Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK:ශ්‍රී ලාංකික පුරුෂයන්ට ස්ත්‍රීන් දෙදෙනෙකු සමග විවාහ වීමට අවසර ලබාදෙන කෙටුම්පතක් ?

    2021-12-21
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    Photo Credit Flickriver සමාජ ජාලා තුල ව්‍යාප්ත වන ඇතැම් සටහන් කිසිදු පදනමකින් තොර සම්පූර්ණ ව්‍යාජ තොරතුරු මත පදනම්වූ ඒවාය.මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර

    Photo Credit Flickriver

    සමාජ ජාලා තුල ව්‍යාප්ත වන ඇතැම් සටහන් කිසිදු පදනමකින් තොර සම්පූර්ණ ව්‍යාජ තොරතුරු මත පදනම්වූ ඒවාය.මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ ලේඛනයක ඡායාරූපයකි මේ.මෙමගින් හගවා තිබුණේ ශ්‍රී ලාංකික පුරුෂයන්ට කාන්තාවන් දෙදෙනෙකු සමගින් විවාහ විවාහවී එක්වර විවාහක බිරින්දෑවරුන් දෙදෙනෙකු ලග තබාගැනීමේ හැකියාව ඇති කරන නීති කෙටුම්පතක් මේ වන විට සකසා ඇති බවයි.

    Facebook | Archived 

    මේ සම්බන්ධයෙන් පළව තිබූ අදහස් කිහිපයකි මේ .

    මෙහි පවතින කුතුහලය දනවන ස්වභාවය නිසා මේ පිළිබදව ගවේෂණයක් සිදු කිරීමට අප තීරණය කළා. 

    Fact Check(සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප මුලින්ම සිදුකලේ මෙවැනි කෙටුම්පතක් සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇතිද යන කාරණයසොයා බැලීමයි.එහිදී අපට දැකගන්නට ලැබුණේ එවැන්නක් සිදුවී නොමැති බවයි.

    ඉන්පසුව අප විසින් කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන ,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් විවාහයන් සා සම්බන්ධ මෙවැනි කෙටුම් පතක් අමාත්‍යවරයා විසින් සකස් කර ඇද්දැයි විමසා සිටියා .එහිදී ඔහු පැවසුවේ මෙම සමාජ ජාලා සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.එමෙන්ම මෙම ලේඛනයෙහි අමාත්‍යාංශ නාමය පවා සටහන්ව ඇත්තේ වැරදි සහගතව බවත් ඔහු පවසා සිටියා.

    අප සමග තවදුරටත් අදහස් දැක්වූ මාධ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ අමාත්‍යවරයා විසින් මෙම සිදුවීම පිළිබදව පොලීසියට පැමිණිලි කර මෙම ව්‍යාජ ලේඛණය සකස් කල අය සොයා ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදුකළ කරුණු විමසා බැලීම අනුව තහවුරු වූයේ ලංකාවේ එක් පිරිමියෙකුට කාන්තාවන් දෙදෙනෙක් සමග විවාහවී පවුල් ජීවිතයක් ගත කිරීම සදහා නීති සම්පාදනය සිදු කෙරෙන නීති කෙටුම්පතක් මෙතෙක් සම්පාදනයවී නොමැති බවයි.ඒ අනුව සමාජ ජාලවල පැතිරෙන ලේඛනය උපහාසාත්මක කෝණයෙන් පළකල  සම්පූර්ණ අසත්‍ය එකකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.