපක්ෂ සංචිතයේ මුල් ක්රීඩකයින් 15 දෙනා අතරට නම් කර නැහැ. නමුත් ඔවුන් දෙදෙනා ම අතිරේක ක්රීඩකයින් ලෙස තරගාවලියට සම්බන්ධ වනු ඇති. එමෙන්ම දඟපන්දු යවන ක්රීඩක විජයකාන්ත් වියස්කාන්ත් ද අතිරේක ක්රීඩකයකු ලෙස සංචිතයට නම් කර තිබෙනවා.
ඒ අනුව, ශ්රී ලංකා 20යි 20 සංචිතය සඳහා තේරී ඇත්තේ වනිදු හසරංග (නායක), චරිත් අසලංක (උපනායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක,සදීර සමරවික්රම,ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස්,දසුන් ශානක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර,මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුශංකයි. එම සංචිතය සඳහා අයත් වන අතර අතිරේක ක්රීඩකයන් සඳහා අසිත ප්රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ නම් කර තිබුණා. එම නිවේදනය මෙතනින්.
මේ අතර ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්රී ලංකා සංචිතය නම් කිරීම වෙනුවෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනය විශේෂ වීඩියෝවක් ද නිකුත් කරනු ලැබීය. එහිදී ක්රිකට් ලෝලීන් විසින් මෙවර ශ්රී ලංකා සංචිතයට ඇතුලත්වී සිටින ක්රීඩකයින් හඳුන්වා දෙනු ලැබුවා.
Our squad for the ICC #T20WorldCup 2024 is here!
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) May 9, 2024
It's time to unleash the claws!
Are you ready to roar with the #LankanLions ? https://t.co/NCXPQGUX81
මීට පෙර එක්දින ජාත්යන්තර තරඟවලදී දක්ෂතා දක්වා ඇති, නමුත් T20 ජාත්යන්තර තරඟයක් මෙතෙක් ක්රීඩා කර නොමැති යොවුන් තුන් ඉදියව් ක්රීඩක දුනිත් වෙල්ලාල මෙම සංචිතයට ඇතුල් වීම පිළිබඳව ESPN Cricinfo වාර්තා කලේ මෙලෙසින්.
එසේම බංගලාදේශය, පකිස්ථානය සහ නෙදර්ලන්තය හැරුණ විට අනෙකුත් සියලුම T20 ලෝක කුසලානයට සහභාගී වන රටවල් සිය සංචිත නම් කර තිබෙනවා. එම තොරතුරු මෙතනින්. ICC T20 පිරිමි ලෝක කුසලාන තරඟාවලියේ ශ්රී ලංකාවේ ජුනි 03 වැනිදා දකුණු අප්රිකාව සමඟින් සිය පළමු තරඟයට සහභාගී වීමට නියමිතයි. ශ්රී ලංකා පිලේ තරඟ කාලසටහන මෙලෙසින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp



